සෑම කාන්තාවක්ම දැන සිටිය යුතුම හෝමොන වෙනස් වීමේ ගති ලක්ශන..

Health tips gagana unbalance homone Womens healths
By Sithumi Feb 23, 2022 04:20 PM GMT
Report

හෝමෝන මගින් අපගේ ශරීරයේ බොහෝ වැදගත් ක්‍රියාදාමයන් පාලනය වෙනවා. අපගේ මනෝභාවය, හැසිරීම, යහපැවැත්ම සහ පෙනුමට බලපෑම් කරන්න පුළුවන් හෝමෝන නිපදවීම කඩාකප්පල් වූ විට. 

නමුත් අපි බොහෝ දෙනා මේ ගැටලු ඇති වෙන්නේ හෝමෝන නිසා කියන දේ නොදැන සිටීම තමා ඇත්තෙන්ම තිබෙන ගැටලුව. ඉතින් අද අපිට හිතුනා ඔබට අරගෙන එන්න ඕන කියල මේ හෝමෝන ගැටලු හැදිනගන්න ආකාර කිහිපයක් මෙයත් ඔබට බොහෝ වැදගත් වේවි.

01. ජීර්ණ ගැටළු 

බොහෝ පුද්ගලයින්ට බඩේ ගැටලු ඇති වූ විට ඔවුන් යම්කිසි මානසික අපහසුතාවයකින් තමා ඉන්නේ. මානසික ආතතිය නිසා විශාල හෝමෝන මුදාහැරීමක් නිසා මෙම තත්ත්වය ඇති විය හැකී.ඉහළ මට්ටමේ එස්ටජන් බඩවැල්වල මයික්‍රොෆ්ලෝරා වලට බලපෑම් කරන බව ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. වෙනත් අධ්‍යයනවලින් හෙළි වී තිබෙන පරිදි ඩිම්බ කෝෂ වල ඉහළ හෝමෝන ප්‍රමාණයක් අල්ලා ගැනීම නිසා බඩේ කැක්කුම ඇතිවීම සිදු වෙන්න පුළුවන්

02. හදිස්සියේම ඇතිවෙන කුරුලෑ. 

කුරුලෑ සහ බ්ලැක් හෙඩ්ස් ඇති වීම සිදු වෙන්නේ ඔබේ මුහුණේ තිබෙන සිදුරු අවහිර වුවහොත්. හදිසියේ කුරුලෑ ඇතිවීම බොහෝ විට ශරීරයේ හදිසි හෝමෝන වෙනස්කම් නිසා ඇතිවිය හැකි බව තමා වෛද්‍යවරුන්ගේ නිගමනය වෙන්නේ. ඉතා අඩු ඇන්ඩ්‍රොජන් මට්ටමක් ශරීරය පුරා කුරුලෑ ඇති කිරීම සිදු කරනවා. මෙය උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

03. නිතර නින්ද නොයාම 

අඩු මට්ටමේ ප්‍රොජෙස්ටරෝන් සමඟ සම්බන්ධ විය හැකි නිසා තමා මේ නින්ද නොයාම භායනය ලකුණක් වෙන්නේ. ප්‍රොජෙස්ටරෝන් යනු ස්වාභාවික ලිහිල්කරණයක් බව තමා වෛද්‍ය ට්‍රැසි ජොන්සන් පවසන්නේ. ඔබට ලිහිල් කිරීමට, ඔබව සන්සුන් කිරීමට සහ ඔබේ නින්ද සාමාන්‍ය තත්වයට පත් කිරීමට මීට හැකියාවක් තිබෙනවා. බොහෝ විට නින්ද නොයාමට හේතු වෙන්නේ මේ හෝමෝනයේ මට්ටමේ වෙනස්වීම්.

04. නිතර හිසරදය‌

මේ පිළිබද පර්යේෂණ සිදු කල පර්‍යේෂකයින්ට අනුව බොහෝ විට හිසරදය ඇති වීමට හේතු වන්නේ එස්ටජන් මට්ටම අඩු වීම නිසා වෙන්න පුළුවන්. නමුත් ඔබට ආතතිය හෝ තෙහෙට්ටුව තිබෙනවා නම් ඒ නිසා විය හැකී ඔබට හිසරදය ඇති වෙන්නේ. ගැහැණු හෝමෝන‍යක් වන මෙම ඒස්ට්‍රජන් නිපදවීම සිදු වෙන්නේ ඩිම්බ කෝෂ වලයි. මොළයේ හා කොඳු ඇට පෙළේ සියලුම පරිවෘත්තීය ක්‍රියාවලීන් පාලනය කිරීම බාර වෙලා තිබෙන්නේ මේ ඒස්ට්‍රජන් හෝමෝනයට තමා. ඉරුවාරදය හෝ නිරන්තර නරක මනෝභාවයට හේතු වෙන්න පුළුවන් මේ ඒස්ට්‍රජන් හෝමෝනය අඩුවෙන් හෝ වැඩියෙන් තිබුනොත්.

05. දහඩිය වැඩි වීම

ඔබේ හෝමෝන සමතුලිතතාවයේ යම් දෝෂයක් ඇති බවට වඩාත් පොදු සලකුණක් ලෙස ගන්න පුළුවන් හදිසියේ දහඩිය දැමීම හෝ උණ. ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සිදු කරනවා හෝමෝන වලින්. ඔබට හදිසියේම අධික උණුසුමක් දැනීම සිදු වෙන්න පුළුවන් ඔබට යම් ආකාරයක හෝමෝන අසමතුලිතතාවයක් ඇත්නම්.හෝමෝන මට්ටම ඉතා අස්ථායී වූ විට ඔසප් වීමෙන් පසු මෙම රෝග ලක්ෂණය බහුලව දක්නට ලැබෙනව කියල තමා වෛද්‍යවරුන් පවසන්නේ. නැතින්ම වෙනත් අවස්ථාවක මෙම රෝග ලක්ෂනයෙන් පෙන්නුම් කරන්නේ ඔබට වෙනත් ශාරීරික ගැටලුවක් ඇති බවයි.

06. හදිසි බර වෙනස් වීම

ඔබ ගන්නා ආහාර කුමක් වුවත් ඔබේ ශරීරයට බර වැඩි වීම සිදු වෙනවා මෙහිදී ඔබ ලබා ගන්නා ආහාර කුමක් වුවත් මෙය සිදු වෙනවා. සමහර අවස්ථාවල ශරීරයේ මේදය රදවා ගැනීමක් වගේම සමහර අවස්ථාවල ඇතැම් මාන්ශ පේෂීන් වල වර්ධනය නොවන ස්වභාවයක් හෝ අඩුවක් දක්නට ලැබෙන්න පුළුවන්. මෙය සිදු වෙන්නේ ඇතැම් හෝමෝන අඩුවෙන් හෝ වැඩියෙන් නිපදවීම නිසා.ටෙස්ටොස්ටෙරෝන් අඩු මට්ටමක තිබීම, එස්ටජන්, කෝටිසෝල් හෝ ඉන්සියුලින් ඉහළ මට්ටමක තිබීම වැනි දෑ නිසා බඩේ මේදය තැන්පත් වීමට පුළුවන්. මේවා උදාහරණ ලෙස ගත හැකී. පරිවෘත්තීය වේගය අඩු කිරීම සිදු කරනවා තයිරොයිඩ් හෝමෝනවල අඩු මට්ටම. ශරීර ස්කන්ධය වැඩි වීමටද මෙය හේතු වෙන්න පුළුවන්

. 07. අමතකවීම

හෝමෝන අසමතුලිතතාව ඇතුළු විවිධ සාධක නිසා නිරන්තර අමතකවීම සහ අඩු අවධානය යොමු කිරීම සිදු වෙන්න පුළුවන්. අඩු කෝටිසෝල් සහ එස්ටජන් මට්ටම මීට බොහෝ විට හේතු වෙන්න පුළුවන්.අධ්‍යයනවලින් හෙළි වී ඇති පරිදි අඩු ඊස්ට්‍රජන් මට්ටම අමතක වීම, අවධානය යොමු කිරීමට ඇති නොහැකියාව සහ අපැහැදිලි මනසක් ඇති කළ හැකි බව සොයාගෙන තිබෙනවා. කෙටි කාලීන මතකයට බලපෑම් කරන දෙයක් තමා අඩු කෝටිසෝල් මට්ටම කියල කියන්නේ.

08. පියයුරු වෙනස් වීම

ශරීරයේ ඇති වන ගැටළු වල බරපතලම සලකුණක් ලෙස පියයුරු ප්‍රමාණයෙහි වෙනස් වීම් ගන්න පුළුවන්. සමේ ආර්ද්‍රතාවය හා ප්‍රත්‍යාස්ථතාවයට බලපෑම් කිරීම සිදු කරනවා ඊස්ට්‍රජන් මට්ටම හදිසියේ අඩුවීම. මේ නිසා වෙන්න පුළුවන් ඔබේ පියයුරු වල හැඩය, පරිමාව සහ ප්‍රමාණය වෙනස් වීම සිදු වෙන්නේ.ඒ වගේම ඔබව බොහෝ අපහසුතාවයට පත් කරන්න පුළුවන් පියයුරු තුළම යම් කසි ද්‍රවයයක් පෙනීමට තිබෙන්න පුළුවන්

. පියයුරු වෙනස්වීම් ඉතා කලාතුරකින් සිදුවන අතර බොහෝ විට එවැනි වෙනස්කම් වලට පිළිකා සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ජාතික පිළිකා ආයතනය පවසා තිබෙනවා. හෝමෝන වෙනස්කම් නිසා හෝ ඔසප් වීමට පෙර තමා මෙවැනි දෑ සිදු වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now