දකුණු පුරේ අසිරි බලන්න ගාළු වටේ රවුමක් යමු ...(PHOTOS)

Galle Sri Lanka Tourism Sri Lanka Tourism Tourist Visa
By Subodha Sep 06, 2022 08:56 AM GMT
Subodha

Subodha

in රචනා
Report

ලෝකයේ සුන්දරම රටවල් අතරින් ප්‍රධානම රටක් වගේම සංචාරක ආකර්ශණය අතින් ප්‍රමුඛ පෙලේ රටක් වන ශ්‍රි ලංකාව කියන්නේ සංචාරකයන්ට දිව්‍යමය ඖෂධයක් වැනිය. දින සති මාස අවුරුදු පුරා නිරන්තරයෙන් වෙහෙස මහන්සිව කාරය බහුලව වැඩ කරන ඔබ ඔබේ සෞඛ්‍යට හිතකර වෙන්න ඇවිද යන්න ලංකාවේ ඔනම තැනක් මම නිරිදේශ කරන්නේය. ලංකාව වටේම තියෙන ලස්සනම සුන්දරම තැන් අතරේ සුන්දරම තැනක් තමයි දකුණු පුරේ කියන්නේ . දකුණු පුරෙත් විශේෂ සුන්දරත්වයකට උරුමකම් කියන ස්ථාන අතර සුවිශේෂි ස්ථානක් වන දකුණු පුරේ අගනගරය ගාල්ල වටේ යමුද අද රවුමක් අපි . අද මේ කියනේ ගාලු පුරේ අසිරි ගැනයි..

ගාල්ලේ බලන්න තියන වැඩිම සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන නම් බොහෝයි. සැතපුම් 6.5 ක් පුරා පැතිර පවතින මෙම නගරය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස ද නම් කර ඇත. ගාල්ල පුරාණයේ සිටම වෙළද නගරයක් ලෙස ප්‍රසිද්ධව පවතී. ගාලු වරාය, ඉන්දියන් සාගරය තුළ එහි පිහිටීම නිසාම සුවි‍ශේෂී වරායක් ලෙස ප්‍රසිද්ධව ඇති අතර ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ පැරණි බයිබලයේ සදහන් දකුණු ආසියාවේ මහා වෙළද නගරය වන ටර්ෂීෂ්, ගාල්ල විය හැකි බවයි.

  • ගාලු කොටුව
  • ගාල්ල ප්‍රදීපාගාරය
  • ගාලු කොටුව ඔරලෝසු කණුව.
  • රූමස්සල කන්ද
  • සමුද්‍ර කෞතුකාගාරය
  • ජංගල් බීච්
  • මිරිස්ස තල්මසුන් නැරබීම
  • සීනිගම දේවාලය මේ අතර ඇති තැන්ය.

01. ගාලු කොටුව

ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. මෙය පෘතුගීසින් විසින් ක්‍රි.ව. 1505 දී ලංකාව ආක්‍රමණය කරනු ලදුව සතුරු කරදර වලින් ආරක්ෂා වීම සඳහා සාදවන ලද බලකොටුවකි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී.

ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය. එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එහි ලන්දේසි ගෘහ නිර්මන ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි. ඒ බැවින් එහි සුන්දරත්වය හා චමත්කාරය විඳ ගැනීමට යා යුතුම තැනකි

02. ගාල්ල ප්‍රදීපාගාරය

ගාල්ල ප්‍රදීපාගාරය යනු ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ පිහිටියා වූ පුරාණ ගාලු කොටුව තුල මුහුදු වෙරළට ආසන්නෙයන් ඉදිකරන ලද ප්‍රදීපාගාර කණුවකි. එය නඩත්තු කිරීම සහ එහි මෙහෙයුම් පවත්වා ගැනීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනි. 1848 දී ඉදි කෙරූ මෙම ප්‍රදීපාගාරය 1934 වසරේදී ගින්නකට හසුව විනාශ විය. වර්ථමානයේ දක්නට ලැබෙන්නේ නැවත ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රදීපාගාරයයි. මෙම ප්‍රදීපාගාරය අයත් වන සම්පූර්ණ ගාලු කොටුව භූමිය 1988 දී යුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි ලැයිස්තුවටද එක් කෙරුණි.

03. ගාලු කොටුව ඔරලෝසු කණුව

දකුණු පළාතේ ගාලු කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ. බැලූ බැල්මට ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටු බැම්මත්, ඔරලෝසු කණුවත් එකම කාලයකදී සිදුකල නිර්මාණයන් ලෙස දෘෂ්‍යමාන වූවත් ගාලු කොටුව ඔරලෝසු කණුව පසුකාලීනව ඊට එකතු කරන ලද දේශීය සිංහල ධනපතියකුගේ ධන පරිත්‍යාගයක් යටතේ ඉදි වූවකි.

04. රූමස්සල කන්ද

රූමස්සල කන්ද නමින් හැඳින්වෙන්නේ ගාල්ල නගරයට නුදුරින් ගාල්ල - මාතර මහාමාර්ගය පදනම් කරගෙන කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි කඳු පර්වත සහිත වනාන්තර භූමියකි. සුවිශාල තැනිතලා බිමකට නෑකම් කියන ගාලු දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයට ආසන්නව මෙවන් කඳු වැටියක් පිහිටා තිබීම ඇදහිය නොහැකි කරුණක් බවයි ඇතැමුන් පවසන්නේ. ගාල්ල පිහිටි රූමස්සල කන්ද හේතුවෙන් ද නගරය ප්‍රසිද්ධ වී ඇත.

ඉතා දුර්ලභ වර්ගයේ ශාඛ වලින් යුතු, වර්ග ප්‍රමාණය හෙක්ටයාර 150කින් හා උසින් මීටර 100කින් සමන්විත වූ වන දහනකි. තෙත් කළාපයේ මෙන්ම වියළි කළාපයේ ශාඛ වර්ගද දක්නට ලැබෙන මෙහි සීමාව ලෙස වැල්ලේ දේවාලය සිට බොනවිස්ටා කොරල්පරය දක්වා මුහුද අද්දර සීමාව සැළකේ.කොටින්ම කිවහොත් රූමස්සල කන්ද එම ස්ථානයට ආගන්තුක කන්දකි.දිගටිව සහ සිහින්ව පිහිටි මෙම අසිරිමත් කුඩා කඳු වැටියේ පුරාම ඉතාම දුර්ලභ ගණයේ ඖෂධ වර්ග බොහොමයක්ම පවතින බව කියනු ලැබේ. මෙහි ඇති ඖෂධ වර්ග ගණන 150 ද ඉක්මවන බව විද්වත්හු පවසති.

රූමස්සල කඳු වැටිය සම්බන්ධයෙන් ගෙතී ඇති ජනප්‍රවාද සංඛ්‍යාව ද සුළුපටු නොවේ. මෙම කඳු මුදුනේ පලතුරු ගස් ඇති අතර ඒවායේ ඉදුණු පලතුරු පවතී. විටෙක රූමස්සල කඳු වැටිය තරණය කරන්නෝ එහි අතරමං වෙති. එවිට එහි පවතින පලතුරු කෑවොත් ඔවුන්ට ඉදිරියට ගමන් කිරීමට ඇති මාර්ගය පෑදෙන බවත් යළිත් මංමුලා නොවන බවත් කියනු ලැබේ.

05. සමුද්‍ර කෞතුකාගාරය

සමුද්‍ර කෞතුකාගාරය දකුණු වෙරළ කළාපයේ සාගර ජීව විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක කරුණු පිළිබදව මහජනතාව දැනුවත් කරන එකම කෞතුකාගාරය ‍වේ. මෙම කෞතුකාගාරය ගාලු කොටු‍වේ 1671 ඉදිකරන ලද පැරණි ලන්දේසි ගබඩාව තුල පිහිටා ඇති අතර 1992 මැයි 9 වැනි දින මහජනතාව සඳහා විවෘත කරන ලදී.ජාතික වෙරළාසන්න කෞතුකාගාරය පිහිට තිබෙන්නේ ගාලු කොටුව අභ්‍යන්තරයේය. 2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් මෙම කෞතුකාගාරය මුළුමනින්ම විනාශ වූ අතර එහි වූ සියළුම ප්‍රදර්ශන භාණ්ඩ වලට හානි සිදු විය.

ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංස්කෘතික සහයෝගීතා වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජය සමුද්‍ර කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍යමය ආධාර සපයා ඇත. අවුරුදු 3 ක් පුරා සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව ජාතික සමුද්‍ර කෞතුකාගාරය නැවත මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව ඇත. මෙහි ප්රලදර්ශනය කරන සමුද්රිරක මෙවලම් දියයට කෙරුණු ගවේෂණ වලදී හමුවූ ඒවාය.මේ අතර සිතියම්,කඹ,මැටිබඳුන්,බියර් පානය කරන කෝප්ප,දුම් පයිප්ප,බැරල්,ගිවිසුම්,කාලතුවක්කු සහ නාවික පාවහන් විශාල ප්‍රමාණයෙන් ඇත

06. ජංගල් බීච්

මෙම සුන්දර වෙරළ තීරයට සුදුවැල්ල ලෙසද ව්‍යවහාර කෙරේ . නමුත් මෙය ජංගල් බීච් ලෙස ප්‍රසිද්ධ වී ඇත. ගස්ගල්,කුඩා ලදු කැලෑ මැදින් ඇති කුඩා පාරක් මැදින් ගොස් මෙම සාමකාමී සුන්දර වෙරළ තීරයට ලගා විය හැක. ඒ අවට සංචාරකයන්ගේ ගිමන් නිවා ගැනීමට අවන්හල් පිහිටා ඇත. ගාලු නගරයේ සුන්දරත්වය මෙතැනට වඩාත් හොදින් දර්ශනය වේ. මෙයට පහලින් පිහිටා ඇති බොනවිස්ටා හෙවත් සොඳුරු දසුන යනුවෙන් හඳුන්වන කොරල් පරය මෙරට හොඳම සජීවී කොරල් පරය ලෙස හඳුන්වයි. 71% ක් සජීවී කොරල් පරයක් වන මෙහි ඝන අඩි 30කට වැඩි කොරල් පර 35 ක් ඇති බව සොයාගෙන ඇත.

07. මිරිස්ස 

මිරිස්ස වෙරළ තීරය සහ රාත්‍රී ජීවිතය එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් කරයි. එය ධීවර වරායක් වන අතර දිවයිනේ ප්‍රධාන මිරිස්ස නිල්, ස්පර්ම් හා මිනීමරු තල්මසුන් නැරඹීම සඳහා ලොව ප්‍රධාන ස්ථානයක් ලෙස සැලකේ. මෙය ලංකාවේ තල්මසුන් නැරඹීමේ ස්ථාන තුනෙන් වඩාත් ජනප්‍රිය ස්ථානයක් වී ඇත්තේ ප්‍රදේශයේ ඇති දර්ශනීය මුහුදු වෙරළ සහ වඩාත් සංවිධානාත්මක තල්මසුන් නැරඹීමේ යටිතල පහසුකම්ය. සංචාරක ගමනාන්තයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සහ ක්‍රියාකාරකම් අනෙක් ස්ථාන 2 ට සාපේක්ෂව මිරිස්සේ වැඩි දියුණු කර ඇත. මිරිස්ස සඳහා වන තල්මසුන් නැරඹීමේ කාලය නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය වන අතර දෙසැම්බර් සිට අප්‍රේල් කාලයේ ඉහළ යයි. ඉහලම අවස්ථාවන්හි තල්මසෙකු දැකගැනීමේ සම්භාවිතාව 90% වඩා වැඩිය.

08. සීනිගම දේවාලය

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුල වේරගොඩ පිහිටි සීනිගම දේවාලය (ශ්‍රී දෙවොල් දේවාලය) මෙරට ඓතිහාසික වැදගත්කමකින් යුතු දේවාලයක් ලෙස හැඳින්වේ. කොළඹ-මාතර මහා මාර්ගයේ හික්කඩුවට ආසන්න, මුහුදු වෙරලේ සිට කුඩා දුරකින් පිහිටි දූපතක මෙම දේවාලය ඉදිකොට තිබේ. ධීවරයින් හා ඔවුන්ගේ බෝට්ටු ආදිය රැකදෙන්නේ යැයි විශ්වාසයේ පවතින, දෙවොල් දෙවි වෙනුවෙන් මෙම දේවාලය ඉදිකාට ඇත.


මෙපමණක් නොව ගාලු පුරේ සුන්දර තැන් බොහෝමයි කියා නිම කල නොහැකි තරම්ය. මෙම ස්ථාන අතරට පරවී දුව පන්සල , දික්වැල්ල හුම්මානය, යාල ජාතික වනෝද්‍යානය ,මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවාස හා ගැමි කෞතුකාගාරය, මාදු ගගේ මාළුන්ගෙන් දෙපා සම්භාහනය, හිනිඳුම කල්වාරි පුදබිම, වතුරවිල ආරණ්‍ය සේනාසනය ආදි බොහෝ ස්ථාන වේ ඔබත් විවේකිව පවුලේ අය සමග ගාලු පුරේ අසිරි බලන්න යන්න අමතක කරන්න එපා.        


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery