නව රැකියා අවස්ථා ලක්ෂ 03ක්..දැන්ම සූදානම් වන්න..
Sri Lanka
By Aruna
2024දී තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා ලක්ෂ 3ක් හඳුන්වා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කර තිබෙනවා.
ඊට අමතරව එම වසරේදී (2024) තොරතුරු තාක්ෂණ අංශයේ නව ව්‍යවසායකත්ව අවස්ථා 1000ක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද මෙම රැකියා සංඛාව උත්පාදනය වන්නේ ඒ අනුව බව ද තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කර ඇත.
මෙම නව ව්‍යාවසායකයන්ට ආරම්භක අවස්ථාවේ සිට මූල්‍ය තාක්ෂණික පුහුණුව උපදේශන සේවා හා වෙළෙඳපොළ අවස්ථා ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහය වන බව ද එම නියෝජිතායතනය නිකුත් කර ඇති නිවේදනයක දක්වා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |