ජල පහරට හසුවූ තරුණයින් දෙදෙනෙක් බේරා ගැනේ

Sri Lanka Army Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jul 04, 2022 02:14 PM GMT
Report

මහනුවර ප්‍රදේශයට ඉකුත් දින කීපය ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමෙන් වික්ටෝරියා ජලාශයේ හාරගම ප්‍රදේශයේ මුඩුබිමක කොටුවී සිටි තරුණයන් දෙදෙනකු පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායමක් එහි ගොස් ඔවුන් බේරා ගෙන තිබේ.

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර සවස 03.00ට පමණ එම තරුණයන් දෙදෙනා අදාල දූපත මැද කොටු වී තිබේ .

ඒ සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය විසින් දැනුම් දීමෙන් අනතුරුව දළදා මාළිගාව පොලීසියට අනුයුක්ත මහනුවර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යාපා මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් සැරයන් 1721 ජයන්ති , පොලිස් සැරයන් 61265 මංගල , පොලිස් කොස්තාපල් හතයි 73092 ප්‍රේමලාල් , සුවෙච්චා ජීවිතාරක්ෂක නිලධාරී ක්‍රිංශ්නරත්න යන නිලධාරීන් එහි ගොස් විනාඩි 45ක මෙහෙයුමකින් පසු කඹ යොදා ගනිමින් ඔවුන් නිරුපද්‍රිතව ගොඩබිමට ගෙනැවිත් තිබේ .

එසේ බේරාගෙන ඇත්තේ ගුරුදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෛදෙනෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now