සියල්ල පුදුම කරමින් සඳ මතුපිටින් සොයාගත් අලුත්ම සාක්ෂිය මෙන්න.

China Technology Full moon World news
By Aruna Jan 13, 2022 03:08 AM GMT
Report

චීනයේ Chang'e-5 යානය චන්ද්‍රයාගේ මතුපිට ජලය සොයා ගෙන ඇති අතර මේ පිළිබඳ ස්ථානීය සාක්ෂි විද්‍යාඥයින් විසින් සොයා ගත් පළමු අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන පර්යේෂකයන් කියා සිටින්නේ යානය විසින් ජල අණු හෝ හයිඩ්‍රොක්සයිල්, H2O හි සමීප රසායනික සලකුණු අනාවරණය කරගත් බවයි.

Chang'e-5 එහි ගොඩබෑමේ ස්ථානයට සමීපව ඇති regolith විශ්ලේෂණය කිරීමට වර්ණාවලීක්ෂයක් භාවිතා කල බවයි.

එහිදී බොහෝ පසෙහි ජල සාන්ද්‍රණය මිලියනයකට කොටස් 120 කට වඩා අඩු බව සොයා ගන්නා ලදී, එමඟින් සඳ මතුපිට පෘථිවියට වඩා බොහෝ වියලි වි ඇති බව චීන පර්යේෂකයන් පවසන්නේ.

චීන විද්‍යාඥයන් විශ්වාස කරන්නේ බොහෝ අණු සඳ වෙත පැමිණියේ සූර්ය සුළං බද්ධ කිරීමේ ක්‍රියාවලියක් මගිනි.

සූර්යයාගෙන් ආරෝපිත අංශු හයිඩ්‍රජන් පරමාණු චන්ද්‍ර මතුපිටට ගෙන ගිය අතර පසුව ඒවා ඔක්සිජන් සමඟ බන්ධනය වී ජලය සහ හයිඩ්‍රොක්සයිල් සෑදී ඇති බවයි.

මෙම අධ්‍යයනය නාසා ආයතනයේ 2018 දී ප්‍රකාශයට පත් කරන ලද සොයාගැනීම් මත ගොඩනැගී ඇත එය වාතයේ අධෝරක්ත දුරේක්ෂයක් භාවිතයෙන් සඳෙහි හිරු එළිය මතුපිට ජලය ඇති බවට සාක්ෂි සොයාගත් විටයි.

දශක ගනනාවක් තිස්සේ විද්‍යාඥයින් විශ්වාස කළේ සඳ එහි නොමැති වායුගෝලය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වියලි බවයි.

වායුගෝලයක් නොමැතිව, හිරුගේ රළු විකිරණවලින් ජල අණු ආරක්ෂා කිරීමට කිසිවක් නොමැති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now