ඔයත් ඔයාගේ රැකියාවේ වැටුප් ගැන සාකච්ඡා කිරීමේදි සැලකිය යුතු දේ මෙන්න.

Businessman Online business Job Opportunity
By Sithumini Aug 07, 2024 01:15 PM GMT
Report


රැකියාවක් කියන්නේ මේ වෙද්දි සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය දෙයක්. ඇත්තටම මේ වෙද්දි බොහෝ දෙනෙක්ගෙන් ඇහෙන දෙයක් තමයි. පඩි මදි වියදම් වැඩියි වගේ දේවල්.

ඒවගේම මේ වෙද්දි බොහෝ දෙනෙක් කියනවා ආයතනයක වැඩ කරලා දියුණු වෙන්න බැහැ කියලා. නමුත් එහෙම ජොබ් කරලා දියුණු වුණු අය බොහෝමයක් ඉන්නවා.

ඒ නිසා ඔබේ වැටුප ගැන ඔබ සාකච්ඡා කරද්දි ඔබ කතා කළයුතු දේවල් ගැන තමයි අපි අද ඔබව දැනුම්වත් කරණේ.

1. තමා සම්මුඛ පරීක්ෂණයේදී අපිට කියන වැටුප ඒ ලෙසින්ම පිළිගන්න එක. එකේ වැරද්දක් නෑ. හැබැයි ඔයා බලන්න ඔයාගේ සුදුසුකම් මත දැනට, ඔයාගේ තනතුර වෙනුවෙන් මාකට් එකේ ගෙවන ගාන හා වරප්‍රසාද ගැන ඔයා දැනුවත් වෙන්න ඕනි

. ඉතින් ඒ දේවල් මත තමා ඔයා ඔයාගේ වැටුප තීරණය කරන්න ඕන. ඒක නිසා ඔය එයාලගෙන් පොඩි වෙලාවක් , කාලයක් ඉල්ලා ගන්න (දවස් ගණන් නෙමෙයි හොදද) ඔයාගේ පඩිය ගැන තීරණය කරන එක ඉතාම වැදගත් වෙනවා.

2. ප්‍රමාණවත් තොරතුරු හොයා නොගෙන වැටුප ගැන සාකච්චා කිරීම. ඇත්තටම කියනව නම් සම්මුඛ පරීක්ෂණයට යාමට ප්‍රථම ඉහත අංක 1 සදහන් කල සියලුම තොරතුරු සොයා ගත යුතුයි.

ඊට අමතරව ඔබ විශ්ලේෂණය කල යුතුයි ඔබට තිබෙන වියදම් සම්බන්ධව. ඒ කීවේ අත්‍යවශ්‍ය වියදම් සම්බන්ධව. ඊට පස්සේ බලන්න ඕන ඔයා බලාපොරොත්තු වෙන ජීවිතය ගෙවන්න නම් ඔයාට කියක් සල්ලි ඕනද කියල. ඉතින් ඔයා ඔයාගේ සුදුසකම් එක්කත් සංසන්දනය කරලා ඔයාට ගැලපෙන වැටුප හදාගෙන තමා සම්මුඛ පරීක්ෂණයට යා යුත්තේ.

3.අනාදිමත් කාලෙක ඉදන් අපි හැමෝම බලන්නේ අතට ගන්න පුළුවන් සල්ලි ප්‍රමාණය ගැන විතරයි. ඔයාලා දන්නවද ඊට වඩා දීමනා අපිට ලැබෙන බව. සෞඛ්‍ය රක්ෂණය, බෝනස් අවුරුද්දට කීයක් හම්බෙනවද, ආයතනය ලබාදෙන විශ්‍රාම සැලසුම් මොනවද, එහෙම නැතිනම් දෙන වැටුප ප්‍රමාණවත්ද විශ්‍රාම වැටුපකට යන්න, අවුරුද්දට නිවාඩු කොච්චර ලැබෙනවද, ට්‍රැවලින් හෝ ෆුවල් වලට ගෙවනවද, මේවා පිළිබදව කතා කල යුතුයි. ඒකයි මම කීවේ වැටුප් හා දීමනා

4. අනෙක් කාරණේ තම,ඕනවට වැඩ කියවීම හා ඕනවට වඩා බියගුළු වීම. අපි ඕනවට වැඩ හෝ සැර පරුෂ ලෙස කතා කිරීමට යෑමත් මගින් ඔබගේ වටිනාකම අඩු වේනව. ආයතනය හිතනවා ඔබ වැටුප් හා දීමනා පසුපස පමණක් යන, නමුත් වැඩ කරන්නේ නැති කෙනෙක් කියලා. ඕනවට වඩා බියගුළු වීම තුලින් වෙන්නේ ආයතනය හිතනවා ඔයාව එයාලට ඕන විදියට නටවන්න පුළුවන් කියල. ඉතින් අප මොලේ කල්පනා කල යුතුයි. අදාල දේ නිවැරදිව මිත්‍රශීලීව පැවසිය යුතුයි.