Finance company වාහනයක් බලෙන් ඉස්සුවොත් මොකද වෙන්නේ?
වාහනයක් මිලදී ගද්දී සම්පූර්ණ ගානම දීලා ගන්න හැමෝම ධනවත්තු නෙවෙයි. ඒ නිසා ගොඩක් දෙනෙක් කරන්නේ finance කරලා වහනයක් ගන්න එක. හැබැයි අමාරුවෙන් ගෙවා ගෙන ගිහින් වාරික හිග වූ වෙලාවට "මාරාන්තික සීසර්ලා" ඇවිත් වාහනේ ඉන්න අය එළියට දාලා බලෙන් අරන් යනවා. ඒ කියන්නේ වාහනය උස්සන එක. එහිදී finance company විසින් නීතිවිරෝධී ලෙස කටයුතු කරන අවස්ථාද ඕන තරම් තියෙනවා. සමහරවිට ඔබත් එවැනි ඉරණමක් අත් වූ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒ සම්බන්ධව තියෙන නීතිමය වටපිටාව මොන වගේද කියලා.
| මේ සම්බන්ධයෙන් අදාල නීති ප්‍රතිපාදන "2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 20 වගන්තිය මගින් නිසි පරිදි නොගෙවන්නේ නම් කඩිනමින් ගෙවන ලෙස නියම කිරීම (20-අ),සන්තකය ආපසු ගැනීම(20-ආ(i),සහ යම් අලාභයක් වේ නම් ඒ සදහා බලය (20-ආ-ii) වගන්ති" යටතේ දීමණාකාර පාර්ශ්වයට හිමිකම ඇති බව දක්වා ඇත.මේ පනතේ ඔබට වැදගත්ම වගන්ති දෙකක් තමයි, 27 සහ 28 යන වගන්ති දෙක. |
27 වගන්තිය අනුව,
27(අ) =පොලිස් ස්ථානය භාර නිලධරයා වෙත දැනුම් දීම.
27(ආ) =සාමය කඩවීම වලක්වාලීම සඳහා ඒ පොලිස් ස්ථානයේ පොලිස් නිලධරයකුගේ සහාය ලබා ගැනීම.
27(ඇ)=ප්‍රතිරෝධය පෑමක් නොමැති නම් සන්තකය නැවත ලබා ගැනීම. යන කටයුතු සදහා බදු දීමනාකරුට අවසර ඇත.
- 27(ඇ) අනුව, පොලිස් නිලධාරීන් එක්ක පැමිණියත් අදාල දේපළ එවකට සන්තකය තිබෙන අයගේ ප්‍රතිරෝධයක් නැත්නම් පමණක් ලබා ගත හැකි අතර දේපළ බලෙන් ගැනීමේ හැකියාවක් නීතිය මගින් කිසිසේත්ම ලබා දී නැහැ.
- මේ පනතේ 27 වගන්තිය අනුව කටයුතු කරන්න බැරි වෙලාවට ගත යුතු ක්‍රියා මාර්ගය ලෙස 28 වගන්තියෙන් පෙන්වා දෙන්නේ, , "දිසා අධිකරණය " වෙත යන්න කියලයි.
finance company පොලිස් නිලධාරීන් එක්ක ඇවිත් වාහනේ බලෙන් ගත්ත කාලේ ඉවරයි, දැන් එහෙම අවොත් නියමිත විදිහට පොලිසියට පැමිණිලි කරන්න, ඒ වෙලාවට පොලිසියට සිදු වෙනවා අයුතු ඇතුල්වීම, අයුතු අවහිරය, තුවාල සිදු කිරීම, බලෙන් ලබා ගැනීම සහ සොරකම හෝ කොල්ලකෑම යන අපරාධ වැරදි මත වාහනය බලෙන් ගන්න ආපු අයව උසාවියට ගෙන්න.