ආයු බල වර්ණ වඩවන කොළ කැඳ ගැන ඔබ නොදත් තතු..
කැද පෝෂණීය ඖෂදීය ආහාරයකි. ඒ අතර කොල කැද පෝෂණ ගුණයෙන් බහුල පානයක්. මෙම කැද ශ්‍රී ලංකාවට ආවේණිකය. පුරණ ශ්‍රී ලංකාවේ මෙය ප්‍රධාන ආහාරයක් විය. රජතුමාගේ පටන් සියලු ජනතාව කැද පානය කළහ. එපමණක් නොව එය අග්‍ර දානමය ආහාරයක්ද විය. ජනතාව භික්ෂු භික්ෂුණි ට කැද පිදුහ. අනුරාධපුර යුගයේ කැද ඔරු සෑදු බව සදහන් වේ. බුදුන් වහන්සේ ද යාගු(කැද) සුත්‍රය දේශනා කිරීමෙන් කැද පානය කිරීමෙන් ලැබෙන ආනිසංස දහයක් දක්වා ඇත. එනම් ආයු වඩවයි, වර්ණ වඩවයි, බලය වඩවයි, නුවණ වඩවයි, බඩගිනි නසයි, පිපාසා නසයි, වාතය සමනය කරයි, ආමාශය පිරිසිදු කරයි, මල මුත්‍රා පහ වීම පහසු කරයි .
කැඳ වර්ග ගැන කතා කිරීමේදී අපට ධාන්‍ය කැඳ, කොළ කැඳ, පොතු කැඳ හා වෙනත් ආදී වශයෙන් ශරීරයට වඩාත් ගුණදායී කැඳ වර්ග වෙන්කළ හැකිය . මෙම ලිපියේදී, විශේෂයෙන්ම කොළ කැඳ ගැන තරමක් විස්තරාත්මකව කතා කරමින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළත්, ඉහත සඳහන් කළ කැඳ වර්ග කිහිපයක්ද අපි ඔබට හඳුන්වා දෙන්නෙමු.
ධාන්‍ය කැඳ – මෙනේරි කැඳ / කුරක්කන් කැඳ / තණහාල් කැඳ
කොළ කැඳ – හාතවාරිය / ඉරමුසු / හීංබෝවිටියා / මොණරකුඩුම්බිය / දිවුල් කොළ / කරපිංචා කොළ / ගොටුකොළ / රණවරා කොළ / වැල්පෙනෙල කොළ / මුස්සැන්ද කොළ / මුගුණුවැන්න කොළ / ගොනිකා කොළ / උදුපියලිය / එළබටු දළු / කරල් සැබෝ / වැල් තිබ්බටු කොළ / කුප්පමේනියා / යකිනාරං කොළ / පොල්පලා
පොතු කැඳ – බක් මී පොතු කැඳ / දිවුල් පොතු කැඳ
වෙනත් කැඳ – කිතුල් පිටි කැඳ / කොහිල කැඳ / සුදුළූණු කැඳ / රතු ළූණු කැඳ
කොළ කැඳවල ඖෂධීය හා පෝෂණීය ගුණය
විශේෂයෙන්ම ශරීර ප්‍රතිශක්තිය ඇති කරන (ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන ගුණයක්) කොළ කැඳ සතුව පවතී. ශරීරයේ ගෙවී ගිය කොටස් අලුත්වැඩියා කිරීමට උපකාරී වන, වයසට යාම ප්‍රමාද කරන, ශරීරයේ විෂ දුරු කරන, සියලුම පෝෂ්‍යපදාර්ථ එකම ආහාරවේලකින් ලබාගත හැකි අගනා ඖෂධීය පානයක් ලෙස කොළ කැඳ හඳුන්වා දිය හැකිය. මෙම කොළ කැඳ වර්ග දිනපතා පානය කිරීමෙන් ඔබට විවිධ ප්රතිලාභ අත්විඳිය හැකි අතර, එකම කොළ කැඳ වර්ගයක් දිගින් දිගටම පානය කරනවා වෙනුවට එකිනෙකට වෙනස් කොළ කැඳ වීදුරුවක් උදෑසනින් පානය කිරීමෙන් ඔබට අවශ්‍ය ඖෂධීය හා පෝෂණීය ගුණය තවදුරටත් වර්ධනය කරනු ඇත.
1.කරපිංචා කොළ කැඳ – සෙම හා වාතය නසන ගුණය /කෑම අරුචිය, අජීර්ණය හා නොයෙකුත් උදරාබාධවලට ඉතා ගුණදායක පානයකි/ ශරීරයෙහි ඇතිවන විවිධ විෂ මෙන්ම, බාහිරින් ඇතුළු වන විෂ පදාර්ථවල විෂ නසන ගුණයක්ද කරපිංචා කොළ කැඳ සතුව ඇත/ රුධිරගත දෝෂ වළක්වයි/ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි/ අර්ශස් රෝගයට සුදුසුයි/ හිසකෙස් වර්ධනය කරයි/ ගැබිණි මව්වරුනට දරුවා බිහිකිරීමේදී වේදනා ගතිය දුරු කරයි/ කක්කල් කැස්සට යෝග්‍යයි.
2.හීංබෝවිටියා – අක්මාව ශක්තිමත් කරන ගුණය / අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි/ දියවැඩියාව අඩු කරයි.
3.කුප්පමේනියා – පීනස දුරු කරන ගුණය/ විස නැති කරයි/ සෙම් රෝග දුරු කරයි/ කැස්ස අඩු කරයි.
4.දිවුල් කොළ – ශරීරයේ විෂ නසන හැකියාවක් දිවුල් කොළවලට ඇත/ අක්මාව ශක්තිමත් කරයි.
5.ගොනිකා කොළ – ශරීරයේ අභ්‍යන්තර තැලීම්වලදී භාවිත කරන ඖෂධීය කැඳකි.
6.යකිනාරං කොළ – සෙම් රෝග දුරු කරයි/ අක්මාව ශක්තිමත් කරයි.
7.රණවරා කොළ – මුත්‍රා දැවිල්ල අඩු කරයි/ ලේ පිරිසිදු කිරීම/ දියවැඩියාව අඩු කරයි.
8.මුගුණුවැන්න කොළ – ඇස් පෙනීම වර්ධනය කරයි/ ඇස්වලට හිතකර කොළ කැඳ පානයකි/ ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයි/ ශරීරයේ විෂ නසයි/ වයසට යාම පමා කරයි.
9.කරල් සැබෝ – ශරීරයේ දාහය අඩු කරයි/ ලේ යන අර්ශස්වලදී භාවිත කරයි.
10.ගොටුකොළ – ධාරණ ශක්තිය ඇති කරයි/ අලසබව දුරු කරයි/ කුඩා ළමුන්ගේ මොලය වර්ධනය කර ගැනීමට ගොටුකොළ කැඳ ඉතාමත් සුදුසුයි/ බුද්ධිය ඇති කරයි/ කිරිදෙන මව්වරුන්ට ගුණදායකය/ සිරුරට සිසිලස ලබා දෙයි/ ඇස් පෙනීමේ දුර්වලතාවයන් අවම කරයි/ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි/ හිසකෙස් වඩවා දීප්තිමත් කරයි/ ක්‍රියාශීලී බවින් ජීවිතය පවත්වා ගැනීමට උපකාරී වෙයි/ රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කිරීමට උපකාරී වේ/ විටමින් B බහුලව පවතී.
11.වැල්පෙනෙල කොළ – පුරුෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි/ සරු භාවය ඇති කරයි/ අධික රුධිර පිඩනයට ඉතාම ගුණදායකය/ ශරීරයේ වෙව්ලන බව නැති කරයි/ පිළිකා වලක්වන ගුණය පවතී/ ස්නායු පද්ධතිය මනා ක්‍රියාකාරීත්වයෙන් පවත්වා ගනී/ රුධිරය පිරිසිදු කරයි/ අරුචිය නැති කරයි.
12.මොනරකුඩුම්බිය – අක්මා රෝග දුරු කරන ඖෂධීය ගුණයක් මොණරකුඩුම්බිය සතුය / මාන්දම දුරු කරයි / දැවිල්ල නැති කරන ගුණයෙන්ද යුතුය.
13.ඉරමුසු – චර්ම රෝගවලය ඉතා ගුණදායක පානයකි / මුත්‍රා දැවිල්ල අඩු කරයි/ වැල් තිබ්බටු කොළ / ලේ පිරිසිදු කරයි / පණු රෝගය වළක්වයි / කක්කල් කැස්ස වළක්වයි / සෙම් රෝග නැති කරයි / බඩගිනි ඇති කරයි / ශක්ති ජනකයි / විෂ නැති කරයි.
14.පොල්පලා – මුත්‍රා කාරකයක් ලෙස පොල්පලා සැලකෙයි / ශරීරයේ විෂ බැහැර කරයි/ මුත්‍රා මාර්ගයේ ගල් දිය කරයි. / ශරීරයේ දැවිල්ල ඉදිමීම නැති කරයි.
15.උදුපියලිය – විෂ නැති කරන ගුණයෙන් යුතුය / අක්වාමට හිත කරයි / ඇස් පෙනීම වැඩි කරයි.
16.එළබටු දළු – සෙම කැස්ස රෝගීන්ට ගුණදායකය / දරුවන්ගේ සෙම අවස්ථාවලදී හතිය අඩුකරන අතර පපුවට සැහැල්ලුවක් ඇති කරයි.
17.හාතවාරිය – ධාතු ශක්තිය වර්ධනය කරන ගුණයක් හාතවාරිය සතුය/ පෝෂණය ගුණයෙන් ඉතා ඉහළය / ශරීරයේ විෂ නැති කරයි/ ශරීරයේ දැවිල්ල නැති කරයි/ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි / වයසට යාම පමා කරයි.
18.රතු ළූණු – දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය/ සෙම් රෝග අඩු කරයි.
19.සුදු ළූණු – සෙම් සහ වාත රෝග නසයි / ස්නායු ශක්තිය වර්ධනය කරයි/ බුද්ධිය වර්ධනය කරයි / අක්මා රෝගවලට හිතකරය/ අධික රුධිර පීඩනය/ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි / පිළිකා රෝග මැඩඬපවත්වයි/ විෂබීජ මැඬපවත්වයි.
20.කොහිල – දිනපතා භාවිතයට ගත හැකි කැඳ වර්ගයකි/ අර්ශස් රෝගීන්ට සුදුසුය/ මල බද්ධය අඩු කරයි/ බඩවැල් පහත්වීමේ රෝගීන්ට හිතකරය/ අක්මාවට හිතකරය.
කොළ කැඳ ලෙස භාවිතා කෙරෙන ඔසු කැඳක් සකසා ගන්නේ මෙලෙස යි.
• සහල් මිටක් තැම්බෙන්නට ලිප තබන්න .
• තැම්බෙනවිට සුදුලූනු ඉඟුරු හා රතුලූනු ස්වල්පය බැගින් එක්කරන්න .
• කොළ යුෂ මිරිකා පසෙක තබාගන්න .
• ඉතිරි කොළ රොඩු, පොල් ටිකක් සමග කොටා වෙන ම මිරිකා ගන්න.
• බත හොඳින් තැම්බුණු පසු, හැන්දෙන් පොඩිකර පළමුව පොල්කිරි එකතු කර රත් කරන්න .
• අන්තිමට කොළ යුෂ එක්කර කොළ පැහැය වෙනස්වන තුරු නොසිට දුම් නැගී එනවිට බිමට ගෙන ලුණු එකතුකරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |