නාද්දී කනට යන වතුර ඉවත් නොකළොත් සිදු වන දේ මෙන්න.
නාද්දී, පිහිනද්දී ගොඩක් අයගේ කනට වතුර යනවා. ඒවා ඉබේම කනෙන් ඉවත්වෙලා ගියත් සමහර විට ටික වෙලාවක් හෝ දවසක් දෙකක් කන තුළ රැඳීලා තියෙන්න පුළුවන්. හැබැයි එහෙම තියෙන එක එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි. මොකද, අපේ කන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කිරීමට ආරක්ෂණ යාන්ත්‍රණයක් තිබෙනවා. වතුර නිසා ඒකට හානිවෙලා කනේ ආසාදන තත්වයන් ඇති විය හැකියි.
ජලය රැදුණු කනේ ඇති වන ආසාදන තත්වයන්.
👂 කන ඇලෙහි කැසීම සහ වේදනාව ඇතිවීම
👂 කණෙන් සැරව ගැලීම
👂 උණ සහ බෙල්ලේ වේදනාව
👂 ඇසීම අඩුවීම
👂 මුහුණේ සහ ගෙලේ වසා ගැටිති ඉදිමීම
ගෙදරදීම කනේ ජලය ඉවත් කරගන්න හැටි.
1.
👂 හිස එක පැත්තකට ඇල කර කන අත්ල මත තබන්න
👂 දැන් අත්ලෙන් කන පිටුපසට තල්ලු කරන්න
👂 යළි හිස පහළට ඇල කර අත්ල අත හැර කනේ තියෙන ජලය ඉවතට දමන්න
2.
👂 වතුර පිරුණු කන ටිකක් ඇල කර ඊට වතුර ස්වල්පයක් දාන්න
👂 අත්ලෙන් එම කන වසා ගන්න.
👂 දැන් අත ඉවතට නොගෙන කන පහතට හරවන්න
👂 කනට පිරවූ ජලය සමඟ එහි රැඳී තිබූ ජලයත් පිටතට ගලා එයි.
3.
👂 වතුර පිරි කන ඇල කර එම පැත්තට නිදාගන්න.
👂 හිමින් සැරේ කනේ වතුර ටික ඉවත් වී යයි.
4.
👂 බලපෑමට ලක් වූ කනට ඔලිව් තෙල් බින්දු කිහිපයක් වත් කරන්න.
👂 ටික වෙලාවක් එලෙස සිටින්න. පසුව හිස ඇල කර ඒවා ඉවත් කරන්න.
මෙම ක්‍රම කිහිපය අනුගමනය කළොත් නම් කනේ රැඳී ඇති ජලය පහසුවෙන්ම ඉවත් කරගන්න පුළුවන්. හැබැයි දින දෙකකට හෝ තුනකට වඩා වැඩි කාලයක් කනේ ජලය සිරවී ඇත්නම්, කනේ නිතරම වේදනාවක් දැනෙනවා නම්, ඇසීම අඩු නම්, කන ඉදිමී සැරව ගලනවා නම් හෝ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |