ඔබත් ක්ෂණික නූඩ්ල්ස් රසට ඇබ්බැහි වෙච්ච් කෙනෙක්ද? - එහෙනම් මේක බැලිය යුතුම ලිපියක්.

Healthy Food Recipes
By Wayomi May 05, 2022 05:26 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report
අද බොහෝ දෙනෙක් ක්ෂණික නූඩ්ල්ස් වලට ඇබ්බැහි වෙලා. විශේෂයෙන්ම ඒ රසට ගොඩක් අය වශී වෙලා. කොච්චර අගුණයි කිව්වත් ඔයා හිතන්නේම ක්ෂණික නූඩ්ල්ස් වලින් ශරීරයට හානි වෙන්නේ නැහැ කියලයි. ඒත් ක්ෂණික නූඩ්ල්ස් වලට පුළුවන් අප කිසි විටෙකත් නොසිතන විදිහේ සෞඛ්‍ය ගැටළු රැසක් ඇති කරන්න. එලෙස ඔයාගේ සිරුරට සිදු වන හානිය සහ බලපෑම් ගැන පර්යේෂණ වලින් හෙළි වී තිබෙනවා.

සෝඩියම් ප්‍රමාණය ඉක්මවා යෑම  

ක්ෂණික නූඩ්ල්ස් ආහාරය ගැනීමෙන් ඔයාට දිනකට අවශ්‍ය සෝඩියම් ප්‍රමාණය එක් වරකදී සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ ඔයාගේ දෛනික සෝඩියම් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ලැබෙනවා. මේ ක්ෂණික නූඩ්ල්ස් බොහෝ දුරට ලුණු,MSG සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නේ.ඒ නිසා මේවා ආහාරයට ගැනීම සීමා කරන්න.
MSG පරිභෝජනය කිරීමෙන් හිසරදය, ඔක්කාරය, අධි රුධිර පීඩනය, දුර්වලතාවය, මාංශ පේශි තද බව, පපුවේ වේදනාව, හෘද ස්පන්දනය සහ සමේ රතු පැහැය වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා.

සිරුරේ වැඩි ජල ප්‍රමාණයක් රැඳීම

විටමින්, තන්තු සහ ඛනිජ වැනි පෝෂණ ගුණද ක්ෂණික නූඩ්ල්ස් වල අඩංගු වන්නේ නැහැ. ඒ වගේම ඔයා ඒවා අනුභව කරන විට වැඩි ජල ප්‍රමාණයක් ශරීරයේ රඳවා ගන්නවා. ඒ ක්ෂණික නූඩ්ල්ස් වල අඩංගු රසකාරක හේතුවෙන්. ඒ නිසයි ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීමෙන් පසු අධික ලෙස පිපාසය ඇති වන්නේ. සාමාන්‍ය නූඩ්ල්ස් හා සසඳන විට ක්ෂණික නූඩ්ල්ස් ආමාශය තුළ වැඩි වෙලාවක් රැඳී තිබෙනවා. මේ හේතුව නිසා ඔයා අසනීප වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

බෝ නොවන රෝග

පර්යේෂණ වලින් අනාවරණය වී ඇති කරුණු වලට අනුව නම් ක්ෂණික නූඩ්ල්ස් සතියකට දෙවරක් තුන්වරක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා වැනි බෝ නොවන මාරාන්තික රෝග තත්වයන් ඇති වීමේ අවදානමක් තියෙනවා. මේ අවදානම වැඩි වශයෙන් පවතින්නේ කාන්තාවන්ටයි. ඊට අමතරව ඇස් පෙනීම දුර්වල වීමද ඇතිවිය හැකියි. ඒ වගේම ක්ෂණික නූඩ්ල්ස් පාරිභෝගිකයින්ගේ ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් සී, පොස්පරස්, යකඩ, නියාසින් සහ විටමින් A සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවද පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. මේ නිසා ක්ෂණික නූඩ්ල්ස් වූවත් පිළියෙළ කිරීමේදී එහි අඩංගු රසකාරක පැකට්ටුව එකතු නොකර නැවුම් එළවලු, රසකාරක එකතු කරගන්න.