විදුලි පාරිභෝගිකයන්ට දින 40කට පසු ලැබුණ දේ මෙන්න..

Sri Lanka Ceylon Electricity Board
By Aruna Mar 06, 2023 04:20 AM GMT
Report

ගිනිගත්හේන විදුලි ඉංජිනේරු කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජන පදයේ විදුලි පාරිභෝගිකයන්ට දින 40කට පසු 2023 වසරේ පෙබරවාරි මසට අදාල විදුලි බිල්පත මනු කියවන්නා විසින් ලබාදිම නිසා විදුලි බිල අධික ලෙස වැඩිවිමෙන් එම ජනපදයේ විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

දින 30 කට වරක් විදුලි බල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයන්ට මාසික විදුලි බිල්පත නිකුත් කල යුතුව ඇතත්, හැටන් රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මසට අදාල විදුලි බිල්පත නිකුත් කර ඇත්තේ 2023.01.22 / 23 දිනය.

ඉන් අනතුරුව මනු කියවන්නා විසින් 2023 පෙබරවාරි මසට අදාල විදුලි බිල්පත (04) දින නිකුත් කර ඇත්තේ දින 40 කට පසු විම නිසා එම විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ඒකක ගණන වැඩිවිම නිසා විදුලි බිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත්, එම බිල්පත වැඩි වු විදුලි මිලට සමගාමිව ගණනය කර ඇති බවයි හැටන් රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

කෘෂිකර්මාන්තය ජිවන උපාය ලෙස සිදුකරමින් ජිවත් වන තමන්ට මෙම විදුලි බිල දරාගත නොහැකි බවත්, ඉකුත් මාස වලට තමන්ගේ නිවාස වලට ලැබුණු විදුලි බිලට වඩා වැඩි මිලක් නව බිල අනුව ගෙවිය යුතු බවයි එම විදුලි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

දින 40කට පසුව විදුලි බිල්පත නිකුත් කිරිම සම්බන්ධයෙන් හැටන් රුවන්පුර ජනපදයේ මනු කියන්නාගෙන් කරුණු විමසිමේදි ඔහු කිසිවක් ප්‍රකාශ නොකල බවත් , මාර්තු මස බිල සිට දින 30කට වරක් විදුලි බිල්පත නිකුත් කිරිමට පියවර ගන්නා බව මනු කියවන්නා විසින් තමන්ට ප්‍රකාශ කල බවයි රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now