හෙටින් ආරම්භ කිරීමට යන සෞඛ්‍ය වර්ජනය ගැන අලුත්ම තීරණය..!

Ministry of Health Sri Lanka SL Protest Strike Sri Lanka Latest Headlines
By Sewvandhi Mar 18, 2024 09:36 AM GMT
Report

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා මේ බව පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.