දේශගුණික මළගමට අත වනන හරිතාගාර වායූන්.

World Environment Day
By Wayomi Sep 18, 2022 10:21 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පෘතුවිය එන්න එන්නම උණුසුම් වෙනවා. ගොඩක් තැන් වල, ගොඩක් වෙලාවට උඩට එන ලොකුම මාතෘකාව තමයි මේ වායුගෝලීය උණුසුම. මේක සිදු වන්නේ හරිතාගාර ආචරණය හේතුවෙන්.

මොකක්ද මේ හරිතාගාර ආචරණය?

? හිරුගේ රශ්මිය උරාගත් වායූන් පෘථිවි වායුගෝලයේ තියෙනවිට පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යනවා. මෙම වායූන් දීර්ඝ කාලයක් පෘථිවි වායුගෝලයේ පහල ස්ථර වල රැඳෙනවා කියන්නේ එයින් පෘථිවි උෂ්ණත්වයට විශාල බලපෑමක් එල්ල කරනවා.

? කියෝතෝ සම්මුතියේදී (Kyoto Protocol) හරිතාගාර ආචරණය සිදු කරන ප්‍රධාන වායූන් වර්ග 6ක් ප්‍රකාශයට පත්කර තියෙනවා.

? ඒ, කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, හයිඩ්රෝෆ්ලොරෝකාබන් (HFC), පර්ෆ්ලොරෝකාබන් (PFC), සහ සල්ෆර් හෙක්සෆ්ලෝරයිඩ් (SF6).

? මේ අතරින් කාබන් ඩයොක්සයිඩ් හරිතාගාර ආචරණයට දක්වන බලපෑම වැඩියි.

? කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුදාහැරිම වැඩි වශයෙන් සිදුවන්නේ ෆොසිල ඉන්ධන (ගල් අඟුරු, ස්වභාවික වායුව සහ තෙල්) ආදිය දහනය කිරීමෙන්.

? ඊට අමතරව ඝන අපද්‍රව්‍ය, ගස් සහ අනෙකුත් ජීව විද්යාත්මක ද්‍රව්‍ය ගිනි ගැනීමෙන් ද සැලකිය යුතු ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් මුදාහැරිම සිදුවෙනවා.

? සිමෙන්ති නිෂ්පාදනය වැනි ඇතැම් රසායනික ප්‍රතික්‍රියා සහිත නිෂ්පාදන ක්‍රියාවලින් තුලින්ද විශාල වශයෙන් මෙම වායුව පරිසරයට මුදා හැරෙනවා.

? මෙලෙස මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් ගස් මගින් උරා ගැනීම සිදුවෙනවා.

? මේ නිසා වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් අඩු කිරීමට ගස් වලින් ලබාදෙන දායකත්වය ඉතා විශාලයි.

? කැපිල්ල පැත්තක දාලා පුළුවන් තරම් ගස් සිටුවන්න කියන්නේ ඒකයි.

? මීතේන් වායුව වායුගෝලයට මුදා හැරීම ප්‍රධානව වශයෙන්ම සිදුවන ක්‍රියාවලින් දෙකක් වන්නේ ගල් අඟුරු සහ ස්වභාවික වායුව (natural gas) නිෂ්පාදනය.

? එමෙන්ම කෘෂිකාර්මික කටයුතු සහ සත්ව පාලයන යන ක්‍රියාකාරකම් නිසායි.

? නයිට්‍රස් ඔක්සයිඩ් මුදාහැරිම කෘෂිකාර්මික කටයුතු, ෆොසිල ඉන්ධන දහනය කිරීම, ඝන අපද්‍රවය දහන කිරීම ආදී කටයුතු නිසා සිදුවෙනවා.

? හයිඩ්රෝෆ්ලොරෝකාබන් (HFC), පර්ෆ්ලොරෝකාබන් (PFC), සහ සල්ෆර් හෙක්සෆ්ලෝරයිඩ් (SF6) මිනිසා විසින් නිෂ්පාදිත වායූන්.

? මෙම වායූන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් සඳහා භාවිත කරනවා. උදාහරණයක් ලෙසින් හයිඩ්රෝෆ්ලොරෝකාබන් ශීතකරණ සහ වායුසමීකරණ සඳහා භාවිතා කරනවා.

? අනෙක් හරිතාගාර වායුන්ට සාපේක්‍ෂව ගත් විට මෙම වායූන් ප්‍රමාණාත්මකව කුඩා ප්‍රමාණයක් තමයි පරිසරයට මුදා හැරෙන්නේ.

? පෘතුවි උණුසුම වැඩිවීම පාලනය කරන්න නම් අපිට කරන්න පුළුවන් පුළුවන් තර,ම් ගස් සිටුවීම සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමයි. මොකද, විදුලි නිෂ්පාදනය වැඩි වශයෙන්ම සිදුවන්නේ ෆොසිල ඉන්ධන දහනයයෙන් වන නිසයි.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW