උණුදිය උල්පත් වතුර ඇයි මේ තරම් උණු.. උණුදිය උල්පත් ඇතිවන්නේ කෙසේද....
ලෝකයේ උණු දිය උල්පත් සම්බන්ධයෙන්,විවිධ කතාන්දර ඇත.විස්වාසයෝද ඇති අතර දේව විස්වාද ආගමික සමාජ විශ්වාසද දැකිය හැකිය. සමේ රෝග දුරුවෙන බවත්, ග්‍රහ අපල දුරුවෙන බවත්, කලගුණාගුණ දුරුවෙන බවත්,ආයුෂ වර්ණය හා වැඩි ආයුෂ ලබන්නටද මෙය හේතුවන බව පිළිගැනීමය.යක්ෂ භූත සුරඟන විස්වාද ලොව රට රටවල සමාජ තොරතුරු ගවේෂණය කිරිමෙන් දැකිය හැකිය. කන්නියාවේ ඇති උණුදිය උල්පත් 7න්ම නෑම, එහි පැමිණෙන බොහෝ දෙනෙකුගේ සිරිතයි. විශේෂයෙන්ම දමිළ ජනතාව මෙම චාරිත්‍රය අකුරටම ඉටු කරයි.
ලෝකය පුරා විවිධ රටවල උණුදිය උල්පත් ඇති අතර මින් එක්සත් ජනපදය, කැනඩාව, අයිස්ලන්තිය, ඉතාලිය, ජපානය හා නවසීලන්තය ප්‍රධාන වනවා. අමෙරිකාවේ යෙලෝ ස්ටෝන් ජාතික වනෝද්‍යානයේ ඇති "ඔල්ඩ් ෆේත්ෆුල්" ලෙස හැඳින්වෙන, වතුර මලක් මෙන් ඉහලට උණු ජලය හා හුමාලය විදින හුමාල උල්පත ලෝක ප්‍රකට වනවා.පොලොවේ මතුපිට ආසන්නයේ ඇති මැග්මා හෝ මැග්මා නිසා දැඩි ලෙස උණුසුම්වන පාශාණ අතරින් ගමන් ගන්නා භූගත ජලය, රත්වීම නිසා ඝණත්වය අඩුවීමෙන් උණුදිය ලෙස ඉහලට පැමිණෙනවා. ඒ අනුව උණුදිය උල්පත් ඇතිවීම සඳහා කාරණා කිහිපයක් එකට සමපාත විය යුතුයි.
- පොලොවේ මතුපිට ආසන්නයේ මැග්මා (උණුවී දියාරුවන පාශාණ - මේවා ලාවා ලෙස හැඳින්වෙනවා) තිබීම හෝ එම මැග්මා නිසා දැඩිලෙස රත්වූ පාශාණ තිබීම. - එනම් තාප මූලාශ්‍රයක් තිබීම.
- මේ මැග්මා හෝ රත්වූ පාශාණ තුලින් ගලායා හැකි භූගත ජල සංචිතයක් තිබීම - එනම් ජල මූලාශ්‍රයක් තිබීම
- එම ජලයට උල්පතක් ලෙස පොලොව තුලින් ඉහලට පැමිණීමේ මාර්ගයක් සැකසී තිබීම යන කරුණුයි. - එනම් රත්වූ ජලයට පොලොව මතුපිටට පැමිණීමට මාර්ගයක් තිබීම.
මෙම කරුණු සම්පූර්ණවූ විට, උණුදිය උල්පතක් හෝ ගීසර් ලෙස හැඳින්වෙන හුමාල උල්පතක් ඇතිවනවා.
ලංකාවේ උණු වතුර ළිං 10ක් විතර තියෙනවා. ඒවා
- ගෝමරන්කඩවල (ත්‍රිකුණාමලය)
- කන්නියා (ත්‍රිකුණාමලය)
- නෙළුම්වැව (මනම්පිටිය)
- මුතුගල්වෙල (මාදුරු ඔය ජාතික උද්‍යානය තුල)
- කපුරැල්ල
- මහඔය
- මරන්ගල (පදියතලාව)
- වහාව (අම්පාර)
- කිවුලෙගම (ජයන්ති වැව අම්පාර)
- මදුනාගල (මහපැලැස්ස - හම්බන්තොට)
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |