රේසර් කිරණ වලින් සොයාගත් ඇමසන් වනයේ සැඟවුණු නගර. ( PHOTOS)

Amazon
By Wayomi Jun 28, 2022 07:59 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ ලෝකය ගැන අපි දන්නේ බොහොම ටිකයි. ස්වභාව ධර්මයා විසින් බොහෝ දේ තවමත් සගවාගෙන සිටියි. නමුත් නවීන විද්‍යාවන් සහ තාක්ෂණයන් සමඟ ගැටෙන විද්‍යාඥයන්,ඉතිහාසඥයන්, ලෝකයේ සැඟවී ඇති බොහෝ දේ සොයගන්න උත්සහ කරනවා. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේම අලුතින් සොයාගත් පැරණි ඉතිහාසය ගැනයි.

⛰️ ඇමසන් වනය කියන්නේ විශ්මිත නිර්මණයක්. තවමත් කිසි වෙකුටත් සොයාගත නොහැකි ලෝකයක් සැඟව තිබෙනවා. ඇමසන් වනය තරණය කරනවා කියන එකත් එතරම් ලේසි පහසු දෙයක් නෙවෙයිනේ. මීට පෙර ඇමසන් වනයෙහි අධ්‍යයනයක යෙදුණු පුරාවිද්‍යාඥයන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම් විසින්, අග්නිදිග ආසියාව, ශ්‍රී ලංකාව සහ මධ්‍යම ඇමරිකාවේ නිවර්තන වනාන්තර කලාපයන්ට අයත් භූමි අභ්‍යන්තරයේ කෘෂිකර්මය ප්‍රධාන කොටගත් අඩු නාගරික ජනාවාස වලට අයත් අති පෞරාණික පුරාවිද්‍යාත්මක නටඹුන් රැසක් සැඟවී පවතින බව හඳුනාගැනුණා.

⛰️ ඒ අණුව දකුණු ඇමරිකා කලාපයට අයත් ඇමසන් වනාන්තරයේ නිරිතදිග කෙළවරේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස විශාල පිරමීඩ සහ ඇළ මාර්ග පැවැතී ඇති මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති ජනාවාස 11 ක යැකි අනුමාන කරන ලද පුරාවිද්‍යාත්මක නටඹුන් රැසක් පවතින බව අනාවරණය කරගෙන තිබෙනවා.

⛰️- එය හඳුනාගෙන ඇත්තේ ඇමසන් වනාන්තර කලාපයට ඉහළින් පියාසර කෙරූ “Eurocopter AS350” හෙලිකොප්ටරයේ සවිකර තිබූ Trimble APX-15 UAV GNSS සහිත Riegl VUX-1 නම් අධෝරක්ත ලේසර් කිරණ නිකුත් කිරීමෙන් භූමියේ පිහිටීම් හඳුනාගත හැකි ස්කෑනරය මඟින් නිකුත් කරන ලද මිලියන ගණනක් වූ ලේසර් කිරණ මඟින්.

⛰️ උඩු ගුවනේ සිට භූමිය නිරීක්ෂණය කිරීමේ එම රේසර් තාක්ෂණික ක්‍රමවේදය “Lidar” (Light Detection and Ranging) ලෙස හඳුන්වනු ලබන අතර, එහිදී පොළවේ ත්‍රිමාණ රූපයක් නිර්මාණය වෙනවා.

⛰️ ඒ අනුව පර්යේෂණ කණ්ඩායම විසින් ඇමසන් වනාන්තර කලාපයේ සැඟවී පවතින පුරාවිද්‍යාත්මක නටඹුන් නිශ්චිතව හඳුනා ගැනීම සඳහා සෑම තත්පරයකම අධෝරක්ත ලේසර් කිරණ දහස් ගණනක් අඳාළ ඇමසන් වනාන්තර කලාපය මතට එල්ල කර ඇති අතර, එමඟින් අතීතයේ පැවති ප්‍රධාන මාර්ග, මංතීරු සහ ජලාශ සමඟ නිශ්චිතව හඳුනාගත නොහැකි ජනාවාසයන් හි පුරාවිද්‍යාත්මක නටඹුන් රැසක් භූමිය මත පවතින බව හඳුනා ගැනීමට හැකි වූ බව ලොව ප්‍රකට නේචර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


GalleryGalleryGalleryGallery