ඉන්ධන පිරවුම් හලේ දී හමුදා නිලධාරියකුට පිහියෙන් අනියි..

By Sithumi Jul 03, 2022 01:54 PM GMT
Report

අද පස්වරු ඇඹිලිපිටිය 100 කණුව ඉන්ධන පිරවුම්පලේදී ඇතිවු සිද්ධියකින් අනතුරුව හමුදා නිලධාරියෙකු කැපුම් තුවාල සහිතව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ රෝහල්ගත කර ඇත්තේ කදුරුගස්ආර ඉන්ජිනේරු බලකා කදවුරේ හමුදා නිළධාරියෙකි.

පිහියකින් යුධ හමුදා නිලධාරියාගේ අත යම් පුද්ගලයෙකු කපා ඇති බවත් වාර්තා වෙයි. මේ සමබන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය පරීක්‍ෂණ සිදුකරනු ලබයි.