IMF සමඟ සාකච්ඡා කිරීමේදී අවබෝධ කරගත යුතු කොන්දේසි පිළිබඳ මාර්ගෝපදේශයන්.

Sri Lanka Economic Crisis Government Of Sri Lanka IMF Sri Lanka
By Wayomi Jul 11, 2022 08:48 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කඩා වැටුණු ආර්ථිකයත් සමඟ ඉන් සහනයක් ලබන්න කියලා හිතාගෙන ශ්‍රී ලංකාව පසුගිය දවස් වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලුවා. ඒ අනුව දැන් විස්තීරණ අරමුදල් පහසුකම (Extended Funding Facility) සඳහා සලකා බලමින් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා අන්තර්ජාලය ඔස්සේ දිගටම පැවැත්වෙන අතර ඉතාම ප්‍රශස්ත තත්වයන් යටතේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩ සටහනකට ඇතුලත්ව අරමුදල් ලබා ගත හැකි වන්නේ වසර අවසානයේදීයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත් වීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ සිට එවැනි වැඩ සටහනකට ඇතුලත් වීම දක්වා අතර කාලයේදී ගත යුතු පියවර රැසක් අනුගමනය කළ යුතු වෙනවා.

එම ක්‍රියාවලිය රටින් රටට වෙනස් වන අතර එසේ සිදු වන්නේ එක් එක් එක් රාජ්‍යයන්ගේ අවශ්‍යතා සහ ආර්ථිකය තත්ත්වය අනුවයි. විවිධ හේතු නිසා ප්‍රමාදයන් ද සිදුවිය හැකියි .  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ දී අප (ලංකාව) විසින් අවබෝධ කරගත යුතු කොන්දේසි පිළිබඳ මාර්ගෝපදේශයන්. 


? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ගෝලීය සංවිධානයකි. එහි කාර්යභාරය වන්නේ ආර්ථික සහයෝගිතාව සඳහා කාර්ය රාමුවක් නිර්මාණය කිරීමයි.ස්ථාවරභාවය අවදානම් සහගතභාවය අවම කරන සහ තිරසාර සංවර්ධනය සහ ඉහළ ජීවන ප්‍රමිති ප්‍රවර්ධනය කරන ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අරමුදල විසින් සාමාජික රටවලට උපදෙස් දෙනු ලබනවා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය සහ තාක්ෂණික විශේෂ විශේෂඥභාවය පිරිනමනු ලබන අතර ඊට යොදවනු ලබන්නේ සාමාජිකත්වය ගැනීම සඳහා රාජ්‍යය විසින් ලබාදෙන දායකත්ව මුදල්ය.

? SDR SDR හෙවත් විශේෂ ණය හිමිකම්

විශේෂ ණය හිමිකම් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් භාවිතා කරනු ලබන ගිණුම් ඒකකයක්. එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනත් සාමාජික රාජ්‍යයන් සමඟ විනිමය ලෙස හුවමාරු කර ගත හැකියි.

? ණය අවිධිමත් ලෙස පැහැර හැරීම

රටක් ණය හිමියන් වෙත දැනුම් දීමකින් හෝ අලුත් ගෙවුම් කොන්දේසි කල්තබා සාකච්ඡා කිරීමකින් තොරව ණය පැහැර හැරීම .

? විධිමත් ණය පැහැර හැරීම

තවදුරටත් ණය හා පොලී ගෙවීම් සිදුකර නොහැකි තත්ත්වයක සිටින ණය කරුවෙකු ණය පැහැර හැරීමට පෙර ණය හිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට එළඹෙන්න ඕන.

? අස්ථාවර ණය මට්ටම්

රටක් ලබා ගෙන තිබෙන සියලු ණය ආපසු ගෙවීම නිසි ලෙස කළ නොහැකි වාතාවරණයක් තිබීම (බංකොලොත්භාවය)

? ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම

මෙම ක්‍රියාවලිය ඔස්සේ කරනු ලබන්නේ ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානමට මුහුණ දී සිටින රටක ණය ආපසු ගෙවීම සම්බන්ධ කොන්දේසි නැවත සාකච්ඡා කර තීරණය කිරීමයි. එය බංකොලොත් භාවයට වඩා අඩුවෙන් භයානක ප්‍රතිඵල සහිත විකල්පයකි. එමගින් ණය ආපසු ගෙවීමේ කාල පරිච්ඡේද දීර්ඝ කරගැනීම , පොලී අනුපාතික අඩුකර ගැනීම, හෝ ණය ප්‍රමාණය අඩු කර ගැනීම සිදු කළ හැකියි.

? දේශපාලන අස්තාවරභාවය

දේශපාලනික ප්‍රචණ්ඩත්වය, අභ්‍යන්තර ගැටුම් සහ සිරි අසහනකාරී ත්වය තත්ත්වය හේතුවෙන් රජයක් බිඳවැටීමේ අවදානමේ මට්ටම.

? RFI ( Rapid Financial Instruments ) ක්ෂණික මූල්‍ය පහසුකම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එක්වරක් පමණක් ලබා දෙන මූල්‍ය සම්පාදනයක් ලෙස ක්‍රියාත්මක වන කෙටි කාලීන ණය පහසුකමක්.

? SBA (stand-by arrangement )අවශ්‍යතා පරිදි ලබා දීමට ලබාදීමට සූදානම් කර තිබෙන පහසුකම්

මෙමඟින් කෙටිකාලීන ගෙවුම් ශේෂ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයනු ලබන මධ්‍යකාලීන ණයකි. එහි ආපසු ගෙවීමේ කාල සීමාව අවුරුදු 3.5 = 5 අතර වෙනවා.

? EFF ( Extender Fund Facility ) විස්තීරණ අරමුදල් පහසුකම

මෙය මධ්‍යකාලීන ගෙවුම් ශේෂ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්න අත‍ර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සපයනු ලබන දිගුකාලීන ණයකි. එම ණය ආපසු ගෙවීමේ කාලසීමාව අවුරුදු 4.5- 10 අතර වෙනවා.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW