හිස්හොරි වලට බෙහෙත් සෙවිමට කලින් හිස්හොරි ඇතිවීමට බලපාන හේතු නැති කර ගන්න..
ජනගහනයෙන් 50% ක් පමණ ඉස් හොරි ඇති වී තිබීම නිසා පීඩා විඳිති. එය පීඩාවකටත් වඩා ඔබව පිරිසක් ඉදිරියේදී අපහසුතාවට පත් කරවන හේතුවක් බව කීම වඩාත් නිවැරදිය.ඉස්හොරි මතුවිමට වයස් භේදයක් නොමැති නිසා ඕනෑම කෙනෙකුට මේ තත්වය ඇතිවීමේ ඉඩකඩ බහුලය. බොහෝ විට මෙම තත්වය අවුරුදු 20-30 අතර වන වයස් සීමාවේ පසුවන්නන් තුල බහුලව හටගැනෙන තත්වයකි. ඉස්හොරි ඇති වීම නිසා හිසකබල වඩාත් වියළී යාම, හිසකෙස් ගැලවී යාම වැනි බලපෑම් ඇති විය හැකියි වගේම ඔබේ ආත්මාවිශ්වාසයටත් ඉන් බාධා මතුවීම සිදුවිය හැකියි. කොච්චර කැමති වුණත් තද පැහැති ඇඳුමක් අඳින එක පවා මේ ඉස්හොරි කරදරය නිසා අපහසු වී තිබෙනවා. ඉස් හොරි ඇතිවීමට ඔබේ ඇතැම් පුරුදුත් හේතු විය හැකියි. ඉස් හොරි වැඩිවීමට බලපාන එවන් ආකාරයේ හේතු තමයි මේ.
- හිසකෙස් නිතරම හැඩගැන්වීම නිසා
- හිස මතු පිට රුධිර සංසරණය අඩුවීම.
- නිසි පෝෂණයක් ඇති ආහාර පරිභෝජනය නොකිරීම නිසා
- සීනි අඩංගු ආහාර නිතරම අනුභව කිරීම
- භාවිතා කරන ෂැම්පු වර්ගය වෙනස් කර නොබැලීම/ඉස්හොරි සඳහා ඇති ෂැම්පු වර්ගයක් භාවිතා නොකිරීම
- හිසකෙස් වල ස්වභාවික දිලිරයන්ට සමේ ඇති සංවේදීතාව මඳ ස්නායු සන්වේදනය.
- අඩු පෝෂණ තත්ත්වයන්.
- මානසික ආතතිය.
- හිස්කබල මත පවතින අපිරිසිදු බව හිසකෙස් කලාතුරකින් හෝ නිරන්තරයෙන් ෂැම්පූ භාවිතයෙන් සේදීම කන්ඩිෂනර් භාවිතා නොකිරීම
- හිස්කබලේ ප්‍රමාණවත් ආකාරයෙන් තෙතමනය පවත්වා නොගැනීම නිසා
- හිස්කබල සම්බාහනය නොකිරිම නිසා
- SPF අගය ගැන සැලකිලිමත් නොවීම නිසා
අධික ලෙස කසනසුලු ඉස්හොරි තත්වයක් ඇති වී තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසුය.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |