නියොකොව් වෛරස් ප්‍රභේදයෙන් මිදෙන හැටි සෞඛ්‍ය අංශ කියයි - කළ යුතු දේ මෙන්න...

Upul Rohana WHO vaccination Covid19 Omicron Newkov
By Sewvandhi Feb 03, 2022 07:30 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

ඔමික්‍රොන් වෛරසයේ උප ප්‍රභේදයක් ලෙස සමාජගත ව පවතින BA.2 උප ප්‍රභේදය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

මෙම ප්‍රභේදය මේ වන විට දකුණු අප්‍රිකානු රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල මෙන්ම යුරෝපීය රටවල ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මෙම ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් මියයාමේ දැඩි අවදානමක් ඇති බවයි සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත්තේ. BA.2 ලෙස හැඳින්වෙන මෙම උප ප්‍රභේදය ඔමික්‍රොන් ප්‍රභේදයටත් වඩා 1.5ක ගුණයකින් සංසරණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය ද පෙර පැවැති ප්‍රභේදයන් අභිබවා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක මෙම කොවිඩ් ප්‍රභේදය ද පෙර ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

එබැවින් මෙම ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ද කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීම ඉතාම වැදගත් බවත් එම නිසා කඩිනමින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුසී පෙරේරා පවසනවා.

මෙම නව වෛරසය BA.2 ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බවත් එය ආසාදනය විම වළක්වාගැනීමට සියලු දෙනා සුදානම් විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා වැඩිදුරටත් පවසනවා. 

 මේඅතර පාසල් වලින් නව කොවිඩ් රැල්ලක් මතු වීමේ අවධානමක් මතුව ඇති බව මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවනවා.

ඔහු චෝදනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවන බවයි. දහසකට ආසන්නව දෛනිකව වාර්තාවන එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෛනිකව සමාජයෙන් වාර්තා වන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now