අධික තරබාරුව අඩු නොවීමට බලපාන හෝර්මෝන ගැටළු.
අධික තරබාරුව එහෙමත් නැත්නම් බර නිසා ගොඩක් අය පීඩා විඳිනවා. ඉතින් එයාලා බර අඩු කරගන්න කරන්නේ නැති දෙයක් නැහැ. ඒත් බර, ඇඟ අඩු වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔබ කොච්චර ව්‍යායාම කළත්, කොයි විදිහට ආහාර පාලනය කළත් බර අඩු වෙන්නේ නැත්තේ ඔබේ සිරුරේ හෝර්මෝන ආශ්‍රිත ගැටලුකාරී තත්වයක් විය හැකියි. ??
මොනවද ඒ හෝර්මෝන ආශ්‍රිත ගැටළු
අධිවෘක්ක
? ඔබේ ශරීරය නිතර ආතතියට පත් වුණොත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට හෝමෝන අසමතුලිතතාවය වර්ධනය වෙන්න පුළුවන්.
? අධිවෘක්ක ග්‍රන්ථි මගින් කෝටිසෝල් නම් ආතති හෝමෝනය නිපදවන අතර එහි උදරයේ අතිරික්තය බර වැඩිවීමට හේතු වෙනවා.
අධිවෘක්ක ග්‍රන්ථි අක්‍රිය වූ විට පෙන්වන රෝග ලක්ෂණ
? උදරයේ සහ ඉණ ප්‍රදේශයේ මේදය තැන්පත් වීම.
? රුධිර පීඩනය වැඩි වීම.
? අධික රුධිර සීනි මට්ටම, දුර්වල මාංශ පේශි, මනෝභාවය වෙනස් වීම.
හෙපටික්- Hepatic
? අක්මාව කියන්නේ ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා වගකිව යුතු වැදගත්ම අවයවයක්.
? එය ක්‍රියා විරහිත වුණොත් උදරයේ මේදය එකතු වෙනවා.
පෙන්වන රෝග ලක්ෂණ
? රුධිර සීනි මට්ටම වැඩි වීම.
? රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම.
? සන්ධි වේදනාව, අසාත්මිකතා සහ සමේ ගැටළු.
තයිරොයිඩ්
? තයිරොයිඩ් ග්‍රන්ථිය ඔබේ ශරීරයේ බලශක්ති (energy) පරිහරණයේ වේගයට වගකිව යුතු අතර තයිරොයිඩ් ග්‍රන්ථිය වැරදි ලෙස ක්‍රියා කරන්නේ නම්, ඔබ ශක්ති පරිභෝජනය අඩු වී බර වැඩි වෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථියේ අක්‍රිය වූ විට පෙන්වන රෝග ලක්ෂණ
? දුර්වල මාංශ පේශි සහ ලිහිල් සම.
? නිදන්ගත තෙහෙට්ටුව සහ බර වැඩිවීම.
? හිසකෙස් අධික ලෙස ගැලවී යාම .
? හෘද ස්පන්දන වේගය අඩු වීම.
? මානසික අවපීඩනය.
ඔබටත් මෙම රෝග ලක්ෂණ ඇත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ අක්‍රියතාව හඳුනා ගැනීමට සහ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට ඔබ අන්තරාසර්ග වෛද්‍යවරයෙකු හමුවන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |