මේ දිනවල ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන මාරාන්තික ඉන්ෆ්ලුවෙන්සා A ගැන දැනුවත් ද?
Covid 19 වලින් පස්සේ මේ දිනවල ලංකාව පුරා යළි ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පටන් අරන්. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය ආශ්‍රිතව වැඩි ව්‍යාප්තියක් දකින්න ලැබෙනවා. ඒ වගේම ඊයේ දිනයේ රෝගීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා. ඉන්ෆ්ලුවෙන්සා රෝගය එකම ආකාරයකට සමාජයේ පැතිර නොයන විවිධාකාර මුහුණුවරකින් එළිබහින රෝගයක්. ඒ නිසා ඉන්ෆ්ලුවෙන්සා රෝගය මර්දනය කිරීම යම්තාක් දුරකට අපහසු වෙන්න පුළුවන්.
ඉන්ෆ්ලුවෙන්සා
? ඉන්ෆ්ලුවෙන්සා A කියන්නේ ඉතාම වේගයෙන් බෝ වන ශ්වසන රෝගයක්. මෙය වෛරස් එකක්.මෙහි A, B සහ C යනුවෙන් ප්‍රභේද තුනක් හඳුනාගෙන ඇති අතර ඉන්ෆ්ලුවෙන්සා C ප්‍රභේදයට වඩා A සහ B ප්‍රභේද දෙක ටිකක් දරුණුයි. මේ වන විට රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉන්ෆ්ලුවෙන්සා A.
? මෙම වෛරසයට ගර්භනී කාන්තාවන්, ළදරුවන් හා වයස්ගත වූ අය එනම් ප්‍රතිශක්තිය අඩු අය ගොදුරු වුවහොත් අනෙක් පිරිසට සාපේක්‍ෂව තරමක් අසාධ්‍ය තත්වයට පත් වෙන්න පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා C ළමුන් තුළ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝගයක් පෙන්නුම් කරන අතර A සහ B හැදුණොත් උණ ඇතුළු දරුණු ගණයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
? ඒ සඳහා කළ යුත්තේ අවුරුද්දෙන් අවුරුද්දට පැමිණෙන වෛරසයේ ස්වභාවය අනුව එන්නත් වෙනස්කම්වලට භාජනය කිරීමයි.
? 1918 වර්ෂයේ දී මෙම වෛරසය හඳුනා ගත් අතර කාලෙන් කාලෙට ලොව පුරා හෝ යම් යම් ප්‍රදේශවල පැතිරිම සිදු වෙනවා.
? ඉන්ෆ්ලුවෙන්සා A සහ B යන වෛරස විශේෂයෙන්ම හඳුනා ගෙන ඇත්තේ සීතල රටවල පැතිරන වෛරසයක් ලෙසයි. මේ නිසා විදේශීය රටවල් බොහොමයක් ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිශක්තිකරණ වෛරසය ලබා දෙනවා.
ඇත්තටම මොකක්ද මේ "ඉන්ෆ්ලුවෙන්සා A "
? මිනිසුන්ට ආසාදනය වන ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය කුරුල්ලන් (කුරුළු උණ ඇති කරන) සහ ඌරන් (සූකර උණ ඇති කරන) ඇතුළු සතුන් තුළ ආසාදනය වන වෛරසයක් ලෙසයි සැලකෙන්නේ.
කුරුළු උණ
? කුරුළු උණ ලෙස හඳුන්වන, ප්‍රධාන වශයෙන් පක්ෂීන්ට බලපාන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A (H5N1) උප වර්ගයක්. මෙම වෛරසය මිනිසුන් තුළ බරපතල ආසාදන හා මරණ පවා ඇති කිරීමට සමත් වෙනවා.
සූකර උණ
? සූකර උණ යනු ඌරන් තුළ ඇති ඉන්ෆ්ලුවෙන්සා A වෛරස් වර්ගයකි. 2009 දී, H1N1 නමින් හැඳින්වෙන උණ වෛරස් වික්‍රියාවක් මිනිසුන් තුළ ශ්වසන ආසාදන ඇති කළ අතර එය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වී වසංගතයක් බවට පත්වුණා.
? 1918 උණ වසංගතය ද ඉන්ෆ්ලුවෙන්සා A H1N1 වෛරසයකින් ඇති වූවක්
රෝග ලක්ෂණ
? උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව
? - හිසරදය සහ මාංශ පේශි වේදනාව
? තෙහෙට්ටුව සහ සිරුරේ දුර්වල බව
? කිවිසුම් යාම
? - නාසය හිරවීම හෝ දියර ගැලීම
? උගුරේ අමාරුව සහ කැස්ස
? උදර වේදනාව, ඔක්කාරය හා වමනය
? පාචනය
බෝ වන ආකාර
? නිරෝගී පුද්ගලයකු සෘජුවම රෝගී පුද්ගලයෙකුට නිරාවරණය වීම.
? වෛරසය වැළඳී ඇති අයකු පරිහරණය කළ භාණ්ඩ පරිහරණය කිරිම.
? ආසාධිත බිඳිති ආග්‍රහණය කිරීම.
? ආසාධිත බිඳිති ආග්‍රහණය කිරීම
ප්‍රතිකාර සහ බෝ වීම වළක්වා ගන්න කොහොමද?
? වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම
? නිවසේ විවේක ගැනීම
? කහින විට ටිෂූ එකක් භාවිතා කරන්නේ නම් එය තැන තැන නොදමා නියමිත ලෙස කසල බඳුන්වලට දැමිය යුතු අතර ලේන්සුවක් භාවිතා කරන්නේ නම් නියමිත ලෙස පිරිසිදු කළ යුතුයි.
? අනවශ්‍ය ගමන් බිමන් යාම, අධික සෙනග ගැවසෙන ස්ථානවලින් ඈත් වී සිටීම කළ යුතුයි.
? විශේෂයෙන් නිතර නිතර රෝහල්වලට යාම අවම කරන්න.
? පොදු ප්‍රවාහන සේවාවලින් ගමන් බිමන් යාම හැකිතාක් අවම කරන්න
? යම් ආකාරයකින් ඔබ රෝගයට ගොදුරු වුවහොත් නිවසට වී කාලය ගත කරන්න.
? කොරෝනා වලට පරිස්සම් වුණා වගේම පරිස්සම් වෙන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |