සංචාරක හෝටලයේ ඝාතනය ගැන තොරතුරු එළියට.
ඊයේ පෙරවරුවේ මාතර, වැලිගම මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල සංචාරක හෝටල් දෙකක් පවත්වාගෙන යන දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී සිදුකළ පහරදීමකින් තියුණු ආයුධයකින් පහරදී සංචාරක ව්‍යාපාරිකයෙක් ඝාතනය වුණා.
එම සිද්ධියට මේ වන විට සැකපිට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුවෙක් සහ සැකකාරියන් තිදෙනෙකු සිටින බවයි.
සැකකරු උල්හවත්ත දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර සැකකාරියන් වයස අවුරුදු 18,40 සහ 55 යන වයස්වල පසුවන මිරිස්ස සහ අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සකියා සිටියා.
ගසක් කැපීම හේතුවෙන් හටගත් ආරවුලක් දුරදිගයාමෙන් තියුණු ආයුදයකින් පහරදී මෙලෙස පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ.
එහිදී මියගොස් තිබුණේ "මාකඳුරේ මදූෂ්ගේ" ගෝලයකු බව පැවසෙන "සන්ශයින් සුද්දාගේ" සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලීසිය සඳහන් කළා.