කම්මුල්ගාය හොඳ කරන අලි හක්කේ විස්තරේ.
අලි හක්ක ගැන ඔබ අහලා තියෙනවද? දැන් බෙහෙත් තිබ්බට ඉස්සර නම් කම්මුල්ගාය හැදුනම අලි හක්කක් දෙහි ඇඹුල් එක්ක ගලේ ගාලා කම්මුල් වල ගානවා.
? ඒ විදිහට ඖෂධයක් විදිහට යොදාගත්ත අලි හක්ක, ඇත්තටම ඒක දතක්. හරියටම කියනවා නම්, බොහෝ දෙනෙක් මේක අලි හක්ක කියලා හදුන්වනවා නමුත් මේක දතක්.
? අලියෙක් ගේ ජීවිත කාලය තුල පස් වරක් දත් ගෙවී ගිහින් අලුතින් දත් ඒම සිද්ද වෙනවා.
? ඒ, විදියට එන අවසාන එනම් සය වන දන්ත යුගල් දෙක සතාගේ ජීවීතාන්තය දක්වා පවතිනවා.
? බොහෝ විට මහළු වියේ අලි ඇතුන් මිය යන්නේ අවසාන දත් ගෙවී යාම නිසා ආහාර නිසි ආකාරව හැපීමට නොහැකි වීමෙන්. ඒ, එම ආහාර වල පෝෂණය අවශෝෂණය නොවීමෙන්.
? මේ නිසා අලි ඇතුන් තමන්ගේ දත් වල ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.
? මින්නේරිය වගේ වැවු පිටි වල තෘණ වර්ග ආහාරයට ගන්න අලි ඒවා හොඬින් උගුලවාගෙන තමන්ගේ ඉදිරි පාද වල ගසමින් වැලි හා අනෙකුත් අපද්‍රව්‍ය ඉතාමත් සූක්ෂමව ඉවත් කරන ආකාරය දකින්න පුළුවන්.
? ඒ වැලි නිසා දත් අධිකව ගෙවී යාම වළක්වා ගන්න.
? ගෘහස්ථ අලි ඇතුන් වැලි සහ අනෙකුත් අපද්‍රව්‍ය සහිත ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාව ඉතාමත් අඩුයි. ඒ නිසා ඔවුන්ගේ දත් වල පැවැත්ම වැඩි වීමත් ඊට සාපේක්ෂව අලි ඇතුන්ගේ ආයු කාලය වැඩියි.
(පහත ඡායාරූප අතරින් රතු පාටින් සලකුණු කරලා තියෙන ස්ථානයේ පවතින දතට පිටුපසින් අලුතින් දත් මෝදු වෙන ආකාරය දැක්වේ.)
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |

