කහ උණ කියන්නේ හෙපටයිටීස් වලටද? අක්මාවට හානි කරන හෙපටයිටීස් ගැන හරියටම දැනගන්න.
කහ උණ, සෙංගමාලය කියන නම් වලින් අහලා තිබුණට හෙපටයිටීස් කියන්නේ සැලකිය යුතු ගැටලුවක් බවට පත් වී තිබෙන රෝගයක්. මෙය අක්මාවේ පටක ඉදිමීමට ලක්කරමින් එහි ක්‍රියාකාරීත්වයට බාධා කරන රෝගයක් වන අතර මෙහි විවිධ ප්‍රභේද පවතිනවා. ඒවා බෝ වන ආකාරය, ක්‍රියාකාරීත්වය, හානිදායක බව, අවශ්‍ය ප්‍රතිකාර වගේ බොහෝ අංශවලින් වෙනස්. ඒවායින් ඇතැම් ඒවා ප්‍රභේද ජීවිතය අහිමි කිරීමට පවා සමත් වෙනවා.
* සැ. යු. - සෙංගමාලය කියන්නේ කහ උණ නෙවෙයි. කහ උණ යනුවෙන් හඳුන්වන්නේ වෛරසයක් මාර්ගයෙන් අක්මාවට ඇතිවන රෝගි තත්ත්වයක්. මේ වෛරසය බෝවන්නේ මදුරුවන්ගෙන්. මෙය හඳුන්වන්නේ Yellow Fewer යනුවෙන්. සෙංගමාලය ලෙසින් හඳුන්වන හෙපටයිටීස් A නැමැති රෝගය සිරුර කහ වෙනවා. උණ ගන්නවා. ඇස් කහ වෙනවා. ඒ නිසා බොහෝ අය වරදවා සෙංගමාලය කහ උණ ලෙසින් හඳුන්වනවා. |
හෙපටයිටීස් වර්ග
හෙපටයිටීස් A
🟢 ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම දකින්න ලැබෙන්නේ හෙපටයිටීස් A .හෙපටයිටීස් A වලට තවමත් නිසි ප්‍රතිකාරයක් නැහැ.
🟢 නීරෝගී පුද්ගලයන් හැමෝටම වගේ මෙයින් සුවය ලබන්නට හැකි වුණත් ඇතැම් වෙනත් රෝග තත්ත්ව උත්සන්න වීමේ අවදානමක් තිබෙනවා.
🟢 ඔබ හඳුනන විදිහට සෙංගමාලය කියලා හඳුන්වන්නේ හෙපටයිටීස් A .
🟢 මේ වෛරසය ශරීරගත වන්නේ අප ගන්නා වූ අපිරිසිදු ආහාර පාන මෙන්ම අපවිත්‍ර ජලය පානය කිරීමෙන්.
🟢 උණ ගැනීම, කෑම අරුචිය, උදරයේ වේදනාව, ඇස්, අල්ල, සම කහ පැහැ ගැන්වීම, යන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. කරන රෝගි තත්වයක් (Auto Immune) ඔටෝ ඉමියොන් හෙපටයිටීස් යනුවෙන් මෙය හඳුන්වන්නේ.
🟢 මීට අමතරව අක්මාවේ ආසාදනයක් නොමැතිව පිත ප්‍රවාහනය කරන නාල වල අවහිරවීම නිසාත් හෙපටයිටීස් ඇතිවනවා. මෙයට හේතු වන්නේ අග්න්‍යාශයේ සහ හිසේ ඇතිවන පිළිකාමය තත්වයන්.
🟢 පිත්තාශයේ යම් හෙයකින් ගල් ඇති වුවොත් පිත ප්‍රවාහනය කරන පිත්ත ප්‍රනාල වල අවහිරවීම නිසා හෙපටයිටීස් හැදෙන්නට පුළුවන්.
ප්‍රතිකාර
🟢 හෙපටයිටීස් A රෝගයට විශේෂ වූ ප්‍රතිකාර නැහැ.
🟢 මේ රෝගය නිසා අක්මාවට තාවකාලික ලෙස හානියක් සිදුවනවා. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කළ විට රෝගය සති 2 – 3 කින් සුවවී යනවා.
🟢 අක්මාව වෙහෙස කරවන වැඩ කටයුතු වල නොයෙදී ටික දිනක් විවේකීව සිට ඖෂධ පාවිච්චි කිරීමෙන් හෙපටයිටීස් A නිට්ටාවට සුව කළ හැකියි.
🟢 එමෙන්ම හෙපටයිටීස් A වැළදුණු රෝගියෙකුට අධික ප්‍රෝටීන් බහුල ආහාර, තෙල් දැමූ ආහාර, කිරි දාපු ආහාර විශේෂයෙන්ම පොල්කිරි වැඩිපුර දාලා හදන ආහාර, ඇඹුල් පළතුරු, පිටි සහිත ආහාර(දිරවීම ප්‍රමාද කරන ආහාර),මිරිස්, තුනපහ, ලුණු දාපු ආහාර, ක්ෂණික ආහාර ලබා දෙන්නේ නැහැ.
🟢 රෝගය සුව වන තුරු තැම්බූ බතල, තැම්බූ වට්ටක්කා, කෙඳි බහුල ආහාර, චොක්ලට් වැනි සීනි බහුල ආහාර පමණක් වෛද්‍යවරු නිර්දේශ කරයි. වැඩිපුර පොල්කිරි, මිරිස්, ලුණු, තුනපහ දාපු ආහාර කොහෙත්ම සුදුසු නැහැ. එවැනි රෝගීන්ට ඇඹුලට හෝ සැරට කන්න ඕන වුණත් ඒවා කෑමෙන් වළකින්න.
🟢 මෙම රෝගය බෝවන බැවින් රෝගියා පරිහරණය කළ පිඟන් කෝප්ප භාවිතා කිරීමෙන් වැළකී සිටීමත් රෝගියාගේ කෙළ ආදියෙන් පරිස්සම් වීමත් හොඳයි.
හෙපටයිටීස් B
🟠 හෙපටයිටීස් B තරමක් භයානක රෝගයක්. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එය දිගු කාලීන තත්ත්වයට ගිය පසුව සුව කරන්නට නොහැකි වීමයි.
🟠 නමුත් හෙපටයිටීස් B වලින් ආරක්ෂා වීමට නම් එන්නතක් තියෙනවා. 2003 අවුරුද්දේ සිට ශ්‍රී ලංකාව තුළ හෙපටයිටීස් B එන්නත සියලුම දරුවන්ට නොමිලේම ලබා දීම ආරම්භ වුණා.
🟠 හෙපටයිටීස් B නිසා අක්මාවට හානි වී අක්මාව අක්‍රිය තත්වයකට පත් වන්නට පුළුවන්. අක්මාව අක්‍රිය වී අවසානයේදී සිරෝසිස් තත්වයත්, අක්මාවේ පිළිකාත් ඇති වන්නටත් පුළුවන්.
🟠 හෙපටයිටීස් B වලින් ආරක්ෂා වීමට නම්, නොදන්නා පුද්ගලයන් සමඟ ලිංගික ආශ්‍රයේ නොයෙදීම. ලිංගික ඇසුර එක් සහකරුවකුට සීමා කිරීම. ඉදි කටු පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම.
🟠 සාමාන්‍යයෙන් ලේ දන්දීමකදී රුධිරයේ හෙපටයිටීස් B තිබේදැයි පරීක්ෂා කරනවා. ඒ නිසා එයින් ප්‍රශ්නයක් වන්නේ නැහැ.
🟠 සැලෝන් වල කොණ්ඩා කැපීමේදී වෙන් වෙන් වශයෙන් බ්ලේඩ් තල භාවිතා කිරීම කළ යුතුයි.
🟠 මෙම රෝගය ඉක්මනින් සුව වන්නේ නැහැ. වසර ගණනාවක් පවතිනවා. හේතුව අක්මාවට හානි සිදුවී තිබෙන නිසා.
🟠 හෙපටයිටීස් D වැළඳෙන්නත් හෙපටයිටීස් B පැවතීම හේතු වන නිසා වඩාත් ප්‍රවේශම් විය යුතුයි. හෙපටයිටීස් B එන්නත අනිවාර්යයෙන්ම ලබා ගැනීම වැදගත්.
හෙපටයිටීස් C
🟣 හෙපටයිටීස් C කියන්නේ ඉතාම භයානක රෝගයක්. නිසි ප්‍රතිකාර නොලැබුණොත් ඉතා පහසුවෙන්ම මෙය දිගුකාලීන අක්මා ආබාධවලට හේතු වෙන්න පුළුවන්.
🟣 හෙපටයිටීස් C ආසාදනය දිගුකාලීන තත්ත්වයට යාමේ අවදානම 85% කටත් වඩා ඉහළයි. අක්මා ආබාධවල විනාශකාරීම අවස්ථාවක් වන සිරෝසීස් (cirrhosis) සහ අක්මාවේ පිළිකා පවා අතුරුආබාධ ලෙස ඇති කරනවා. නමුත් මුල් තත්ත්වයේදී ප්‍රතිකාර මගින් සුවකරන්න තිබෙන හැකියාව නිසා මේ අවදානමෙන් බේරෙන්න හැකියාව තිබෙනවා.
හෙපටයිටීස් E
🔵 හෙපටයිටීස් E අඩු වශයෙන් දකින්න ලැබෙන තත්වයක්. මෙය වැළදෙන්නෙත් අපිරිසිදු ජලය පානය කිරීමෙන්. නමුත් සාමාන්‍ය පුද්ගලයකුට වඩා ගර්භණී මවකට හෙපටයිටීස් E වැළදුනොත් දරුණු තත්වයක් උදා වන්නට පුළුවන්. ගර්භණී මව්වරුන්ගේ අක්මාවට දරුණු ලෙස හානි වන්නට පුළුවන්. ජීවිත අවදානමකුත් තියෙනවා.
අක්මාවට කරන හානිය
🔴 හෙපටයිටීස් ආසාදනය මගින් ඍජුවම අක්මාවට විශාල බලපෑමක් සිදුවෙනවා. අධික ලෙස අක්මා සෛල මියගොස් අක්මාවේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අඩපණ කිරීමේ හැකියාව මෙම වෛරසයට තියෙනවා. හෙපටයිටීස් වෛරස මගින් ඍජුවම අක්මා සෛල විනාශ නොකළත් අක්මාව ආසාදනය වීමත් සමඟ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්මාවේ ආසාදිත සෛල ආගන්තුක ද්‍රව්‍යයන් ලෙස සලකා විනාශ කර දමන්න පටන් ගන්නවා.
හෙපටයිටීස් වල පොදු රෝග ලක්ෂණ
🤒 කෑම අරුචිය
🤒 තෙභෙට්ටුව
🤒 මද උණ
🤒 මාංශ පේශි හෝ සන්ධි කැක්කුම
🤒 ඔක්කාරය හා වමනය
🤒 ලේ වමනය
🤒 උදරයේ වේදනාවන්
🤒 උදරය ඉදිමීම
🤒 පාද ඉදිමීම
🤒 අඳුරු පැහැති මුත්‍රා පිටවීම, රතු පැහැයෙන් මුත්‍රා පිටවීම.
🤒 ලා පැහැති මලපහ පිටවීම
🤒 සමේ, අල්ලේ, ඇසේ සුදු ඉංගිරියාවේ කහ පැහැය
🤒 කැසීම
🤒 මානසික වෙනස්කම් (ව්‍යාකූල තත්වයක සිටීම) හෝ කෝමා වැනි තත්වයක් ඇතිවීම
🤒 අභයන්තර ලේ ගැලීම
අක්මාවට හානි විය හැකි වෙනත් හේතු
🟨 වෙනත් වෛරස් වලින්ද අක්මාවට හානි සිදු වනවා.
🟨 විශේෂයෙන් ඩෙංගු මදුරුවා දෂ්ඨ කිරීමෙන් වැළදෙන ඩෙංගු උණ නිසා අක්මාවට හානි සිදු වනවා.
🟨 ඩෙංගු වෛරසයත් අක්මාවට හානි කරන වෛරස් වර්ගයක්.
🟨 ඒ සමගම මී උණ නිසාත් අක්මාවට හානි සිදු වනවා.
🟨 අක්මාවට හානි වන මධ්‍යසාර සහ ඖෂධ වලින් වැලකී සිටිය යුතුයි. විශේෂයෙන්ම පැරසිටමෝල් වලින් අක්මාවට හානි සිදු වනවා. නියමිත මාත්‍රාව ගත්තාට කිසිදු ප්‍රශ්නයක් නැහැ. මාත්‍රාව ඉක්මා නොගත යුතුයි. එවිට අක්මාවට හානි සිදු වනවා.
හෙපටයිටීස් වළක්වා ගන්නේ කොහොමද?
🛡️ එන්නත් ලබා ගැනීම
🛡️ “වීදි” ආහාර ගැනීමෙන් වැළකීම.
🛡️ අවම වශයෙන් මිනිත්තු 1 ක් වත් උතුරුවා ගත් ජලය පානය කරන්න. බෝතල් කළ ෆිල්ටර් ජලය පමණක් පානය කරන්න.
🛡️ අයිස් කැට සමඟ කොක්ටේල් සහ වෙනත් බීම පානය නොකරන්න.
🛡️ කිරි නිෂ්පාදන සහ මද වශයෙන් පිසූ මස් සහ මාළු අනුභව නොකරන්න.
🛡️ අවන්හල් වලින් සැකසූ සලාද හෝ නැවුම් පලතුරු ඇණවුම් නොකරන්න. (එය, පිරිසිදු ජලයෙන් සෝදා නොතිබිය හැක. )
🛡️ බෝතල් කළ ජලය භාවිතයෙන් කොළ ආහාර සෝදන්න.
🛡️ නිතරම ඔබේ අත් හොඳින් සෝදන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |