වාහනයක් මිලදී ගන්න පෙර ඔබත් සැලකිලිමත් විය යුතු කරුණු..
වාහනයක් කියන්නේ හැමෝගෙම හීනයක්. මොකද ඔබේ තත්වය පිළිබදව තීරණය කරන ප්‍රධානම සාදකයක් වෙනවා වාහනය. මෙරට වාහනයක් මිල දී ගැනීමේ දී අපේ රටටම අනන්‍ය වූ සාධකයන් රැසක් පිළිබඳව අවධානය යොමු කළයුතුවනවා.
භාවිත කළ වාහනයක් මිලදී ගැනීම.
එලෙස කිරීමෙන් අලුත් යන වචනය සමග බැදෙන අනවශ්‍ය විශාල මුදලකින් ඔබට ගැලවීමේ හැකියාව තියෙනවා. අලුතින් මෝටර් රථයක් මිල දී ගත් මොහොතේම එහි වටිනාකමෙන් කොටසක් අහිමි වෙනවා ඒකට හේතුව වෙන්නේ ඊළඟ වසර 5 තුළ සෑම වසරකම මෝටර් රථය තව තවත් ක්ෂය වීම නිසා.
අවුරුදු පහකට පසු, මෝටර් රථයක වටිනාකම මුලින් ගෙවූ මුදලට වඩා සැලකිය යුතු ලෙස මිල පහත වැටීමකට පත් වෙනවා. නමුත් භාවිත කළ වාහනයක් මිළදි ගන්නවනම් එහි කාර්මික දෝශ පරීක්ෂා කිරීම වගේම භාවිත කර තිබෙන කාලය ගැන සැලකිලිමත් වීමත් වැදගත් වෙනවා.
එන්ජිම සහ අනෙකුත් පරීක්ෂාවන් සඳහා කාර්මික ශිල්පියෙකුගේ සහාය ලබා ගත හැකියි.
මිලදී ගැනීමට පෙර පදවා බැලීම
වාහනය අලුත් හෝ පාවිච්චි කරන ලද එකක් වුවත් මිල දී ගන්නට පෙර, ඔබ විසින්ම පැද බැලීම වැදගත් වෙනවා.
එහි ගියර් ක්‍රියාකාරීත්වය, සෙන්සර් ආදී වෙනත් පහසුකම් ඔබට ගැලපෙන පරිදි තිබේ ද යන්න ඉන් වටහා ගැනීමට හැකියාව තිබෙනවා කාන්තාවක් විසින් පදවන ලද බව, සේල් එකක නොව නිවසකම තිබූ එකක් ය යන බව දැන් පොදුවේ සෑම වාහනයකටම කියන කාරණයක්.
ඒ නිසා නිසි පරීක්ෂාවකින් පසුව මිල දී ගැනීම වැදගත් වෙනවා. එසේම, පාවිච්චි කළ වාහනයක් මිල දී ගන්නේ නම් මුල් අයිතිකරු ප්‍රදේශයට ගැලපෙන සේ එය භාවිතා කර ඇති ද යන බව සොයා බැලිය යුතු වෙනවා.
උදාහරණයක් ලෙස, කඳු ඇදීමට අපහසු වාහනයක් එවන් පෙදෙසක නිරන්තරයෙන් ධාවනය කර තිබුණහොත් එන්ජිම, බ්රේක් ආදිය බෙහෙවින් ක්ෂය වී තිබෙන්න පුළුවන් නිසා.
වාහනය භාවිත කරන කාරණයට අනුව වාහනයක් මිලදී ගැනීම
ගන්නා වාහනයේ ස්වභාවය එය පදවන ප්‍රදේශයට අනුකූල ද යන්න සැලකිල්ලට ගැනීම වැදගත් වෙනවා. ඔබ දිනපතා රැකියාවට යෑමට නම් දුර ගමන් යෑමට සිදුවෙනවනම් ඊට අනුකූල වාහනයක් ගන්න එක වැදගත් වෙනවා.
කඳුකර ප්‍රදේශයක් නම් ඊට ගැලපෙන බව, මාර්ගයේ ඇති කඩතොළුවලට ඔරොත්තු දීම (Suspension) සහ වාහනයේ පොළොවේ සිට ඇති උස (Ground clearence), ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට එය ඔරොත්තු දෙන්නේ ද යන්න සැලකිලිමත් විය යුතුවෙනවා
ඔබේ මාසික ආදායමට සරිලන වාහනයක් මිලදී ගැනීම
මෙහිදි වැදගත් වන්නේ ඔබේ අතේ ඇති මුදලට සරිලන වාහනයක් මිලදී ගැනීම. වාහනය මිලදි ගැනීමට වැය වෙන මුදල්ම නොවේ. ඔබ මෙහිදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕනි. එය නඩත්තු කරන්න යන වියදමත්.
මෙතෙක් ඔබට ඇති ණය, වියදම්වලට එරෙහිව මාසිකව ලබන ආදායම ගැන සටහනක් හදාගන්න. එයට නිවසේ වියදම් (ආහාර, අලුත්වැඩියාවන් ආදිය), දරුවන්ගේ හෝ ඔබෙන් රැකෙන්නන් වෙත යන අමතර වියදම්, බිල්පත් ගෙවීම්, ඔෆිස් පාටි හා උත්සව කාලවල දී ඇතිවන විශේෂ වියදම් යන දේවල් ඒ ලැයිස්තුවට එක් කරන්න. වාහනයක් මිල දී ගැනීමත් සමගම, මුද්දර ගාස්තු, රක්ෂණ වියදම්, බලපත්‍ර අලුත්කිරීම් වැනි වියදම් එක් වේ. අනතුරුව වාරිකයට අමතරව නඩත්තු, ඉන්ධන ආදී තවත් වියදම් එක් වෙනවා.
මේ සියල්ලට ඔරොත්තු දිය හැකි බවට විශ්වාසය ඇති කරගත් පසු වාහනය මිලදී ගැනීමෙන් පසුකාලීන ආර්ථික අපහසුතාවන් මඟ හරවා ගත හැකි වෙනවා.