පෙට්‍රල් භාවිතයේදී සහ ගබඩා කිරීමේදී සැලකිලිමත් විය යුතුම දේවල්.

Ceylon Petroleum Corporation Sri Lanka
By Wayomi May 25, 2022 04:54 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස්වල පෙට්‍රල් පෝලිම් කියන්නෙම යුධ පිටියක්. වැඩි දෙනෙක් පෙට්‍රල්, ඩීසල් ගබඩා කරන්න උත්සාහ කරන්නේ ලොකු ප්ලාස්ටික් කෑන් හෝ බූලි වලට. මේවා ඇතුලේ සහ වාහනේ ඩිකියේ ගබඩා කරනවා. නමුත් ඔබ දන්නවද ඒක ගොඩක් අනාරක්ෂිත වැඩක් කියලා. පෙට්‍රල්,ඩීසල් කියන්නේ වාෂ්පශීලී ද්‍රව්‍යයක්. ඒ වගේම වහ ගිනි ඇවිලෙන සුළුයි. ඒ වගේම සමහර ප්ලාස්ටික් සමඟ පෙට්‍රල් ප්‍රතික්‍රිය කරනවා. ඒ නිසාම ඔබ පෙට්‍රල්, ඩිසල් වලට නිරාවරණය වීමේදී සහ ඒවා ගබඩා කිරීමේදී ආරක්‍ෂිත ක්‍රමවේදයන් භාවිතා කිරීම ගොඩක් වැදගත්.


වැදගත්: පෙට්‍රල් පිරවීමේදී සහ ගබඩා කිරීමේදී, ඉන්ධන පරිභෝජනයේදී, ආශ්වාස කිරීම හෝ භෞතික සම්බන්ධතා එනම් නිරාවරණය වීමෙන් වළකින්න. නිරාවරණයේ ප්‍රතිඵලයක් ලෙස ඔබට විවිධ අසාත්මිකතා ඇති වුවහොත් වහාම වෛද්‍ය වරයෙක් හමුවන්න. 

  ආරක්ෂිතව ඉන්ධන බහාලුම් පුරවන්නේ කොහොමද?

- ස්ථිතික විදුලිය මගින් පෙට්‍රල් ගිනිගත හැකියි. ඒ නිසා බහාලුම් පිරවීමේදී බිම තබා ගැනීම වැදගත්.

- පෙට්‍රල් ඉහිරවීම අනතුරුදායක විය හැක්කේ එය අධික ලෙස ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් වන බැවින් පුරවන කන්ටේනරය පෙරළෙන්නේ නැති එකක් වීම වැදගත්.

- කිසිම වෙලාවක ඔබේ වාහනයේ පෙට්‍රල් බහාලුම් පුරවන්න එපා. මොකද වාහනයේ ඩිකියේ දාගෙන ගියාට එය මොන විදිහෙන් හරි වාෂ්ප වෙනවා. AC එක දැම්මත්, නොදැම්මත්. එලෙස වාෂ්ප වෙන පෙට්‍රල් ආශ්වාස, ප්‍රශ්වාස කිරීමෙන් ඔබේ සෞඛ්‍යට අහිතකර ලෙස බලපානවා. ඒ වගේම වාහනය ඇතුලේ තියෙන ස්ථිතික හෝ වෙනත් ජ්වලන ප්‍රභවයකට නිරාවරණය වුවහොත් ගිනි ගන්නවා.

- පෙට්‍රල් රත් වූ විට ප්‍රසාරණය වන නිසා, ඔබේ ගබඩා බහාලුම්වල යම් ඉඩක් තිබීම වැදගත්. ඒ කියන්නේ කන්ටේනරය 90-95% දක්වා පමණක් පුරවන්න. කට ළඟටම එනකන් පුරවන්න එපා.

- විශේෂයෙන්ම ඉන්ධන පිරවුම්හල් නීති පිළිපදින්න.ඔබේ මෝටර් රථ එන්ජිම ක්‍රියා විරහිත කරන්න, ඔබේ දුරකථනය ක්‍රියා විරහිත කරන්න සහ ඔබේ ආරක්ෂාව උදෙසා ඇති අනෙක් ඕනෑම උපදෙසක් පිළිපදින්න. 


කාන්දු වූ ඉන්ධන පිරිසිදු කිරීම

- ඔබේ නිවසේදී ඉන්ධන බිමට වැටුණේ නම්, පෙට්‍රල් පොඟවා ගැනීම සඳහා වියළි ද්‍රව්‍යයක් කාන්දුවට වත් කරන්න.ලී කුඩු හෝ වියළි වලිබ් භාවිතා කරන්න පුළුවන්. පසුව කොස්සකින් හෝ පොඩි බ්‍රෂ් එකින් අතුගාල දාන්න එතැන.

- ඉන්ධන කාන්දු වූ ස්ථානය cover වෙලා තියෙන ප්‍රදේශයක් නම්, ජනේල් හෝ දොරවල් තියේ නම් ඒවා විවෘත කරන්න.

- අදාළ ප්‍රදේශය පිරිසිදු කර සෝදා හරින්න. කාන්දු වූ ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා ස්පොන්ජියක් සමඟ ඩිටර්ජන්ට් සහ උණුසුම් ජලය භාවිතා කරන්න. ඉන්පසු එම කොටස පිරිසිදු කරන්න.  


ආරක්ෂිතව පෙට්‍රල් ගබඩා කරන්නේ මෙහෙමයි


- ඉන්ධන වැරදි ලෙස ගබඩා කළහොත් වාෂ්පශීලී විය හැකියි. පෙට්‍රල් රඳවා තබා ගැනීමට පමණක් නිර්මාණය වූ කෑන් එකක් (ජෙරී කෑන්) භාවිතා කරන්න. මොකද සමහර බාල ප්ලාස්ටික් කෑන් වල ඉන්ධන ප්ලාස්ටික් සමඟ ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම සියලුම බහාලුම්වල ආරක්ෂිත පියනක් ද තිබිය යුතුයි.

- ඔබේ ගබඩා කාමරය හොඳින් වාතාශ්‍රය ඇති තැනක් තෝරාගන්න.

- කිසිවිටෙකත් මෝටර් රථවල හෝ වෙනත් ප්‍රවාහන ක්‍රමවල අමතර ඉන්ධන ගබඩා නොකරන්න.

- හොඳම තත්වයන් යටතේ, ඉන්ධන පවතින්නේ මාස හයක් දක්වා පමණි

- සහ ඉහළ උෂ්ණත්වවල (සාමාන්‍යයෙන් 30˚C ට වැඩි) ගබඩා කළහොත් මෙය සැලකිය යුතු ලෙස අඩු කළ හැකියි. මෙම හේතුව නිසා, කෙටි කාලයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණයක් පමණක් ගබඩා කරගන්න. නැති නම්, ඔබ භාවිතා නොකරන ඉන්ධන සඳහා මුදල් නාස්තියක් සිදු වෙනවා.