තව විනාඩි 30ක් පරක්කු උණා නම් ගෝඨාභයව මරා දමනව..කරූ ජයසූරිය ජනාධිපති කරවනව..මෙන්න විශේෂ හෙළිදරව්වක්.(VIDEO)

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Ranil Wickremesinghe Gota Go Home 2022 Omalpe Sobitha Thero
By Aruna Mar 17, 2024 06:51 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වීම වරදක් බව ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

පෞද්ගලික Youtube නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්, ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

ආණ්ඩු වීරෝධි විරෝධතා පැවැති සමයේ බුද්ධි අංශ තම කාර්යය නිසි ලෙස ඉටු නොකළ බවයි සුගීෂ්වර බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.

ඒ මහතා අවධාරණය කළේ, ඒ හේතුවෙන් සමස්ත ආරක්ෂක අංශය කඩා වැටීමට ලක් වූ බවයි.

හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඔහුගේ සමීපතම නිලධරයන් රැසක්ම තමන්ගේ වගකීම් පැහැර හරින ලද බව ද ඔහු කියා සිටියා.

2022 වසරේ මාර්තු 31 වනදා මිරිහාන පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස විරෝධතාකරුවන් වටලන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද නිවස තුළ සිටින බවයි, හිටපු පෞද්ගලික ලේකම්වරයා අනාවරණ කළේ.

එම හමුවීමෙන් ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික සාකච්ඡාවක් සිදු වූ බවයි ඔහු කියා සිටියේ. බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී ඇත්තේ, නිවස අසල විරෝධතාවක් පැවැත්වීමට 150ක පමණ පිරිසක් පැමිණෙන බවටයි.

කෙසේ වෙතත් එම ප්‍රමාණය 2500කට වැඩි පිරිසක් පැමිණෙනු ඇතැයි බුද්ධි නිලධාරින් ප්‍රකාශ නොකළ බවයි සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ.

එය පාලන කිරීම සඳහා කැරලි මර්දන ඒකක යොමු කිරීම ප්‍රමාද වුණා.

ඔහු ඉල්ලීමක් සිදු කරන්නේ, ඒ සම්බන්ධයෙන් එම කාලයේ දී සිටි ආරක්ෂක අංශ ප්‍රධානින්ගෙන් ජනතාව ප්‍රශ්න කළ යුතු බවටයි.

අදාළ විරෝධතාකරුවන් පළවා හැරීමට ආරක්ෂක අංශ පැය භාගයක් පමණ ප්‍රමාද වූයේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීමට සැලසුම් කර තිබූ බවටයි, ඔහු අනාවරණ කර සිටියේ.

හිටපු පෞද්ගලික ලේකම්වරයා හෙළිදරව් කර සිටියේ, මෙම විරෝධතාව සඳහා මුස්ලිම් ප්‍රජාවේ අය නායකත්වය ලබා දුන් බවයි.

මැයි මස 09 වැනිදා විරෝධතාව සඳහා 25,000ත් 30,000ත් අතර පිරිසක් එක් වන බවයි, බුද්ධි අංශ දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත් එය අතිවිශාල පිරිසක් ලෙස පරිවර්තනය වනු ඇතැයි බුද්ධි ප්‍රධානියා දැනුවත් ව නොසිටි බව ද සුගීෂ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිටවීම සඳහා ඉන්දියාව පෞද්ගලික ජෙට් යානාවක් ලබා දීමට සූදානමින් සිටි බවයි, අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු හෙළිදරව් කර සිටියේ. කෙසේ වෙතත් අවසන් මොහොතේ දී ඔවුන් විසින් එය ලබා දී නොමැති බවයි ඔහු කියා සිටියේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් හිටපු ජනාධිපතිවරයා මාලදිවයින බලා ගමන් කළ බවත්, ඒ සඳහා ඕමල්පේ සෝභිත නාහිමියන් සහාය වූ බවට අසත්‍ය කරුණු ප්‍රකාශ කරන බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා කියා සිටියා.

ඒ මහතා හෙළිදරව් කර සිටියේ, ධුරයෙන් ඉවත් වී කරුජයසූරිය මහතා ජනාධිපතිවරයා ලෙස නම් කරන ලෙසට උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බවයි.

මෙවන් පසුබිමක ඕමල්පේ හිමියන් තවදුරටත් සිංහල බෞද්ධ ජාතික බලවේගය නියෝජනය නොකරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර පෞද්ගලික ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීමේ තිරය පිටුපස කතෝලික පල්ලිය, මුස්ලිම් ප්‍රජාව සහ දෙමළ ඩයස්පෝරාව සිටි බවත් සිංහල බෞද්ධ බලවේග ඒ අතර නොසිටි බවයි.