කෙමිකල් කාලා ලෙඩ වෙන්නේ නැතිව ස්වභාවික Food Colouring ගෙදරදීම හදන විදිහ.
අද වන විට ආහාර කලාවට නැතුවම බැරි දෙයක් තමයි food colouring කියන්නේ. නමුත් කෘත්‍රිම food colouring ඔබේ සෞඛ්‍යට නම් එතරම ගුණදායක නැහැ. සෞඛ්‍යවේදීන් කියන විදිහට නම් food colouring වලට දාන කෙමිකල් නිසා පිළිකා වැනි තත්වයන්ද බෝ නොවන රෝගද ඇති විය හැකියි. ටිකක් හිතන්න food colouring දාලා හදපු රස රස කෑම බබාලටත් ඔබ නිටරම දෙනවා නේද?
එහෙනම් ඉතින් අදම පටන් ගන්න මෙන්න මේ විදිහට ගෙදරදීම food colouring හදලා. ගෙදරදීම රස කෑම වර්ග හදන්න.
රතු පාට
🟥 බීට් කපලා වතුර චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරලා පෙරාගන්න.
🟥 තම්බපු බිත්තර බීට් කෑල්ලක් දාපු උණු වතුරෙ දාල තියලා ගත්තම ලස්සන රෝස පාට බිත්තර හදාගන්න පුළුවනි.
🟥 ඒ වගේම බීට් ජූස් ටිකක් බත් වලට, නූඩ්ල්ස් වලට දාල ගන්න පුළුවන්. තම්බපු අල වලට දාල සැන්ඩ්විච් වලට පාවිච්චි කරන්නත් පුළුවන්.
🟥 කැමති නම් දෙළුම් යුෂ ගන්න පුළුවන් සරුවත් වගේ බීම වර්ග වලට( දෙහි බිම)
🟥 ඒ වගේම වදමල් තම්බපු වතුර හොඳයි.
කොළ පාට
🟩 නිවිති කොළ වතුර එක්ක බ්ලෙන්ඩ් කරලා ලස්සන තද කොළ පාටක් ගන්න පුළුවන්.
🟩 ඒ වගේම රම්පේ යුෂ, පාස්ලි කොළ යුෂ වගේම කොළ කැඳ හදන්න ගන්න ඕනම කොළ වල සාරයෙන් කොළ පාට වර්ණකය හදාගන්න පුළුවන්.
කහ පාට
🟨 කහපාට හදාගන්න හොඳට ඉදුණු අඹ වල යුෂ හෝ වට්ටක්කා යුෂ ගන්න පුළුවන්.
🟨 හොඳ තත්ත්වයේ සැෆ්‍රන් උනත් කහ පාට ගන්න පාවිච්චි කරන්න පුළුවන්.
🟨 එහෙමත් නැත්නම් ස්වභාවික කහ අල, කුඩු වලින් කහ වර්ණය ගන්න පුළුවන්. අමු කහ අල තම්බල හොඳින් අව්වෙ වේලගෙන කුඩු කරල ස්වභාවික කහ කුඩු හදාගන්න.
තැඹිලි පාට
🟧 කැරට් යුෂ භාවිතා කරන්න පුළුවන්.
දම් පාට
🟪 නිවිති ඇට බ්ලෙන්ඩ් කරලා හදාගන්න පුළුවන් වගේම රාජාල තම්බලා ගන්න වතුර වලිනුත් පුළුවන්.
🟪 නිල්කටරොළු යුෂ වලට දෙහි බින්දුවක් දාලත් ලස්සන දම් පාටක් හදාගන්න පුළුවන්.
නිල් පාට
🟦 නිල් කටරොළු මල්. ජූස් වලට, බත් වලට මේවා භාවිතා කරන්න පුළුවන්.
රෝස පාට
🌸 ස්ට්‍රෝබෙරි, රාස්බෙරි හෝ ඩ්‍රැගන්ෆෘට් වලින් ලස්සන රෝස පාටක් ගන්න පුළුවන්.
දුඹුරු පාට
🟫 කෝපි ඇට කුඩු කරලා, කොකෝවා ඇට වලින්, වගේම තද තේ කහට වලිනුත් මේ වර්ණය ගන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |