ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණය
ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවෙහිද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විජයගේ සංක්‍රමණයේ සිට සෑම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් ආර්යයන් විසින් ඇරඹූ ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම, උපතිස්ස ග්‍රාම, විජිත ග්‍රාම, ඌරුවෙල ජනපදය, දීඝායු, කතරගම, සදුන්ගම,මාගම, රාමගොණ්ණ, කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය, කලා ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ, ගල් ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය,වලවේ ගඟ, කැළණි ගඟ යන ගංගා මිටියාවත් ආශ්‍රිතව පිහිටා තිබේ.
වියළි කලාපයේ ගංඟා මිටියාවත් ආශ්‍රිතව ජනපද පිහිටවූ ආර්යයන්ට ජනගහනයේ වර්ධනයත් සමඟ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවීම නිසා ඔවුන් වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වූහ. එසේ වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වීමේදී එම ප්‍රදේශයේ පැවති තැනිතලාවන්හී භූගෝලීය ලක්ෂණය ආර්යයන්ගේ ප්‍රධාන බෝගය වූ වී ගොවිතැනට වඩාත් යෝග්‍ය විය. එහෙත් වියළි කලාපීය ප්‍රදේශයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී පමණි. ඒ අතර එය අඟල් 50-75ත් අතර ප්‍රමාණයේ වර්ෂාවක් විය.වියළි කලාපයට නොයෙක් කාලවල සාගත, නියඟ ආදියට මුහුණ දීමටද සිදු විය.වියළි කලාපයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී වූවත් කෘෂි කාර්මික කටයුතු වලට වසර පුරා ජලය අවශ්‍ය වූයෙන් එම වසරකට වරක් අතිරික්තව ලැබුණු ජලය සුරක්ෂිතව ගබඩා කරගෙන පරිහරණය කිරීමට සිදුවිය.එම අරමුණෙන් යුක්තව වැව් ඉදි කිරීම ඇරඹි බව පැහැදිලිය.
මහ සයුරට සම කළ හැකි තරමේ විශාලත්වයෙන් යුත් වැව් ඉදි කිරීමට කිසිදු බියකින් හා සැකයකින් තොරව සිංහල වාරිමාර්ග ශිල්පීන්ට හැකි වූයේ බිසෝ කොටුව නිර්මාණය ඔවුන්ට තිබූ හැකියාව නිසාය. රටේ ජනගහනය වැඩිවීම නිසා වැඩි වශයෙන් ආහාර නිෂ්පාදනය කිරීමට එවකට රජවරුන්ට සිදු විය. රටේ දුර්භික්ෂවලට ඔරොත්තු දෙන ආකාරයේ වගා කටයුතු සිදු කර රට සහලින් ස්වයං පෝෂිත කිරීම එදා සිටි සෑම රාජ්‍ය පාලකයකුගේම අභිප්‍රාය විය. ගැන වංශකතාවල සඳහන්ව ඇත. එමෙන්ම ධාතුසේන රජු විසින් කරන ලද කලා, බලලු වැව් ප්‍රධාන වැව් දහ අටක් ගැන ද සඳහන් වේ. කලා වැවේ සිට සැතපුම් 54 දිග ජය ගැනනම් වූ මහා ඇළ මාර්ගය ද දෙවන මුගලන් රජු විසින් කරන ලද පත්තපාපුණා නම් වූ දැනට නාච්චාදූව නමින් හඳුන්වනු ලබන වැව ද පදවිය වැව ද මහා පරිමාණයේ නිර්මාණයන්ය.
අග්බෝ රජු (575 – 608) විසින් ද මිහින්තලය, කුරුන්නදී හා හිරිවඩුන්න යන වැව් ද මිණිපේ හා මින්නේරිය නම් ඇළ මාර්ගයක් ද හෙළ වාරි තාක්ෂණයේ මහිමයන් ලෙස හැඳින්වේ. ක්‍රි.ව. තුන් වන හා හත් වන සියවස අතර කාලය ඇතුළත ඉදිවුණු මහා පරිමාණයේ වැව් වැව් සංඛ්‍යාව තිස්පහක් පමණ වේ. අනුරාධපුර යුගයේ අවසාන කාලයේ සිට දොළොස් මහ වෑතැන් නමින් හැඳින්වුණු අතිවිශාල වැව් දොළොසින් වැඩි ගණනක් ඉදි වූ බව පෙනේ. එකල වැව් දියෙන් ලත් අස්වැන්න භික්ෂූන් වහන්සේලාගේ පාරිභෝජනය සඳහා ලබා දුන් බව සෙල්ලිපිවලින් හෙළි වෙයි.
පළවන ගජබාහු (ක්‍රි.ව. 1026 _ 1042) රජුගේ පාලුමැකිච්චාව ගිරිලිපියේ වාරි කර්මාන්තය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්ම අඩංගු වේ. එමෙන්ම ථූපාරාමයේ භික්ෂු සංඝයාට සිව්පස ලබා ගැනීම සඳහා (පාරිභෝජනය) කිරීම සඳහා පූජා කළ බවයි. මෙයින් අපට පෙනී යන වැදගත් කරුණක් වන්නේ එදා සිටි රජවරු රට කෘෂිකර්මාන්තය අතින් දියුණු කිරීමට පමණක් ප්‍රථම ස්ථානය ලබා දුන් බවත් ඒ හා සමානව ආගම දහමටද සැලකු බවත් මේ ලිපි තහවුරු කෙරේ. සිංහල වාරි තාක්ෂණය අනුව කලින් කලට වැව් හාරා ඒවායේ රොන්මඩ ඉවත්කිරීම සඳහා ද රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බව පාලුමැකිච්චව ගිරි ලිපියෙන් සනාථ වේ. ක්‍රි.ව. තුන් වන සියවසේ සිට හත් වන සියවස දක්වා වූ යුගයේ දී මෙරට බිහිවුණු වාරිකර්මාන්ත දෙස බලන විට ඒ යුගය ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකිය හැකිය.
මේ දීප්තිමත් යුගය දෙවන අග්බෝ රජුගේ අභාවයෙන් අවසන් විය. මේ රජුගේ ඇවෑමෙන් අවුරුදු හැටක් පමණ කාලයක් තුළ රටේ පැවැති වියවුල් නිසා මෙහි අලුතෙන් කිසිම වාරිකර්මාන්තයක් ඉදි වූ බව නොපෙනේ. එවකට පැවැති වාරි ජලාශ ද සිවිල් යුද්ධ හේතුකොට ගෙන අභාවයට පත්විය. හත් වන සියවසේ දී මානවම්ම (684 – 718) අනුරාධපුරයේ රජවීමෙන් රටේ යළි සාමකාමී වාතාවරණයක් ගොඩනැඟිණි. එසේ වුවත් අලුතින් වාරිකර්මාන්ත බිහිකිරීමට අවස්ථාවක් උදා නොවුණි. එහෙත් නටබුන් වී ගොස් තිබුණු වැව් කිහිපයක් මේ රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. මානවම්ම රජුගේ රාජ්‍ය කාලයෙන් පසුව දහ වන සියවසේ අවසානය තෙක් බොහෝදුරට රටේ සාමය පැවතිණි. එම කාලයේ ඉදි වූ බව පෙනෙන්නේ වැව් කිහිපයක් පමණි.
සිංහල ඉංජිනේරුවන්ට වාරි තාක්ෂණය පිළිබඳ තිබුණු නිපුණතාවය උයන්වලට හා ආශ්‍රමවලට ජලය ගෙනයාමේදී උපයෝගීකරගෙන ඇති බව පෙනෙයි. අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් රජවරුන් පවත්වාගෙන ගිය බවට විශ්වාස කරන රන්මසු උයනට ජලය සපයන ලද්දේ තිසා වැවෙනි. තිසා වැවේ සිට උමං ජල පද්ධතියකින් මේ උයනේ පොකුණු කරා ජලය සපයා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන ලද ගවේෂණයක දී හෙළි වී තිබේ. රාජකීය ස්නානය කරන ලදැයි සැලකෙන කෙළගෙය පිහිටි ගෘහය ආසන්නයේ ඇති පොකුණට ද ජලය සැපයෙන්නේ මේ උමං ජල පද්ධතියෙනි. පොකුණට ගලා එන ජලය පෙරීම සඳහා බිසෝකොටුවක් වැනි ක්‍රමයක් භාවිත කර තිබුණු බවට සාක්ෂි ඇත. මේ රාජකීය උයනේ ඇතුන් දිය නාන කැටයමින් යුත් පොකුණට ද අනෙකුත් පොකුණුවලට ද ජලය සපයා ඇත්තේ මේ ජල පද්ධතියෙනි. අනුරාධපුරයේ ආශ්‍රම ආශ්‍රිතව ඇති පොකුණුවලටද වාරි තාක්ෂණය උපයෝගී කරගෙන පැරැන්නන් විසින් ජලය සපයා ඇති බව පෙනෙයි. අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයේ දක්නට විවිධ ප්‍රමාණයේ පොකුණු වලට ද ජලය සපයා ඇත්තේ උමං ජල පද්ධතියක් උපයෝගී කරගෙනය.
අභයගිරි විහාර සංකීර්ණයේ ඇති දැවැන්ත ප්‍රමාණයේ ඇත් පොකුණට ජලය සපයා තිබෙන්නේ බසවක්කුලම වැවෙනි. භිකෂූන්ගේ ස්නානය සඳහා යොදාගෙන ඇති මේ පොකුණට උමං ජල පද්ධතියකින් ජලය සපයා තිබේ. එම ජලය පොකුණු තුළට ගලා ඒමට පෙර කුඩා ප්‍රමාණයේ බිසෝ කොටුවකින් පෙරී ඒමට පැරණි වාරිමාර්ග ඉංජිනේරුවන් කටයුතු සලසා ඇත. මේ ක්‍රමය හෙළ වාරි ශිෂ්ටාචාරයේ මහිමයක් ලෙස විද්වත්හු හඳුන්වති. ඇත් පොකුණ මෙන්ම කුට්ටම් පොකුණට ද ජලය සපයා තිබෙන්නේ ඒ ආකාරයෙනි. පොකුණට ගලා එන ජලය පරිහරණය කිරීමෙන් පසු එම ජලය ඉවත් කිරීම සඳහා ද තාක්ෂණ ක්‍රමවේදයක් තිබුණි. සිංහල වාරි ඉංජිනේරුවන් තුළ පැවති ශිල්පීය ඥානය පිළිබඳ පාකර්, බෝහියර් වැනි විද්වත්හු මවිතය පළ කරති.
වර්තමානයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිංහලයන් ලෝකයට දායාද කළ ශ්‍රේෂ්ඨ වැව් පද්ධතිය දිනෙන් දිනම විනාශය කරා ගමන් කරමින් තිබීම බෙහෙවින්ම ශෝචනීයයි. ස්වාභාවිකව පිහිටි ජල මාර්ගයකට බාධකයක් දමමින් මූලිකවම වැව් ඉදි කිරීම ඇරඹි අතර ,පසු කාලීනව එය දියුණු හා සංකීර්ණ වූ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ විශාල වශයෙන් වර්ධනය විය.මූලිකවම වියළිත ඉතා විශාල ජල ධාරිතාවක් රදවා තබාගත හැකි නිර්මාණයක් දක්වා වර්ධනය විය.ඒ අනුව ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට ජලය මැදිවන ලෙස එක් පසෙකින් බැම්මක් ඉදිකිරීමෙන් ඇරඹි වැව සදහා නවීන අංගයන් එක් වන්නට විය. ඒ අනුව වැව් බැම්ම,සොරොව්වට අමතරව බිසෝකොටුව,සළපනාව,පිටවාන ආදී වූ නවීන අංගයන් වැවට එක් විය.
වැවක කොටස් හා එහි කාර්යය අංගය කාර්යය
- වැව් බැම්ම - වැවේ ජලය රඳවා තබා ගනී
- සොරොව්ව - ජලය අවශ්‍ය ප්‍රමාණයට මුදා හරී
- සළපනාව - රළ පහරින් වැව් බැම්මට විය හැකි හානි වළක්වයි
- පිටවාන - අතිරික්තව ලැබුණු ජලය මුදා හරී
- බිසෝ කොටුව - සොරොව්ව වෙත එන අධික පීඩනය අවම කරයි
පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ලක්දිව වාරි කර්මාන්ත ඉතිහාසය එතැන් පටන් විවිධ රාජ්‍ය අනුග්‍රහයන් යටතේ සංවර්ධනය විය.එය සැකෙවින් මෙසේ පෙළගැස්විය හැක.
- පණ්ඩුකාභය රජු -බසවක්කුලම වැව (අභය වැව)
- දේවානම්පියතිස්ස රජු -තිසා වැව
- මහානාග රජු -තිස්ස වැව, වළස් වැව
- දුටුගැමුණු (දුට්ඨ ගාමිණී) රජු -සොරබොර වැව
- සද්දාතිස්ස රජු -පදවිය වැව ඇතුළු වැව් 18ක්
- ආමණ්දගාමිණී අභය රජු -මහා ගාමෙන්දි වැව
- ඉලනාග රඡු -තිස්ස වැව, දූරතිස් වැව
- සදමුහුණුතිස්ස රඡු -මනිකාලගාම වැව
- වසභ රජු -නොච්චිපොතාන වැව, හිරිවඩුන්න,කාලියවධන, මාන්නන්කැටිය,මහවිලච්චිය, කලා බළලු වැව ඇතුළු වැව් 11ක්
- මහසෙන් (මහා සේන) රජු -මින්නේරිය වැව, කවුඩුළු, හුරෑළු, මහගල් කඩවල, මහකණදරා, මාමිණියා වැව ඇතුළු වැව් 16ක් ඉදි කර ඇත.විශාලතම වාරි කර්මාන්තය වන්නෙ අක්කර 4670ක භූමියක් වැසී යන පරිදි සැතපුම් 1.25ක් දිග වැව් බැම්මකින් යුත් මින්නේරිය වැවයි.
- පළමුවන උපතිස්ස රජු -තෝපා වැව, දුඹුතුළු වැව ඇතුළු වැව් 06ක්
- ධාතුසේන රජු -කලා වැව, මානවත්තු හෙවත් යෝධ වැව ඇතුළු වැව් 18ක් ඉදි කර ඇත.විශිෂ්ඨතම නිර්මාණය වන්නේ අක්කර 6380ක භූමියක් වසා ගත් සැතපුම් 3.75ක් දිග වැව් බැම්මකින් යුත් කලා වැවයි.
යෝධ වැවේ ඇති විශිෂ්ඨත්වය වනුයේ සැතපුම් 7ක් දිග අඩි 14ක් උස වැව් බැම්ම සම්බන්ධ කිරීමට ස්වාභාවික කඳු පන්තීන් දෙකක් නොමැති වුවත් වැව් බැම්ම අර්ධ කවාකාර බැමි දෙකක් ලෙස නිමවා වැවක් ඉදි කිරීමට ලාංකීය වාරිකාර්මික ශිල්පීන් සමත්ව ඇති බැවිනි.
- දෙවන මුගලන් රජු -පත්පහණ වැව, පදවිය වැව ඇතුළු වැව් 03ක්
- පළමුවන අග්බෝ රජු -මාදුරෑ වැව, කුරැන්දවාපිය වැව, මිහින්තලේ වැව
- දෙවන අග්බෝ රජු - කන්තලේ වැව, ගිරිතලා වැව, බලාහස්ස වැව ඉදි කර ඇත.මේ අතරින් කන්තලේ වැව ලංකාවේ ගැඹුරැතම වාරි කර්මාන්තය ලෙස සැලකේ.එහි වැව් බැම්මේ ඇතැම් ස්ථානයක උස අඩි 52.5ක් පමණ වේ.
- පළමුවන විඡයබාහු රජු -බුදුගුණවාපිය වැව
- පළමුවන පරාක්‍රමබාහු රජු - පරාක්‍රම සමුද්‍රය, තෝපා, දුඹුතුළු, එරබදු, පරාක්‍රම තටාක, මහින්ද තටාක, පරාක්‍රම සාගර, ඒකහවාපී වැව ඇතුළු මහ වැව් 163ක් හා කුඩා වැව් 2376ක් ඉදි කර ඇත.මොහුගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නෙ පරාක්‍රම සමුද්‍රයයි.අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යටවන පරිදි නිර්මිත එහි බැමමේ දිග සැතපුම් 8.5ක් පමණ බවත් උස අඩි 40ක් පමණ වන බවත් සදහන්ය.
පුරාවිද්‍යා සාක්ෂි මත තහවුරැ කරගන්නා ලද වාරි නිර්මාණයන් මෙපමණ වූවත්, ඊට වඩා විශාල ප්‍රමාණයක් වැව් ලක්දිව ඉදිවන්නට ඇත.නමුත් ඒවා පිළිබදව සඳහන් නොවන්නට ඇත්තේ ඇතැම් විට ඒවා රාජ්‍ය අනුග්‍රහය මත ඉදි නොවීම හෝ ඉදි කළ නිර්මාණයන්ගේ පුරාවිද්‍යාත්මක සාධක විනාශ වී යාම නිසාවෙනි.ලංකාවේ අතීත රාජධානි මාරැවීමේදී විශේෂයෙන් පොළොන්නරැ යුගයෙන් පසු රාජධානි ඉතා සීමිත වූ කාලයක් පැවතීම නිසා පසු යුගයන් තුළ එතරම් විශාල වාරි නිර්මාණයන් සිදු නොවුණි.
මූලාශ්‍රය හා උපුටා ගැනීම - විකීපිඩියා