වෛද්‍යවරයා කියන විදිහටම ඖෂධ ලබාගත යුත්තේ ඇයි?

Sri Lanka Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Jun 24, 2022 05:35 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඖෂධ ලබාගැනීමේදී ගොඩක් අය කරන වැරැද්දක් තමයි නිවැරදි මාත්‍රාවට, නිසි වෙලාවට ලබානොගැනීම. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් ඖෂධයක් නියම කරන්නේ කෑමට පෙර සහ පසු. ඒ, ආහාර සහ ඖෂධ අතර අතර අන්තර් ක්‍රියාවන් පාලනය කිරීමේ අරමුණින්.

නමුත් වෛද්‍ය උපදෙස් වලින් තොරව ඔයාගේ හිතුමනාපෙට ඖෂධ ගත්තොත් මොකද වෙන්නේ?

💊 ඔබ ගන්නා ආහාර තුළ ඇති රසායන කොටස්, ඖෂධවල අඩංගු රසායන සංඝටකයන් සමඟ ක්‍රියා කිරීමෙන් ඖෂධය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම.

💊 ඖෂධ වර්ග හා ආහාර එකම වේලාවට ගැනීම මගින් ආහාර මාර්ගයේදී ඖෂධ උරාගැනීමට බාධා ඇති වීම.

💊 ඖෂධ සිරුරට අවශෝෂණය කිරීම ප්‍රමාද කිරීම හෝ අඩු කිරීම.   

ඖෂධ සහ ආහාර අතර අන්තර්ක්‍රියා හේතුවෙන් සිදු වන හානි අවම කරගන්නේ කොහොමද?

💊 නිතරම ඖෂධ ලබා ගැනීමට පෙර ඇසුරුමේ ලේබලයේ ඇති උපදෙස් හොඳින් බලන්න. ඒ දේවල් තේරෙන්නේ නැත්නම් වෛද්‍යවරයාගේ හෝ ඖෂධවේදියාගේ අහන්න.

💊 ඖෂධ සැමවිටම ඇසුරුමේ සඳහන් උෂ්ණත්වයේ තබාගන්න. සමහර ඖෂධ තියෙනවා ශීතකරණයේ තබා ගත යුතු ඒවා. තවත් සමහර ඒවා ශීතකරණයේ තැබීම සුදුසු නැති ඒවා.ඒ වගේම ඕනෑම ඖෂධයක්ම අධික උණුසුමෙන් ඈත් කර තබන්න.

💊 ඒ වගේම සෑම වෙලාවකම ඖෂධ සම්පූර්ණ වතුර වීදුරුවක් සමඟ ලබාගන්න. මද්‍යසාරමය පාන, විවිධ සිසිල් බීම වර්ග සමඟ ඖෂධ ගන්න එපා .

💊 සමහර කෑම වර්ගත් සමඟ බෙහෙත් මිශ්‍ර කරලා දෙනවා. ඒත් කිසිවිටකත් ඖෂධ ආහාර සමඟ මිශ්‍ර කර නොගත යුතුයි.

💊 එමෙන්ම කරල් බෙහෙත් ලබාදුන් විට කැප්සියුලය නොගලවා භාවිත කළ යුතුයි.

💊 ඔබ ලබාගන්න බෙහෙත් වර්ගය තවත් ලෙඩකට බොන බෙහෙත් වර්ගත් එක්ක එකට බොන්න එපා. මොකද, සමහර ඖෂධ කෙරෙහි වෙනත් ඇතැම් ඖෂධ වර්ග එහෙමත් නැත්නම් බෙහෙත් වර්ග හා ඛනිජ ලවණ වර්ග බලපෑම් ඇති කරනවා.

💊 ඒ වගේම උණුසුම් පාන වර්ග සමඟ මිශ්‍රකර ඖෂධ භාවිතා කරන්න එපා. හේතුව,උණුසුම මගින් ඖෂධවල රසායනයට බලපෑම් ඇති කරන නිසා. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW