Nonstick pan වල ආහාර පිසීම මාරයාට අත වැනිල්ලකි.
මැටි මුට්ටියේ, වලදේ උයන කෑම වල තියෙන්නේ අමුතුම රසක්. ඒ රස ගැන දන්නෝ දනිති. දැන් ඉන්න අය නම් ගොඩක් වෙලාවට විදින්නේ අලුම්නියම් හට්ටියේ, හෝ නොන්ස්ටික් පෑන් එකේ රස.
කාර්යබහුලත්වය නිසා සහ පහසුව ගැන හිතලා දැන් ගොඩක් දෙනෙක් උයන්න භාවිතා කරන්න පුරුදුවෙලා තියෙන්නේ නොන්ස්ටික් පෑන්. අනිත් භාජන සෝද සෝදා ඉන්නවට වඩා විනාඩි 10න් 15න් නොන්ස්ටික් පෑන් එකෙන් කෑම හදාගන්න ලේසිනේ.
නමුත් ඔබ දන්නවද?
🍳 මේ නිෂ්පාදනවල ආලේපනයෙහි පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතිලීන් අඩංගු වෙනවා.
🍳 එම ආලේපනය නිසා තමයි තෙල් නොදා වුණත් ආහාර නොඇලෙන විදහට හදාගන්න පුළුවන් වෙන්නේ.
🍳 හැබැයි භාජන අධික ලෙස රත් වුණාම,පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතිලීන් වලින් පිළිකාකාරක විය හැකි විෂ වායු නිදහස් වෙනවා.
🍳 අපි ඒවාට නිරාවරණය වීමෙන් එනම්, එම දුම් ආශ්වාස කිරීම නිසා පොලිමර් දුම් උණ ඇති විය හැකි අතර, එය අධික උණ, හුස්ම හිරවීම සහ දුර්වලතා ඇති කරනවා.
🍳 මේවාට දිගු කාලීනව නිරාවරණය වීම පිළිකා, තයිරොයිඩ් වැනි දරුණු රෝගාබාධ වලට ද ගොදුරු වන බව විශේෂඥයන් පවසන්නේ.
🍳 මෙම වායූන් කුරුල්ලන්ට ද මාරාන්තිකයි.
🍳 සාමාන්‍යයෙන් පොලිටෙට්‍රාෆ්ලෝ රසායනික ආලේපනය වයර් සහ කේබල් ආලේපන, රෙදි සහ කාපට් ආරක්ෂකයන් සහ වැහි කබා වැනි එළිමහන් ඇඳුම් සඳහා ජලය කාන්දු නොවන රෙදි සෑදීමට ද යොදා ගනු ලබනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |