කලා ඔයේ වතුර මුහුද යටින් කල්පිටියට යන හැටි.
මුහුදු පතුලේ එලූ නළ මාර්ගයක් හරහා කලා ඔයේ ජලය පිරිපහදු කර කිලෝමීටර් හතරක දුරක් කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජල සම්පාදන අමාත්‍යංශය සඳහන් කරනවා.
කල්පිටිය යනු ලංකාවේ බොහෝ එළවළු වර්ග වගා කළ හැකි ප්‍රදේශයක් මෙන්ම ගල් අඟුරු, සුළං සහ සෝලා බලාගාර හරහා රටේ ජාතික විදුලි පද්ධතියට 66% ක විදුලි ධාරිතාවක් දැනටමත් ලබාදෙන ප්‍රදේශයක්.
එමෙන්ම ලංකාවේ ලුණු නිෂ්පාදනය 50% කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේත් කල්පිටිය අයත් ප්‍රධාන පුත්තලම දිස්ත්‍රික්කයෙන්.
කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය නොමැතිකම විශාලතම ගැටලුව ඇති අතර ඒ, වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිතයි.
ඒ හේතුවෙන් පසුගියදා කල්පිටිය මජ්ජිත් කුෆා මුස්ලිම් පල්ලි භූමියේ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කරමින් නැනෝ තාක්ෂණික ප්‍රති ආශ්රිත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබෙනවා.
නමුත් කලා ඔයේ සිට මෙලෙස ජලය පිරිපහදු කර කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළ ක්ෂණිකව කළ නොහැකි බවත් ඒ සඳහා විශාල පිරිවැයක් මෙන්ම ශ්‍රමයක් දැරීමට ද සිදුවන බවත්, ඉදිරි වසර කිහිපය තුළ මෙය සම්පූර්ණ වශයෙන් අවසන් කළ හැකි බවත් අමාත්‍යාංශය පවසනවා.