හිටිහැටියේම මතු වූ කාන්තාරයේ ගෑස් ආවාටය. (VIDEO)
මීට වසර 6, 7කට කලින් උතුරු ටර්ක්මෙනිස්තානයේ කාන්තාරයෙහි පරතරයක් සහිත, ගිනිමය ආවාටයක් විවර වුණා. එය හඳුන්වන්නේ අපායේ දොර හෙවත් ‘දර්වාසා ආවාටය’ (Darvaza Crater) ලෙසයි. මෙය අදටත් දැවෙමින් පවතිනවා.
- 1971 දී මීතේන් වායුව ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෝවියට් භූ විද්‍යාඥයින් විසින් හිතාමතාම ගිනි තැබූ අතර එතැන් සිට එය අඛණ්ඩව දැවෙමින් පැවති බවයි වාර්තා වෙන්නේ.
- මෙම ගෑස් ආවාටය අක්කර 1⅓ ක්වූ භූමි ප්‍රමාණය පැතිරී පවතින අතර එහි විෂ්කම්භය අඩි 226 වන අතර එහි ගැඹුර අඩි 98 ක්.
- මෙය පිහිටලා තියෙන්නේ ටර්ක්මෙනිස්තානයේ අගනුවර වන අෂ්ගාබාත් නගරයට උතුරින් කිලෝමීටර් 260 ක් (සැතපුම් 160) පමණ දුරින් පිහිටි කරකුම් කාන්තාරය මධ්‍යයේයි.
- දර්වාසා ගෑස් ආවාටය සහ අවට ප්‍රදේශය, සාමාන්‍යයෙන් කූඩාරම් සවි කර ඇති ස්ථානය ඇතුළුව, ආවාටය ආශ්රිත ප්‍රදේශය ටර්ක්මනිස්ථානයේ භූ විද්‍යාඥ ඇනටෝලි බුෂ්මකින්ට අනුව 1971 දී මෙම ස්ථානය සෝවියට් ඉංජිනේරුවන් විසින් හඳුනා ගන්නා ලදී.
- එය මුලින් සැලකුවේ සැලකිය යුතු තෙල් බිම් ප්‍රදේශයක් ලෙස ය. එම ස්ථානයේ ඇති තෙල් ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා ඉංජිනේරුවන් විසින් විදුම් යන්ත්‍රයක් සවි කර මෙහෙයුම් සිදු කළහ. මූලික සමීක්ෂණයෙන් ස්වාභාවික ගෑස් නිධියක් හමු වූ විගසම, විදුම් යන්ත්‍රය ආවාටයේ හෑරීම් කරන්නට විය.
- ගුහාවේ සිට භයානක වායූන් ඉවත් කළ යුතු බවට අපේක්ෂා කළ ඉංජිනේරුවන් වායුව දහනය කිරීම සුදුසු යැයි පැවසුවා. සති කිහිපයක් ඇතුළත වායුව දහනය වන බවට ගණන් බලා තිබූ නමුත් ඒ වෙනුවට එය වසර 50 ක් අඛණ්ඩව දැවී ගිය අතර එය තවදුරටත් දැල්වෙමින් පවතිනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |