පරිගණකය Physical damages වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද?
ගොඩක් දෙනෙකුගේ දෛනික ජීවිතයේ වැඩි හරියක් ගෙවෙන්නේ පරිගණකයත් සමඟ. ඉතින් නිතර නිතර laptop එකේ හෝ desktop එක සමඟ ගැටෙද්දී ඒවායේ බහිරව සහ අභ්‍යන්තරව Physical damages එනම් භෞතික හානි සිදු වෙන්න පුළුවන්. ඉතින් මෙහිදී ඔබේ පරිගණකයට සිදුවිය හැකි Physical damages මොනවද? ඒවායින් පරිගණකය ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා බලමු.
සිදු විය හැකි හානි
⚠️ Broken or cracked LCD screens
⚠️ Impact or pressure damages
⚠️ Liquid and food spills
⚠️ Broken or fractured hinges and casing
⚠️ Over-heating of internal components
⚠️ Stuck power button
⚠️ Bent or stuck DVD drive
⚠️ Damaged cables and ports
⚠️ Broken keyboard and touch pad
⚠️ Damaged connectors or bezels
⚠️ Hard drive and other mechanical issues
⚠️ Other environmental damages
හානි වළක්වා ගන්නේ කොහොමද?
♻️. ආහාර සහ දියර ඔබේ පරිගණකයෙන් ඈත් කරන්න. පරිගණකයේ වැඩ කරන අතරතුර ආහාර ගන්න එපා. කෑම වල කෑලිබෑලි key board මත හැලුනොත් ඒවාට කූඹි වැනි සතුන් ඇදිලා එන අතර ඔවුන් key board එකට laptop එක ඇතුලට ගිහින් RAM එක, Hard එක වගේ දේවල් damage කරනවා.
♻️. පිරිසිදු දෑතින් ඔබේ පරිගණකය භාවිතා කරන්න. මොකද විවිධ පැල්ලම් වර්ග, විෂබිජ ඔබේ පරිගණයක සහ අදාළ උපකරණ වල තැවරෙන්න පුළුවන්. ඒ නිසා පරිගණකය භාවිතා කිරීමට පෙර සබන් හා වතුරෙන් ඔබේ දෑත් පිරිසිදු කර වියළා ගන්න.
♻️. ඔබේ LCD තිරය ආරක්ෂා කරන්න. laptop එකක් නම් වසා තබන විට key board එක මත ඇති රළු අංශු, එනම් දුහුවිලි, කෑම කුඩු වර්ග, වගේ දේවල් ඉවත් කරන්න. මොකද ඒවා මඟින් screen එක සීරෙන්න පුළුවන්.
♻️. ඒ වගේම laptop එක වසා දමද්දී පරිස්සමෙන් සහ සෙමින් වසන්න. තරහ ගිහන් හෝ හදිසියෙන් වසා දමන්න එපා. එලෙස screen එක මත අනවශ්‍ය පීඩනයක් එක් වන විට screen එක කැඩෙන්න, නැමෙන්න, පුපුරන්න පුළුවන්.
♻️. ඔබේ සුරතල් සතුන් සිටින කාමරයක ඔබේ පරිගණකය භාවිතා කිරීමෙන් වළකින්න. ඔවුන් පරිගණක screen මතට පනින්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ ලොම් සහ හිසකෙස් ඔබේ පරිගණකය තුළට ගිහින් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සමඟ ගැටලු ඇති විය හැකියි.
♻️. ඔබගේ laptop පරිගණකය වේගවත් උෂ්ණත්ව වෙනස්වීම් වලට නිරාවරණය නොකරන්න. විශේෂයෙන්ම හිරු එළියෙන් රත් වීමට නිරාවරණය නොකරන්න.
♻️. ඔබේ ලැප්ටොප් පරිගණකය මත බර ද්‍රව්‍ය තබන්න එපා. පෙළපොත්, ස්පීකර් සහ ආහාර තැටි වැනි බර භාණ්ඩ තිබීම පියන සහ තිරය මත අනවශ්‍ය පීඩනයක් ඇති කරන අතර තිර ඉරිතැලීමකට හෝ ක්‍රියාකාරී නොවන යතුරුපුවරුවකට හේතු විය හැකියි.
♻️. ඔබේ ලැප්ටොප් පරිගණකය නිතරම පිරිසිදු කරන්න. හැබැයි ආවට ගියාට පිරිසිදු කරන්න යන්න එපා. ඔබේ හිතුමනාපෙට santizer හෝ වෙනත් liquid වර්ග භාවිතා කරන්න එපා. පරිගණක පිරිසිදු කරන්න ඊට වෙනම cleaning tools තියෙනවා. ඒ නිසා තමයි දන්න කියන කෙනෙකුගෙන් උපදෙස් සහ සහය ලබගන්න.
♻️. උපාංග උපාංග නිවැරදි port වලට සම්බන්ධ කරන්න. වැරදි port වලට සම්බන්ධ කළොත් පරිගණකයට හානි වෙන්න පුළුවන්. අවිනිශ්චිත නම්, ඔබේ පරිශීලක අත්පොත බලන්න.
♻️ . ඔබේ ලැප්ටොප් පරිගණකය ඇඳ මත භාවිතා කිරීමෙන් වළකින්න. දූවිලි හා සුන්බුන් පද්ධතිය තුළට ඇදී යන්න පුළුවන්. පරිගණකය පිරිසිදු, පැතලි මතුපිටක් මත තබන්න.
♻️. ඔබේ laptop එක මෝටර් රථය තුළ තබන්න එපා. කාලගුණය අනුව මෝටර් රථ අධික ලෙස රත් වෙද්දී laptop එකට හානි වෙනවා.
♻️. පරිගණකය, laptop එක භාවිතා කරලා ඉවර වෙලා පිරිසිදු කරලා බෑගයට දාලා පරිස්සමට අරන් තියන්න. මොකද ඔබ නොදැනුවත්ව වෙනත් අයෙකු අතින් පරිගණකය damage වෙන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |