හදිසි නීති අවස්ථාව සාමාන්‍ය පුරවැසියන්ට බලපාන්නේ කෙසේද?.. මේ මොහොතේ ඔබ දැනගත යුතුම දේ..
දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනාධිතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව (අප්‍රේල් 01 වැනිදා) සිට දිවයින පුරා හදිසි නීතිය පැනවෙන බවයි.
රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් , මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් ය
. මීට පෙර 2021 අගොස්තු 30 වැනිදා ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීතීරෙගුලාසි බලාත්මක කළේය. මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලදි.
වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලය ලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිලදී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත් හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක කළ බව ජනාධිපති මාධ්‍ය අංශය එහිදී සඳහන් කළේය.
සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එන්. ඩී. එස්. පී. නිවුන්හැල්ල පත් කෙරිණ. එහේත් මේ වන විට රටේ පනවා ඇති හදිසිනීති තත්ත්වය මෙයට වඩා වෙනස් තත්ත්වයකි.
යුද සමයේද මෙවැනි ආකාරයෙන් රටේ හදිසිනීති තත්ත්වයක් පනවා තිබුණි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතීඥ භවානි ෆොන්සේකා කියා සිටියේ මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට හදිසි නීතිය අවශ්‍යදැයි විමසා බැලිය යුතු බවයි.
මේක භයානක තත්ත්වයකට යන්න පුළුවන්. සෑහෙන්න විරෝධතා තිබ්බානේ මේ දවස්වල, මිරිහාන හා මොරටුව විරෝධා තිබ්බා.එවා නවත්තන්නද මේක ගේන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා"
"මොනවගේ බලතල ගෙනෙයිද කියලා, බැලිය යුතුයි." භවානි ෆොන්සේකා කියා සිටියාය.
සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇත
මේ අතර සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇතැයි කොළඹ අමෙරිකානු තානාපති ජුලි චෑන්ග් අවධාරණය කළාය. ඇය පෙන්වා දුන්නේ - ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා එය අත්‍යවශ්‍ය බවයි.
පවතින තත්ත්වය තමා සමීපව නිරීක්ෂණය කරමින් සිටි බවද ඇය ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් පැවසුවාය. ඉදිරියේදී සෑම පාර්ශවයකින්ම සංයමයක් අපේක්ෂා කරන, අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ දුක් විඳින අයට සහන ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද අමෙරිකානු තානාපතිවරිය සඳහන් කළාය.
හදිසි අවස්ථා තත්වය යනු කුමක්ද ?
හදිසි අවස්ථාව යන්න මහජන ආරක්ෂක පනතෙහි විස්තර කෙරෙන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරිමට සාමාන්‍ය තත්ත්වයන් හීදී ලබාදෙනු නොලබන බලතල රජයට ලබාදිය හැකි සුවිශේෂ අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙසම පවතින තත්ත්වයක් ලෙසය
. මෙවැනි තත්ත්වයකදී, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සහතික කිරිම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරිම පිණිස ජනාධිපතිවරයාට ඉඩ ලැබේ.
හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය ලැබෙන්නේ කොහේ සිටද සහ එම තත්ත්වය ප්‍රකාශයට පත්කළ හැක්කේ කවුරුන් හටද?
නිවේදනයක් මඟින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනිකර වූ අභිමතානුසාරී බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සතු ව පවතී. එම නිවේදනය පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවීම ද කළ යුතුවේ.
දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ. හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අධිකරණයකදී අභියෝගයට ලක් කළ නොහැකි වේ. ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි සකස් කිරීමට ඇති බලය ඇතුළු මහජන ආරක්ෂක පනතේ ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක බවට පත්වීම හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම මඟින් සිදුවේ.
මෙම රෙගුලාසි මඟින් අනෙක් ඕනෑම නීතියක් අක්‍රිය කළ හැකිවන නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අක්‍රීය කිරීමට ඒවාට නොහැකි වේ.
හදිසි අවස්ථා තත්ත්වයක් කොපමණ කාලයක් පැවතිය හැකිද ?
මාසයක කාලයක් වලංගු වන නිවේදනයක් නිකුත්කිරීමට ජනාධිපතිවරයාට හැකිය. ( මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ඔහුට හැකි වන නමුත් ).
දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ. එසේ සිදු නොවුවහොත් නිවේදනය අවලංගු වේ. සෑම දින 30කට වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකිය. නමුත් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතියෙනි.
පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි හදිසි අවස්ථා රෙගුලාසි වලින් ඇතිවන බලපෑම කුමක්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන් වලින් පැන නගින අයිතීන් ගණනාවක් වෙත හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කිරීම් පැනවෙයි.
එම සීමාවන් එමඟින් වැලැක්වීමට බලාපොරොත්තු වන හානියට සමානුපාතික විය යුතු බවට කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් නොපවතී. එහිදී වගකිවයුතු ලෙස ක්‍රියා ක්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම විධායකයේ හොඳ හිත මත පවතින්නකි.
සීමා කරනු ලැබිය හැකි මූලික අයිතිවාසිකම් වනුයේ
: නිර්දෝෂි බවට වන පූර්ව නිගමනය
ඔප්පු කිරීමේ භාරය හා ප්‍රතිරෝධනීය දණ්ඩනය
නීතියඉදිරියෙහි සමානාත්මතාවය සහ වෙනස්කම් නොකිරීම
අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා වන සාමාන්‍ය නෛතික ක්‍රියාවලිය
අදහස් ප්‍රකාශනයේ, රැස්වීමේ, සමාගම් පැවැත්වීමේ, ගමන් කිරීමේ,රැකියාවේ, ආගමේ සංස්කෘතියේ සහ භාෂාවේ නිදහස කෙරෙහි අදාළ වන මූලික අයිතිවාසිකම්
හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කළ නොහැක්කේ
සිතීමේ සහ සහෘද සාක්ෂිය නිදහස
වධහිංසා පැමිණවීමෙන් නිදහස
නිසි බලතල සහිත අධිකරණයක් මඟින් සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය (හදිසි අවස්ථා රෙගුලාසි මඟින් පමුණුවනු ලැබිය හැකි නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම හැරුණු විට )
හදිසි අවස්ථා බලතල වලින් ස්වායත්ත ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) උපයෝගී කොට ගැනීමේ හැකියාව රජය වෙත පවතී.
මෙම ත්‍රස්ත විරෝධී බලතල ව්ස්තෘත වන අතර හදිසි අවස්ථා බලතල මෙන් අඛණ්ඩ ලෙස පාර්ලිමේන්තුව අනුමැතිය ලබාගැනීමේ විධිමත් අවශ්‍යතාවයක් ද එම බලතල භාවිතයේදි නොපවතී.
හදිසි අවස්ථාව සාමාන්‍ය පුරවැසියන් හට බලපාන්නේ කෙසේද?
ත්‍රස්තවාදී හෝ කලහකාරී ක්‍රිරියාවන්ට සම්බන්ධ වුවන් හෝ සැකකරුවන් නොවන සාමාන්‍ය පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතය, මෙම හදිසි අවස්ථා රෙගුලාසීන් බල පවත්වන විට දී ඒවායේ බලපෑමට ලක්වන ආකාරයන් ගණනාවක් පවතින් බවට නීති විශාරදයන් පෙන්වා දෙයි.
මාධ්‍යවෙත ඇතිකෙරෙන බලපෑම කුමක් ද?
පුරවැසියන් විසින් ප්‍රකාශයට පත්කළ හැකි දේ පිළිබඳව වන සීමා කිරීම් වලටඅමතරව ප්‍රකාශණයන් පිළිබඳව වන පාලනය මගින් මාධ්‍යය වෙත බලපෑමක් ඇතිවිය හැකිය.
උපුටා ගැනීම - BBC සිංහල

