අපි කන සමහර ආහාර වර්ග වල ෆෝමලින් අඩංගු බව ඔබ දන්නවද?

Ministry of Health Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jul 26, 2022 11:53 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

? මුහුදු අයිනේ ඉන්න අය හොඳ මාළු කෑවට ඒවා රට මැදට එද්දී විෂ වෙනවා. මොකද කල් තියාගෙන නැවුම් වගේ විකුනන්න ඕනෙ නිසා ඒවාට ෆෝමලින් එකතු කරනවා. ෆෝමලින් කෑම 80C° ට රත් කරත් විනාශ වෙන්නේ නැහැ.

? ඒ වගේම එළවලු, පළතුරු වගේම නුඩ්ල්ස්, සෝයාමීට් වලටත් ෆෝමලින් එකතු කරනවා.

? මීට අමතරව මී කිරි කල් තියාගන්නත් හට්ටියට ෆෝමලින් දානවා.


ෆෝමලින් එකතු කළ ආහාර හඳුනාගන්නේ කොහොමද?

? මාළු නම් අතින් තද කරලා බලන්න. එබෙනවා නම්, පිළී ගඳක් එනවා නම් හෝ කරමල රෝස වගේ රතු පාටක් තියෙනවා නම් ඒවා හොඳ මාළු.

? හැබැයි මාළු සුදුමැළි වෙලා නම්, පිළී ගඳත් අඩුයි නම්, ඇස් දීප්තිමත් ව පැහැදිලිව කන්නාඩියක් වගේ නම් ඒවා කීයටවත් මිලදී ගන්න එපා.

? ඒ වගේම ෆෝමලින් ගහපු මාළු ඉව්වට පස්සේ රබර් එක වගේ. ඒ විතරක් නෙවෙයි වේලපු ලුණු තියන මාළු ගන්න එපා. දැල්ලෝ එහෙම අතින් කඩන්න පුළුවන්. හැබැයි රබර් වගේ නම්, ඒකට පිහියක් ඕන නම් ඒවාට අනිවාර්යයෙන්ම ෆෝමලින් දාලා.

?? එළවලු පළතුරු වර්ග කහට පිපෙන්නේ නැතිව, පණුවෝ ගහලා නැත්නම්, මේ දැන් නෙලාගත් සේ නැවුම් ගතියට තියෙනවා නම්, හොයලා බලලා ගන්න.

? නූඩ්ලස් එහෙම පාටින් අඩු ඒවා ගන්න. කහ පාට ඇදෙන සුළු නූඩ්ලස් තම්බනකොට ගඳයිනම් ඒවට ෆෝමලීන් දාලා.

? සෝයත් එහෙමයි. රබර් ගතියක් දැනෙනවා නම් ඒවාට ෆෝමලීන් දාලා.


ෆෝමලීන් වල ප්‍රතිවිපාක

? ෆෝමලීන් වායුවට නිරාවරණය වුණොත් හුස්ම ගන්න අමාරුයි.

? උගුර නහය දැවිල්ලයි.

? ඇදුම රෝගය ඇති වෙනවා.

? සමේ දද කුෂ්ඨ හැදෙනවා

? ආහාර මාර්ගයට එකතු වුනාම ලේ වමනය, මලමූත්‍රා එක්ක ලේ පිට වෙනවා.

? රුධිර සංසරණ පද්ධතියේ සංකූලතා ඇතිවෙලා මැරෙන්න වුණත් පුළුවන්.

? පිළිකා හැදෙනවා.

? වකුගඩු ආබාධ.

? අක්මා ආබාධ.

? පෙනහලු ආබාධ


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW