සෙම් අමාරු වලට හරියන අත්බෙහෙත් කීපයක් ගෙදරදිම හදාගන්න මෙන්න..
World Health Organization
Sri Lanka
Ministry of Health Sri Lanka
Healthy Food Recipes
By Subodha
විශේෂයෙන්ම වැසි කාලවලදී බොහෝ දෙනකු සෙම් රෝග හේතුවෙන් පීඩාවට පත් වෙනවා. සෙම් රෝග යනු කුමක් ද යන්න මුලින් හඳුනා ගන්නේ නම්, ආයුර්වේදයේ ත්‍රිදෝෂ එනම්, වාත පිත්ත සහ කප අතරින් කප වැඩි වූ විට හෝ අඩු වූ විටයි සෙම් රෝග ඇති වන්නේ.බටහිර වෛද්‍ය ක්‍රමයට නම් phlegm කියලා තමයි හඳුන්වන්නේ සෙම් රෝග ඇති වීමට හේතු බොහෝ තිබෙනවා.
ප්‍රතිශ්‍යාව, පීනස, උණ, උණ සමඟ ඇති වන කැස්ස, වයිරස්වලින් ඇති වන සෙම්ප්‍රතිශ්‍යාව සහ කොවිඩ් වැනි රෝග ද සෙම් රෝග ලෙස හඳුනා ගත හැකියි. වයිරස්වලින් ඇති වන රෝග දින කිහිපයකින් සුව වෙනවා. එහෙත් ඉන් පසු එයට බැක්ටීරියා පැමිණි පසුයි සෙම, කැස්ස වැනි තත්ත්වයන් හටගන්නේ. සෙම්ප්‍රතිශ්‍යාව හරි හැටි සුව නොවූ විට කපජ ශිරෂ් චූල (හිසරදය) ඇති වෙන්න පුළුවනි.
අත්බෙහෙත් කීපයක් පහතින්-
- කොත්තමල්ලි, පත්පාඩගම්, තිප්පිලි, සුදුළුනු, කටුවැල්බටු, අමු ඉඟුරු ජල බඳුනකට දමා හින්දා ගන්න. එයට සීනි ස්වල්පයක් දමා දවසට දෙවරක් පානය කරන්න.
- බෙලි මුල්, අමු ඉඟුරු සහ බැබිල මුල් ජල බඳුනකට දමා තම්බාගන්න. එයට තිප්පිලි කුඩු ස්වල්පයක් එකතු කර දවසට දෙවරක් පානය කරන්න.
- විටමින් සී තියෙන කෑම වර්ග නාරං, ඇඹුල් දොඩම් පේර ආහාරයට ගන්න.
- දිනකට තුන් හතර වතාවක් දුම් අල්ලන්න
- පස්පංගුව, ඉඟුරු කොත්තමල්ලි තම්බා බොන්න.
- හොඳට වතුර බොන්න
- මුරුංගා මුල් ගෙන වතුර සමග එකට තම්බාගන්න. එයට මී පැණි මිශ්‍ර කර දවසකට දෙවරක් පානය කරන්න.
- ලුණු මිශ්‍ර ජලයෙන් උගුර සෝදන්න.
- යකිනාරං කොල තම්බා බොන්න.
- හීන් අරත්ත මුල්, අල තම්බා බොන්න.
- පාවට්ටා කොල තම්බා දුම් අල්ලන්න.
- රසකිඳ, කටුවැල්බටු, අමු ඉඟුරු ජල බඳුනකට දමා තම්බා ගන්න. එයට තිප්පිලි කුඩු සහ සීනි ස්වල්පයක් දමා පානය කරන්න.
- ඉඟුරු පියලි, සුදු ලූනු, ගොටු දඬු එකට එකතු කර ජල බඳුනකට දමා හොඳින් තම්බා ගන්න. එයට තිප්පිලි කුඩු ස්වල්පයක් දමා දවසට දෙවරක් පානය කරන්න.
- අරළු, ඉඟුරු සිවිය සහ පිටවක්කා මුල් වතුර සමග එකතු කර හොඳින් තම්බා ගන්න. එයට මී පැණි එකතු කර දවසට දෙවරක් පානය කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |