වසර 18කට පසු Facebook තුළ සිදු වූ වෙනස
ෆේස්බුක් ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වෙයි. එහි පරිශීලකයින් ගණන බිලියන 3කට ආසන්නය. නමුත් මේ වනවිට එහි දෛනික ක්‍රියාකාරී පරිශීලකයින්ගේ ගණන අඩුවෙමින් ඇති බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ වසර 18කට පසු පළමු වරට ෆේස්බුක් හි දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් අඩුවී ඇති බවය. ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා නෙට්වර්ක්ස් පැවසුවේ 2021 වසරේ අවසන් කාර්තුවේදී දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් ගණන බිලියන 1.929ට අඩුවී ඇති බවය.
2020 වසරේ අවසන් කාර්තුවේදී එම අගය බිලියන 1.930ක් විය. ටික්ටෝක් සහ යූටියුබ් හේතුවෙන් ආදායම අඩුවන බවත් එහි සඳහන් ය. එම ප්‍රවෘත්තිය පළවීමත් සමගම නිව් යෝර්ක් කොටස් වෙළෙඳපොළෙහි මෙටා සමාගමේ කොටස් මිල 20%කින් අඩුවී තිබුණි.
ඒ හේතුවෙන් සමාගමේ කොටස් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 200කින් පමණ කඩාවැටී ඇති බව වාර්තා විය. ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පැවසුවේ විශේෂයෙන්ම තරුණ පිරිස් අනෙකුත් සමාජ මාධ්‍ය ජාල වෙත යොමුවීම හේතුවෙන් මෙටා සමාගමේ වෙළෙඳ ආදායම අඩුවෙමින් ඇති බවය.
මේ අතර, ඔස්ට්‍රේලියානු බිලියනපතියෙක් ෆේස්බුක් සමාගමට එරෙහිව අපරාධ නඩුවක් පවරා තිබේ. ඒ, ඔහුගේ පින්තුරය භාවිතකරමින් පළකෙරෙන ව්‍යාජ දැන්වීම් වැළැක්වීමට ෆේස්බුක් සමාගම අපොහොසත් වූ බව පවසමිනි.
ඇන්ඩෲ ෆොරස්ට් පවසන්නේ ෆේස්බුක් සමාගම විසින් මුදල් විශුද්ධිකරණයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පනවා ඇති නීති කඩකර ඇති බවට තර්ක කරයි. ෆේස්බුක් ගෝලීය වශයෙන් අපරාධ නඩුවකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය බව ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |