කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වීමෙන් සිරුරට සිදු වන දේ.
ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් සහ බල්බ් වලින් නිකුත් කරන කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වීම ඔබේ සෞඛ්‍ය තත්වයට අහිතකර ලෙස බලපාන බව ඔබ දන්නවද?
ඒවා අතරින් නිල් පැහැති ආලෝකය විශේෂයි. එම ආලෝකය දිවා කාලයේදී ප්‍රතික්‍රියා කාලය වැඩි කිරීමට හා මනෝභාවය උත්තේජනය කිරීමට උපකාරී වෙන්න විය හැකි නමුත් රාත්රියේදී වඩාත් බාධාකාරී හා අහිතකර ලෙස බලපානවා.
කෘත්‍රිම ආලෝකයේ සෞඛ්‍යය අවදානම
🟢 කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වීම නිසා විවිධ වර්ගයේ පිළිකා, ආතතිය, දියවැඩියාව, හෘද රෝග සහ තරබාරු වීම ඇතිවීම අතර සහසම්බන්ධයක් ඇති බව පර්යේෂණවලින් වඩ වඩා ත් තහවුරු කර ඇත.
🟢 කෘත්‍රිම ආලෝකය අහිතකර වීමට හේතුවක් තවමත් හරිහැටි සොයාගෙන නැහැ.
🟢 නමුත් දිවා රාත්‍රී රිද්මයට බලපාන මෙලටෝනින් හෝමෝනය මොළයහි නිපදවීමට, කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වීම මගින් බාධා ඇති කරනවා.
🟢 එමෙන්ම තවමත් මූලික මට්ටමේ තිබෙන පර්යේෂණවලින් තහවුරු වන පරිදි අඩු මෙලටෝනින් හෝමෝන මට්ටම පිළිකාවලට හේතුවිය හැකියි.
🟢 ඒ වගේම කෘත්‍රිම ආලෝකය බොහෝ මිනිසුන්ට ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමට බාධා කරනවා.අඩු නින්ද ආතතිය.
🟢 අඩු කෘත්‍රිම ආලෝක මට්ටම් වලදී පවා එය දිවා රාත්‍රී රිද්මයට හා මෙලටෝනින් හෝමෝනය මොලයෙහි නිපදවීම කෙරෙහි බලපෑම් ඇතිකරන බව ස්ටෙපාන් ලොක්ලි නම් හාවඩ් නින්ද පර්යේෂයකයා සඳහන් කර තිබෙනවා. කෘත්‍රිම ආලෝකය බොහෝ මිනිසුන්ට ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමට බාධා කරන එක් ප්‍රධාන සාධකයක්.
නිල් පැහැති කෘත්‍රිම ආලෝකයේ බලය
🟢 කෘත්‍රිම ආලෝකය මෙලටෝනින් නිපදවීම අවහිර කළත් නිල් පැහැති කෘත්‍රිම ආලෝකය කොහෙත්ම සුදුසු නැහැ.
🟢 හාවඩ් පර්යේෂණයකදී පැය 6 හා 5 කාලයක් නිල් පැහැ කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වීම සහ එම කාලයම කොළ පැහැ ආලෝකයට නිරාවරණය වීම සසඳා බලන ලද අතර එහිදී අනාවරණය වී ඇත්තේ නිල් ආලෝකය කොළ ආලෝකය මෙන් දෙගුණයක් මෙලටෝනින් නිපදවීම අඩු කරන අතර දිවා රාත්‍රී රිද්මය දෙගුණයක් වෙනස් කරන බවයි.
🟢 නිල් අලෝකය සම්බන්ධයෙන් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය කළ තවත් පර්යේෂණයකදී නිල් අලෝකය අවහිර කරන උපැස් පැලදි දීප්තිමත් ගෘහස්ත ආලෝකයට නිරාවරණය කළ පිරිසක් සහ එම උපැස් නොපැලදි අඩු දීප්තියක් සහිත ගෘහස්ත ආලෝකයට නිරාවරණය කළ පිරිසක් සන්සන්දනය කළා.
🟢 එහිදී නිල් අලෝකය මෙලටෝනින් හෝමෝනය නිපදවීම අවහිර කරන ප්‍රබල සාධකයක් බවට වන උපකල්පනය තහවුරු කරගෙන තිබෙනවා.
🟢 මිල අඩු තැඹිලි පැහැය ආලේප කරන ලද අවු කන්නාඩි නිල් අලෝකය අවහිර කරන නමුදු ඒවා අනෙකුන් වර්ණද අවහිර කරන බැවින් රාත්‍රී කාලයේදී ගෘහස්ත පාවිච්චිය සඳහා සුදුසු නැත.
විසඳුම්
🟢 රාත්‍රී කාලයේදී අඩ අඳුරු රතු පැහැති විදුලි බල්බ පාවිච්චි කරන්න. රතු ආලෝකයට ශරීරයේ ජෛව ඔරලෝසුවෙ රිද්මය ව්‍යාකූල කිරීමේ හා මොලයහි මෙලටෝනින් හෝමෝනය නිපදවීම බාධා කිරිමට අවම හැකියාවක් තියෙනවා.
🟢 නින්දට පැය දෙකකට හෝ තුනකට කලින් ,ලැප්ටොප්, ජංගම දුරකතන හා රූපවාහිනී තිර දෙස බැලීමෙන් වලකින්න.
🟢 ඔබ රාත්‍රී සේවා මුරයක නිරත වන්නේනම් හෝ රාත්‍රී කාලයේදී ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතා කරන්නේ නම් නිල් ආලෝකය අවහිර කරන උපැස් යුවළක් භාවිතයට ගන්න. නැතිනම් නිල් ආලෝකයේ බලපෑම් අඩු කරන ඇප් එකක් ඉන්ස්ටෝල් කරගැනීමට උත්සාහ කරන්න.
🟢 දහවල් කාලයේදී හැකි තරම් දීප්තිමත් ස්වභාවික ආලෝකයට නිරාවරණයවී සිටින්න. එවිට ඔබට රාත්‍රී යේදි හොඳින් නිදා ගැනීමට හැකිවනවා මෙන්ම දිවා කාලයයේදී සුපරීක්ෂාකාරීව සිටීමට හා යහපත් මනෝභාවයක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |