උපන් ඇඳුමින් ඔස්කාර් වේදිකාවට ආ ජෝන් සීනා. - (VIDEO)

Hollywood Oscars
By Wayomi Mar 11, 2024 06:27 AM GMT
Report

ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළුවෙක් තමයි ජෝන් සීනා කියන්නේ.

ඉතින් මෙවර 96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි කීමට, වේදිකාවට පැමිණ ඇත්තේ ඔහු.

W.W.E රෙස්ලිං තරුවක් ද වන 46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පැමිණියේ නිරුවතින් වීම විශේෂත්වයක් වන අතර එය කාගේත් මවිතයට මෙන්ම හාස්‍යයට ද ලක්ව තිබෙනවා.

මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙල ඉදිරිපත් කළ නිවේදකයා හාස්‍ය නිවේදකයකු වන ජිමී කිමෙල්ය.