වස විස නැති අර්තාපල් පහසුවෙන්ම ගෙදර වවමු.

By Wayomi May 17, 2022 11:50 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කඩෙන් ගෙන් අර්තාපල් පැල වෙලා වගේ තිබ්බොත් විසික් කරලා දානවා නේද? හැබැයි මේ කියන්න යන්නේ ඔබේ නිවසේම අර්තාපල් පහසුවෙන්ම වගා කරන්නේ කොහොමද කියලා. ඔබේ පවුලේ ආහාර වේල් දෙක තුනක්ම කවර් කරන්න පුළුවන්නේ. දැන් තියෙන ආහාර හිඟයට විසඳුමක් වනු ඇති.

- බාගෙට අංකුර වගේ ඇවිත් තියෙන, පැලවුණු අල ටිකක් අරගෙන දවස් පහළොවක් විතර පොලිතින් බෑග් එකක් ඇතුලෙ දාලා තියන්න.

- ඒකෙන් පුංචි අංකුර මතු වෙන්න පටන් ගන්නවා. ඒ අංකුර මතු වෙන අල තමා හිටවන්න ඕන.

 

පස් මිශ්‍රණය හදාගන්නේ මෙහෙමයි,

- මතුපිට පස් කොටස් 1

- කොහුබත් කොටස් ද. 1

- කොම්පෝස්ට් කොටස් 1 .

(අවශ්‍ය නම් වැලි කොටස් 1/4 සහ කුකුල් පෝර ස්වල්පයක් අතිරේකව එකතු කළ හැකියි ) 

- අල බීජ සිටුවා ගැනීමට ඉවත දමන ප්ලාස්ටික් බදුන්, ඒවගේම ඉවත දමන සහල් කවර වැනි කවර වර්ග නිවසින් ඉවත් කරන කුණු බඳුන් වැනි දේවල් යොදා ගන්න.

- ඔබ තෝරගත්ත බඳුනේ/ කවරයේ යටින් ටිකක් ලොකු සිදුරක් හදලා වටේට සිදුරු අටක් දහයක් විතර කපන්න ඕනේ.

- දැන් ඔබ ළඟ තියෙන මොටෙයියන් ඇද ඇති අල කොටස් දෙකකට කපන්න. අංකුර සිටින විදිහට කොටස් තුනකට වුණත් කපන්න පුළුවන්.

- ඊළඟට කස් කරගත් පස් මාධ්‍යයෙන් අඟල් හයක් විතර භාජනයට පුරවගන්න.

- දැන් කපා කොටස් කරගත් අල අංකුර කොටස් අර වටේට හදපු හිල් වලට ආසන්නයෙන් තියන්න.

- ඊට පස්සේ උඩින් ආයෙමත් අඟල් හයක විතර පස් තට්ටුවක් දාන්න. මේ විදියට බඳුණේ උස ප්‍රමාණයට අපිට අල layers කිහිපයක් හදාගන්න පුළුවන්.

- අවසාන අල තට්ටුව සිටුවූ පසු උඩින් පස් දමා වසා දමන්න ඕන .

- දැන් මේකට හොඳට ජලය යොදන්න.

- වියලි තත්ත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇතත් දින දෙකකට වතාවක් පමණ පස වියලෙන්නට පෙර ජලය යොදන්න. ජලය හොඳින් බැස යා යුතු වගේම වැඩියෙන් ජලය දැම්මොත් අංකුර කුණුවීම, විකෘති වීම සිදුවෙනවා.

- අස්වැන්න නෙලන ආසන්න කාලයේදී පත්‍ර මත පමණක් ජලය යෙදීම ප්‍රමාණවත්.

- සිටුවා සති 4 කින් කාබනික පොහොරක් යොදන්න.කෘමි හානිවලට ස්වභාවිකව සදාගන්නා කෘමිනාශකයක් පාවිච්චි කරන්න පුළුවන්.

- සිටුවා මාස දෙකහමාරක් පමණ ගත වෙන කොට වැඩුණු අල පඳුරුවල කොළ කොල කහපාට වෙලා යන්තම් වේලෙන්න පටන් ගන්නවා . අන්න ඒ වෙලාවෙදි අපිට පුළුවන් අස්වනු නෙලන්න.

- අස්වනු නෙළන්න ආසන්න වෙන විට කඳ කොටස් මුලින් කපා දැමීම තුළින් අල ඉක්මනින් මෝරන්න පටන් ගන්නවා.