ඉහළ නිලධාරියෙකුගේ නිවසට මල් වඩමක්

Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison Latest Headlines
By Sewvandhi Mar 18, 2024 01:50 PM GMT
Report

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, ගාල්ල බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයෙකුගේ නිවස ඉදිරිපිට මල් වඩමක් සහ ඉටි පන්දමක් යමෙකු විසින් තබා ඇති බවයි.

එම සිද්ධිය අද (18) උදෑසන වාර්තා වී තිබුණි. අදාළ ජේලර්වරයා ගාල්ල බන්ධනාගාරයේ විනය අංශයේ සේවය කරන නිලධාරියෙක් බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ.

මෙම නිලධාරියා විසින්, ගාල්ල බන්ධනාගාරයට පිටතින් විසිකරන පාර්සල් කිහිපයක තිබී ජංගම දුරකථන 13ක් සහ දුම්කොළ සොයාගෙන ඇති බවත් ඊයේ සවස ද පිටතින් විසිකළ පාර්සලයක් මෙම නිලධාරියා විසින් සොයාගෙන තිබුණි.

ඒ අවස්ථාවේ රැඳවියෙක් එම නිලධාරියා සමග බහින්බස් වීමක් ඇතිකර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙයි.

මෙම සිද්ධියට මුහුණදුන් නිලධාරියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගෙන ඇති බවද දිසානායක මහතා පැවසීය.