පෙට‍්‍රල් රුපියල් 25කින් සහ ඩීසල් 25කින් යළි වැඩි කරයි?..

Ceylon Petroleum Corporation Parliament of Sri Lanka Champika Ranawaka Sri Lanka Petrol diesel price
By Aruna Nov 18, 2022 11:26 PM GMT
Report

සාමාන්‍යයෙන් අයවැය කතාවේ වියදම් යෝජනා තියෙනවා. නමුත් ආදායම් යෝජනා නැහැ.

ආදායම් යෝජනා ගණනාවක් යෝජනා කරලා තියෙනවා. එකක් ‘තෙල් මත පනවන ලද බදු’ පෙට්‍රල් ලීටරයක් මත රු.25 ක් අපිට වාර්තා වෙලා තියෙන විදියට.

ඩීසල් ලීටරයක් මත රු.25 ක්, බොරතෙල් ලීටරයක් මත රු.20 ක් හැටියට ආනයනික බදු අතිරේක වශයෙන් යොදවලා තියෙනවා.

වෙන වචනවලින් කිව්වොත් පෙට්‍රල් මිල, ඩීසල් මිල රු. 25 කින්, බොරතෙල් මිලරු. 20 කින්ම් ඉහළ යාම නිසා බොරතෙල් නිෂ්පාදනවල වියදමත් ඉහළ යනවා’ 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අයවැය ඇස්තමේන්තුගත වියදම ද නිවැරදි නොවන අතර, එම ඉලක්කමෙන් බිලියන 3800 ක් සඟවා තැබීම හේතුවෙන් වියදම ද අවප්‍රමාණය කොට ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

43 සේනාංකය විසින් 2023 අයවැය සම්බන්ධයෙන් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක් වූ රණවක මහතා; “අයවැය කතාවට අනුව රටේ මුළු ආදායම රු. බිලියන 3,456 යි.

මුළු ගෙවීම් රු. බිලියන 7,879 යි. ණයක් හැටියට ගණකාධිකරණ මූලධර්ම මත සඳහන් නොකලත් රජයේ මුල්‍ය බරක් මේ භාණ්ඩාගාර බිල්පත්. ඒ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම ආසන්න වශයෙන් ලබන වසරේ බිලියන 3,800යි.

ඒ වගේම දැනට මේ අයවැය යෝජනා වල යම් යම් ආකාරයකට වියදම් ලැයිස්තුවක් තියෙනවා බිලියන 40 අධික. ඒ සියල්ල එකතු වුණාම ආණ්ඩුවේ මුළු වැය බර බිලියන 11,800 ට ආසන්නයි.

ඒ කියන්නේ බිලියන් 3800 ක් කොහෙවත් සඳහන් කරලා නැහැ.

නමුත් ඒක අපේ වැය බරක් හැටියට තියෙන්නේ. නොයෙක් මූලධර්ම භාවිතා කරනවා මේවා වාර්තා කිරීමේදී. ඒ ඒවට මුවා වෙලා අරක අයින් කරලා තියෙනවා.

ඒක භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මහ බැංකුව විසින්. ඒ බිල්පත් මිලදී ගත්ත අයට ගෙවන්න තියෙන දෙයක්. තුන් මාසෙට, හය මාසෙට වර්ෂයට වෙන්න පුළුවන්.

ඒ වර්ෂයට අඩු ගාන තමයි මම මේ සඳහන් කළේ. ඒ නිසා මේ වියදම් පාර්ශවය පිළිබඳව ගෙවන්න තියෙන වැය බරක් කපා හැරලා තමයි මේ 7879 දාලා තියෙන්නේ.

මේක මුදල් අමාත් යාංශය දිගටම අනුගමනය කරන ක්‍රියාවලියක්. රාජ්‍ය ගිණුම් අනුව මුළු ණය ගැනීමේ අවශ්‍යතාව බිලියන 4979 ක් කියලා තියෙනවා.

එයින් මුළු ණය ආපසු ගෙවීම, බිලියන 2025 ක් යොදලා තියෙනවා.

සරලව ගත්තම මුළු වැය බර ගත්තහම රුපියලක ආදායමට රුපියල් 3.40 ක් ගෙවීම තමයි මේ අයවැයේ තියෙන්නේ. මේ ආදායම යථාර්ථවාදීද?

මේ බිලියන 3456 ක් ගන්න පුළුවන්ද? මේ වසරේ ආදායම කීයද? මේ වසරේ ඒ අයවැය කතාව කියපු දවසේම ඉදිරිපත් කරපු වාර්තාවලට අනුව මේ වසරේ ආදායම, බලාපොරොත්තුවෙන පුරෝකථනය කරන ආදායම, රුපියල් බිලියන 1900 කට ආසන්න ප්‍රමාණයක් එතකොට ඒ වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් වන බිලියන් 3600 ක් හොයන්න පුලුවන්ද?

දෙගුණයක් වෙලා තියෙනවද ලංකා ඉතිහාසයේ? බැසිල් රාජපක්ෂ මහත්තයත් කිව්වා බිලියන් 2500 ක් හොයනවා කියලා. නමුත් ආවේ 1900 යි.

ලබන වසරේ කර්මාන්ත කඩා වැටීම් සහ තවත් ප්‍රශ්න මත මේක තවත් අවුල් වෙන්න පුළුවන්.

මෙහෙම පැත්තක් තියනවා. බඩු මිල ඉහළ යාම නිසා වැට් බදු ආදායම වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්ඒ ඇරෙන්න වෙනත් කිසිම ආකාරයකට මේ අලුත් ආදායම් බදු වලින් හෝ අලුත් වැට් බදු වලින් හෝ අලුත් සෙස් බදු හෝ වෙනත් බදු වලින් කිසිම විදිහකට මේ ආදායම සොයා ගැනීමේ හැකියාවක් නෑ.

මේක නිකන් ඉලක්කමක් විතරයි. සාමාන්‍යයෙන් අයවැය කතාවේ වියදම් යෝජනා තියෙනවා.

නමුත් ආදායම් යෝජනා නැහැ. ආදායම් යෝජනා ගණනාවක් යෝජනා කරලා තියෙනවා.

එකක් ‘තෙල් මත පනවන ලද බදු’ පෙට්‍රල් ලීටරයක් මත රු.25 ක් අපිට වාර්තා වෙලා තියෙන විදියට.

ඩීසල් ලීටරයක් මත රු.25 ක්, බොරතෙල් ලීටරයක් මත රු.20 ක් හැටියට ආනයනික බදු අතිරේක වශයෙන් යොදවලා තියෙනවා.

වෙන වචනවලින් කිව්වොත් පෙට්‍රල් මිල, ඩීසල් මිල රු. 25 කින්, බොරතෙල් මිලරු. 20 කින්ම් ඉහළ යාම නිසා බොරතෙල් නිෂ්පාදනවල වියදමත් ඉහළ යනවා.

විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය පාවිච්චියට ගන්න බැර තෙල් වල මිල ඉහළ යනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ ගාස්තු නැවත වතාවක් ඉහළ යනවා. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. මේක කොහෙවත් සඳහන් කරලා නෑ.

සෙස් බද්දක අදහස මොකක්ද? තේ වලට සෙස් ගහනවා කියන එකේ අදහස තමයි ඒ බද්ද ඒ කර්මාන්තයේ දියුණුවට යොදා ගන්නවා කියන එක.

ඒ ගන්න සල්ලි වලින් පඩි ගෙවන්න බැහැ. නමුත් අපේ රටේ වෙලා තියෙන්නේ ඒක තමා. ඉතින් ඒ නිසා මේ සෙස් බදු වලින් වෙන්නේ අවසානයේ භාණ්ඩ මිල ඉහළ යාම විතරයි.

ඒක භාණ්ඩ 100 කට පමණ බලපාන විදියට නියෝග නිකුත් කරලා තියෙනවා.

ආනයනික බදු ප්‍රමාණයන් වෙනස් කරලා තියෙනවා. ඉතින් මේ සියල්ලේම බර එනවා. හැබැයි ඒවායින් කොතරම් ආදායමක් ආණ්ඩුව අපේක්ෂා කරනවාද කියන එක ගැන මේ ආදායම් විස්තරයක් ඉදිරිපත් කරලා නෑ.

ඒ අනුව මේ ආදායම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රාග්ධන වියදම ගත්තාම නැවත වතාවක් පාරවල්වලට අති දැවැන්ත මුදලක් වෙන් කරලා තියෙනවා.

ගිය වසරෙත් බැසිල් රාජපක්ෂ මහත්තයා පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරනවා කිව්වා. ඉංගිරියට, කඩවතට අධිවේගී මාර්ගයක් හදනවා වගේ ගොඩාක් කතා ගොඩක් කියලා තමයි අපිට බිලියන 1072 ක බිලක් දැම්මේ.

නමුත් ඇත්තටම කරලා තියෙන්නේ ගිය මුළු අවුරුද්දෙම බිලියන 300 යි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නාස්තිකාර ව්‍යාපෘති නිසා ඒ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙන මුදල රුපියල් බිලියන 235 ක්.

ඒක නොගෙවපු නිසා ඇටසැකිලි වගේ තැන් තැන්වල, කොහුවලට යන කොට, ඉහළින් ගහන්න ගිය පාර, කොම්පඤ්ඤ වීදියට යන කොට ඉහළින් ගහන්න ගිය පාර, ගැටඹෙට යන කොට ඉහළින් ගහන්න ගිය පාර අතරමග නතර වෙලා. කඩවත මීරිගම පාර අද අතරමග නතර වෙලා. ඒක කරගන්න බැහැ.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ හදන්න ගිය ගෙවල් හැම තැනකම දැවැන්ත කටවුට් ගහලා, මැදිමහල් නිවාස හදනවා කියලා යෝධ ආයෝජන කරන්න ගිහිල්ලා.

අද ඒවා ඇටසැකිලි වගේ තියෙනවා. එහෙම්මම අත ඇර දාලා ගිහිල්ලා. කර්මාන්තකරුවෝ ඒ හැමෝම අමාරුවේ වැටිලා තියෙනවා. ඉතින් මෙහෙම තියාගෙන ආයේ කියනවා අපි ආයේ වියදම් කරනවා කියලා.

ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ රටට කරන ලොකු වංචාවක්. ආණ්ඩුව මුලින් කරන්න ඕනේ.

පරණ බිල් ටිකවත් ගෙවලා දාලා ඒ කර්මාන්තකරුවන් යම් ප්‍රමාණයකට ආරක්ෂා කරලා ඉවර කරන්න පුළුවන් ව්‍යාපෘති ටිකවත් ඉවර කරන එක.

ඒවා නොකර අලුතෙන් තව අධිවේගී මාර්ග කරන්න යනවා. අලුතෙන් කොමිෂන් ගහන්න. අපි දන්නවා මේ රට බංකොලොත් වෙන්න ඒක ප්‍රධාන හේතුවක්.

ඒ මහා මාර්ග දෙපාර්තමේන්තුව, මහාමාර්ග ආයතන සහ ඒවායේ නිලධාරීන් හා ඒවත් එක්ක ගැට ගැහිච්ච ජාවාරම්කාර ව්‍යාපාරිකයන් විසින් කල දෑ.

නැවත නැවත සිදුවීම ඉතාමත්ම භයානක ගමනක්. වර්තන වියදම බිලියන 4609 යි. මේකෙන් වැටුප් සහ පොලී පොලී ගෙවන්න තියෙනවා අති විශාල ප්‍රමාණයක්. මේ දෙකේ එකතුව 3195 යි.

බිලියන 1414 ක් තියෙන්නේ රාජ්‍ය අංශයේ වෙනත් වියදම්. ඇතැම් වෙලාවට අතිකාල දීමනා වෙන්න පුළුවන්.

එහෙම නැත්නම් රාජ්‍ය අංශයේ විදුලි බිල. ජල බිල, ප්‍රවාහන බිල, කාර්යාල බිල්.

මේවා තමයි තියෙන්නේ. එතකොට පිරිමැසුම්කරණය ගැන කතා කරනවා නම්, ආණ්ඩුව මුලින් මේකෙන් කොටසක් ඉතුරු කරලා පෙන්නන්න ඕනේ.

ඉතුරු කරන්න කිසිම යෝජනාවක් මේකේ නැහැ. සමාජ මාධ්‍ය ජාලාවල තියෙන්නේ අයවැය කියන්නේ අපෙන් අරන් උන් වියදම් කරන එකට තමයි අය වැය කියන්නේ.

එන්න ඒක සත්‍යාපනය වෙනවා. මොකද වියදම් කප්පාදුවට මොනම පියවරක්වත් නැහැ. වියදම් නිකන් කප්පාදු කරන්න බැහැ.

වියදම් කප්පාදු කිරීමට ආදර්ශය අවශ්‍යයි. ජනාධිපතිතුමාගේ වියදම්, අමාත්‍ය මණ්ඩලයේ වියදම්, පාර්ලිමේන්තුවේ වියදම් යන ආදී වශයෙන් සෑම ක්ෂේත්‍රයකම වියදම් කප්පාදුවකින් තොරව පැහැදිලි ආදර්ශයක් නොදී මේක කරන්න බැහැ.

කැබිනට් මණ්ඩලයත් අලුතෙන් වැඩි කරන්න යනවා. ඒක ඇත්ත. ඒවා පාලනය කරලා නොදී නම් පිරිමැසුම්කරණයක් කරන්න බැහැ.

ඒ වගේම මේ කැබිනට් මණ්ඩලය වැඩියි කියලා කෑකොස්සන් ගහන අයටත් අපි කියනවා තමන් ආණ්ඩු හදන්න යනවා නම්, තමන්ගේ කැබිනට් මණ්ඩලය දැන් පත් කරලා පෙන්නන්න.

නැත්නම් අපි ආවහම කරන්නම් කියන එක නෙමෙයි උත්තරේ. තමන්ගේ කැබිනට් මණ්ඩලයේ කවුද? කීදෙනෙක් ඉන්නවාද?

කවුද ඒගොල්ලෝ? තමන්ගේ රාජ්‍ය නිලධාරීන් කවුද? කියන එක ගැන අදහසක් රටට අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි.

මිනිස්සුන්ටත් අපි කියනවා තමන්ගේ කැබිනට් මණ්ඩලය නම් නොකොට එන කිසිම කෙනෙකුට මැතිවරණයකදී ඡන්දේ දෙන්න එපා දෙවතාවක් හිතන්න.

අහුවෙන්න එපා. මොකද මේ සාමූහික වංචා වලට අහුවෙලා ලංකාව හොඳටම පුරුදුයි.

අපි පහුගිය කාලවල ගත්ත දේශපාලන තීන්දු වලට ප්‍රධාන හේතු වුණේ එක්කෝ සාමූහික බය. සහරාන්ගේ ප්‍රහාරත් එක්ක මුළු රටකම මිනිස්සු සාමූහික බියකට යටත් කළා.

ගර්භාෂ යුද්ධය කියලා මායාවක් ගෙනාවා. බොරුවක් ගෙනාවා. ඒ බොරුකාරයෝ ටික රට බියපත් කළා. අනිත් පැත්තෙන් සාමූහික උන්මාදයකට රට ගෙනිච්චා.

මේ ලී ක්වාන් යූ එනවා, දුටුගැමුණු අවතාරය එනවා. ධර්මපාලතුමාගෙන් නැවත ඉපදීම, මහතීර් මොහොමඩ් එනවා. ඉතින් එනවා.

ෆිදෙල් කැස්තෝ එනවා කිය කිය රට මහ මානසික උන්මාදයකට ලක්කළා. සාමූහික බියට පත් කිරීමෙන්, සාමූහික උන්මාදයකට පත් කිරීමෙන්, මීඩියා ෂෝ වලින් නැවත වතාවක් මේ රට වලපල්ලට යවන්න හදන්න එපා.

තමන්ගේ වැඩපිළිවෙල වගේම, තමන්ගේ කණ්ඩායම මොකක්ද කියලා ඉදිරිපත් කරන්න කියලා විපක්ෂයේත් වගකීමක් තියෙනවා. මේ බදු වැඩි කිරීම මගින් ආණ්ඩුවේ ආදායම් වැඩි කරගන්න උත්සාහ කරනවා.

ඒකෙන් වෙන සමාජ ප්‍රතිඵල ගැන හිතන්න. වෘත්තීයවේදීන්ට බදු ගහන කොට, වෘත්තීයවේදීන් රට ඇරලා යන එක ගැන හිතන්න.

කර්මාන්ත වලට බදු ගහන කොට, කර්මාන්ත කඩා වැටෙන එක ගැන, කර්මාන්ත විදේශගත වෙන එක ගැන හිතන්න. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. රටේ දුගී දුප්පත්කම වැඩිවෙලා තියෙනවා. ලෝක බැංකු වාර්තාවට අනුව දෙගුණයකින්.

දැන් අපි ඉන්නේ ආයෙත් දුප්පත්කමින් 2005 හිටපු තැන. විරැකියාව වැඩි වෙමින් තියෙනවා. විශේෂයෙන්ම වතුකරයේ දුප්පත්කම 52% ක් තරම් ඉහළ අගයක තියෙනවා.

එතකොට මේ අය රැක ගැනීම සඳහා විධිමත් සමාජ ආරක්ෂණ දැලක් අවශ් යයි. දුප්පත්කමේ පීඩාව මිනිස්සුන්ට තදින්ම තියෙනවා.

දැන් ඒක ලෝක බැංකුවේ පෙන්නලා දීලා තියෙනවා. රටේ දුප්පත්ම සමාජ තීරුව සීයට විස්ස. ඒ සීයට විස්සෙන් සීයට හතළිස් අටටයි. කවර හෝ සමාජ ආරක් ෂණයක් ලැබෙන්නේ ආණ්ඩුවෙන්. ඒ වගේම ඉහළම ආදායම් ලබන සීයට විස්සේ සීයට දොළහකටත් සමෘද්ධිය ලැබෙනවා.

වැඩිහිටි සහනාධාරය ලැබෙනවා. ආබාධිත සහනාධාරය ලැබෙනවා. ඒ නිසා මේ සල්ලි වෙන් කළාට වැඩක් නෑ. නිශ්චිත සමාජ රෙජිස්ටරයක් නැතුව ඒ කියන්නේ විධිමත් සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් නැතුව ඒවා කිරීම නිසා විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

දෙසැම්බර් මාසයේ හෝ මාර්තු මාසයේ මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුමකට යනවා කියන විශ්වාසයත් එක්ක ඇතිකරගෙන තියෙන තත්ත්වය මත ඇතිවෙලා තියෙන මේ තාවකාලික තත්ත්වයන් කඩා වැටෙන්න පුළුවන්.

ජනතාවට ඇත්ත කියලා, මේ රටේ ආර්ථික ජාතිකවාදයක් ගොඩ නඟලා, අපේ ආහාර ටික නිපදවා ගන්න, ඖෂධ නිපදවීම වැඩි දියුණු කරගන්න.

ඉන්ධන පිළිබඳ ප්‍රශ්නය විසඳාගන්න, පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න වැඩපිළිවෙලකට යා යුතුයි මූල්‍ය අරමුදල තිබුණත්, නැතත් ඒක තමයි අපගේ ස්ථාවරය. මේ අය වැය තවත් ඉලක්කම් විජ්ජාවක් හැටියට තමයි අපිට පේන්නේ.

මෙහි ප්‍රතිඵල අපට ලැබෙන්නේ ලබන දෙසැම්බර් මාසෙදි. මේ ඉලක්කම් ඇත්තද, නැත්තද කියලා. ඉතින් ඊට කලින්ම අපි කියනවා මේ ඉලක්කම් යථාර්ථවාදී නැහැ. ඒ වගේම බංකොලොත් රටකට මෙය ගැලපෙන්නෙත් නැහැ.

ඒ නිසා යථාර්තවාදී විදිහට රජය, ජනාධිපතිතුමා කටයුතු කල යුතුයි. ඒ වගේම දැන් පවතින දේශපාලන අස්ථාවරත්වය මුන් වලින් රට තවත් පමා කරන්නැතුවම, විධිමත් සාමූහික ප්‍රයත්නයකට, සාමූහික ආණ්ඩුවකට රට ගමන් කල යුතුයි”

ප්‍රශ්නය : ලබන අවුරුද්දේ ළමයින්ගේ පාසල් වාරයක් ආරම්භ වෙනවා. පොත්පත්වල මිල ගණන් අධික ලෙස වැඩිවෙලා තියෙනවා. විශේෂයෙන් ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරකට සමහරක් වෙලාවට ඒ පඩිය පවා දරාගන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. කොහොමද විය යුත්තේ සහ මොකක්ද කළ හැකි පාසල් යන ළමුන්ට මොකක්ද වෙන්නෙ මේ මොහොතේ. වෙන්නේ කොහොමද?

පිළිතුර: පාසල් දරුවන්ගේ පොතපත ඒ කඩදාසි මිල ගණන් බෝල් පොයින්ට් පෑන, ෆයිල් කවරේ ඉඳන් ඒවා ගොඩක් විදේශ වලින්නේ අපි ගෙන්නන්නේ. ඒකට මේ ඩොලර් හිඟය බරපතල විදියට බලපාලා තියෙනවා. ඒ වගේම පිටස්තර විදිහට මේවා ආනයනය කරන අය අධික මිල ගණන් වලට මේවා විකුණනවා.

ඒක නිසා ඇත්තටම දැන් මේ ඉස්සරහ කාලේදී ඡන්දේ පවත්වන්න කියලා කිව්වට ඡන්දේ පවත්වන්න එක ගහගන්න පුළුවන් කොළ ටිකක් තියෙයිද කියන ප්‍රශ්නය පවා දැන් ඇවිල්ලා තියෙන්නේ.

ඒ තැනටම මේ රට ගමන් කරලා තියෙන්නේ. පුවත්පත් පිළිබඳව කතා කළොත් පුවත්පත් ගණනාවකටම වෙන ආදායම් වලින් පුවත්පත් ඔය ගහනවා මිසක් පුවත්පත් ව්‍යාපාරයම කරන අයට ඒ පුවත්පත් පවත්වා ගැනීමට තවදුරටත් හැකි වෙලා නැහැ. ලේඛකයින්ට, සාහිත්‍ය මාසයක් තියෙනවා.

නමුත් ලේඛකයෙකුට අද පොතක් ගහලා, රු.300 කට අඩුවෙන් විකුණන්න ක්‍රමයක් නැහැ. පාසල් දරුවෝ හතළිස් පන් ලක්ෂයක් විශ්ව විද් යාල දරුවෝ, මේ හැම කෙනාවම අධික පීඩනයකට මේ ලියන කියන ද්‍රව්‍ය, විශේෂයෙන්ම පෑන්, පොත්, පැන්සල්, අඩු ම ගානේ පාසල් දරුවන් සඳහාවත්, ඒ පාසල් දරුවන්ගේ ලිපි ලේඛන, අර පොත් ටික නොමිලේ ලබාදෙනවා වගේ, යම් සහනශීලි ආකාරයකට රජය ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

දෙමාපියන්ට තියෙන අනෙකුත් ආහාර, බෙහෙත් ටික ගන්න තියෙන ප්‍රශ්නත් එක්ක, මේවා දරාගැනීමේ හැකියාව ඉතාම අඩුයි.

ප්‍රශ්නය: පෙට්‍රල් මිල ආයෙමත් ඉහළ යයිද?

පිළිතුර: අයවැයෙන් යෝජනා කරලා තියෙනවා ඉන්ධන වල මිල වැඩි කරන්න අපට තියෙන තොරතුරු අනුව. ඒක ආණ්ඩුව තමයි කියන්න ඕනේ පෙට්‍රල් ලීටරයකට, ඩීසල් ලීටරයකට රු. 25 ක, බොරතෙල් ලීටරයකට රු.20 ක ආනයන බද්දක් පනවලා තියෙනවා.

ඒක නිවැරදි කිරීම බලශක්ති ඇමති සහ අමාත්‍යාංශයට භාරයි. මෙම මාධ්‍ය හමුවට එක්වූ 43 සේනාංකයේ මුදල් ලේකම් සුමේද රත්නායක මහතා සඳහන් කළේ. මෙම අයවැය ආණ්ඩුවේ බර මුළුමනින්ම සාමාන්‍ය ජනතාවගේ කරපිටට පැටවූ අයවැයක් බවය.

“රජයේ ආදායම මුළුමනින්ම ලබාගැනීමට සැලසුම් කරලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාව මත පැනවෙන බදු වලින්, ඒ වගේම අනෙකුත් ගාස්තු වලින්.

අපනයන සංවර්ධන මණ්ඩල පනත යටතේ සෙස් බද්දක් පනවලා තියෙනවා. භාණ්ඩ හයසිය හතළිස් හතකට මේ බද්ද ගෙවන්න සිද්ධ වෙනවා.

මේ බද්දත් එහෙම පිටින්ම සාමාන්‍ය ජනතාව අතට පාස් කිරීම සඳහා තමයි සිද්ධ වෙන්නේ. වැටුප් වැඩිවීමකින් තොරව ඔවුනට මේ ආදායම් බදු ගෙවීමට සිද්ධ වෙන නිසා, ඔවුන්ගේ වැටුප් වල අඩුවීමක් සිද්ධ කරන්න පුළුවන්.

අපි දකින්නේ නැහැ මේ අයවැය. අන්න ඒ වගේ නිර්මාණාත්මක දිහාවට පැති බලලා තියෙනවා කියලා. ජීවන වියදම දිනෙන් දින දරාගන්න බැරි තත්වයට වැඩි වුනොත් මේක සමාජ අසහනයක් දක්වා වර්ධනය වෙලා ඉතා දරුණු තත්වයක් මේ රට තුල ඇති වෙන්න පුළුවන්.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අදාළ බලධාරීන් මූල්‍ය පාලනය කිරීමේදී අන්තවාදයකට කොටු වෙලා.

මේ තත්ත්වයෙන් මිදිලා නැවත වතාවක් රටට ආදායම් ඇතිවෙන විදියට නිෂ්පාදනය වැඩිවෙන ආකාරයේ ඉලක්කයක් වෙත යොමු වුණා නම් අපිට අපේ රට අද වර්තමානයේ වැටිලා තියෙන තත්වයෙන් ගොඩගන්න පුළුවන් වේවි.

ඉතින් විපක්ෂයටත් වගකීමක් තියෙනවා. අයවැය සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කරමින් ඒවා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කිරීමට”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now