තත්පර 10කින් ඉක්කාව නවත්වන හැටි

By Wayomi May 23, 2022 12:30 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඉක්කාව අපිට ඕනෑම වේලාවක ඇති වෙන්න පුළුවන් ශාරීරික තත්වයක්. “ඉක්කයි මායි ගාලු ගියා - ඉක්කා දාලා මං ආවා” කියලා පොඩි කාලේ ඔබ කියලත් ඇති. මෙය රෝගී තත්වයක් නෙවෙයි. හැබැයි ඇතැම් අවස්ථා වලදී එය රෝගී තත්වයක් වෙන්නත් පුළුවන්. ඉක්කාව බරපතල නොවූවත් ඉතා කරදරකාරී විය හැකියි.

ඉක්කාව ඇති වන්නේ ඇයි?

ඉක්කාව ඇතිවෙන්නෙ මහාප්‍රාචීර පේශියේ (diaphragm) ඇතිවෙන පේශි ගැස්මක් හේතුවෙන්. මේ මහාප්‍රාචීරය මගින් තමා අපේ පපු කුහරය උදර කුහරයෙන් වෙන් කරන්නේ. මේ පේශි භ්‍රාශය නිසා අපි ගන්න හුස්ම ස්වර තන්ත්‍රවලදී ක්ෂණික නැවතීමකට ලක් වෙනවා. අන්න එතකොට තමා ඉක්කාව නමින් හඳුන්වන “ඉක්” ශබ්දය පිටවෙන්නේ.

ඉක්කාව ඇතිකරන ප්‍රධානතම හේතුව වෙන්නෙ අධිකව පිරුණු උදරය. ඉක්මනින් අනවශ්‍ය තරම් ආහාර ප්‍රමාණයක් ගිල දැමීම, අධික මත්පැන් පානය හා අමාශයේ හුළං පිරීම ඊට හේතු වෙන්න පුළුවන්.

දීර්ඝ කාලීන ඉක්කාවක් නිසා ඇති විය හැකි රෝග

- මධ්‍ය ස්නායු පද්ධතියේ ඇතිවන ආබාධ. උදා:-පිළිකා තත්ත්ව, ආසාදන, ආඝාත තත්ත්ව හෝ අනතුරු.

- සිරුරේ රසායනික ක්‍රියාවලීන්ගේ ඇතිවෙන වෙනස්කම්. උදා:-අක්මාවේ ක්‍රියාකාරීත්වය ඉහළ යාම.

- හිසේ, බෙල්ලේ හෝ පපුවේ පවතින ස්නායු උද්දීපනයට පත්වීම (සාරිකා ස්නායුව හෝ ප්‍රේණික ස්නායුව)

- යම් යම් මානසික ආබාධ තත්ත්ව  


ඉක්කාව සුව කරන්නේ කෙසේද? 

සමහර ඉක්කා තත්ත්ව මිනිත්තු කීපයක සිට පැය කීපයක් දක්වා කාලයකදී ඉබේම නැති වෙලා යනවා. මේවායින් ගොඩක් වෙලාවට වෙන්නෙ රැධිරගත කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ නැංවීම.

- හුස්ම අල්ලාගෙන සෙමෙන් දහයට ගණන් කිරීම

- ශීතකළ වතුර වීදුරැවක් වේගයෙන් පානය කිරීම

- සීනි හෝ පැණි හැන්දක් ආහාරයට ගැනීම, නැත්නම් දිව යට තියාගන්න දිය වෙනකන්.  

Gallery