අල්ලේ තියාගෙන නටවන බිං කුණ්ඩන්ගේ භෞතික විද්‍යා දැනුම.

By Wayomi Sep 19, 2022 10:15 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

තොත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බෝල බිංකුණ්ඩෝ..... කියලා පොඩි කාලේ ගොඩක් අය බිංකුණ්ඩන්ව නටවලා ඇති නේද? හැබැයි දැනගෙන හිටියේ නැහැ නේද ඒ විදිහට අපිත් එක්ක නටපු බිංකුණ්ඩා කියන්නේ භෞතික විද්‍යාවේ සමහර තැන් ප්‍රගුණ කළ අපූරු සතෙක් කියලා.

🐜 බිංකූන්ඩන් අයත් වෙන්නේ Myrmeleontidae ගෝත්‍රයට. මේකට විශේෂ 2000කට ආසන්න ගණනාවක් අයත්වෙන නිසා පොදුවේ බිංකුණ්ඩා කියන නම දැනට භාවිතා කරමු. ඇත්තටම ගත්තොත් අපි මේ බිංකුණ්ඩො කියන්නේ මේ ගෝත්‍රයට අයත් කෘමීන්ගේ කීට අවස්ථාවටයි.

🐜 මේ ගොල්ලන්⁣ට ඉංග්‍රීසියෙන් Doodle bug හෝ antlion කියලා තමයි කියන්නේ.

🐜 ඇත්තටම මෙගොල්ලන්ගේ සුහුඹුල් හෙවත් ජීවන චක්‍රයේ අවසාන අවස්ථාව තමයි antlion lacewing කියන බත්කූරෙක් වැනි කෘමී අවස්ථාව.

🐜 සමහර වෙලාවට මෙහෙම පියාඹන antlion lacewing කියන බිංකුණ්ඩංගේ පරිණත අවස්ථාව කෙනෙක් බත්කූරෝ කියලා වරදවා වටහගන්නත් පුළුවන්. නමුත් මේ දෙගොල්ලෝ වෙනම සත්ව කාණ්ඩ දෙකක්.

🐜 මේ ගොල්ලන්ගේ ජීවන චක්‍රය ගත්තම බිත්තරවලින් කීටයන් හෙවත් බිංකුණ්ඩන් ඇති වෙනවා.ඉන් කාලයක් බිංකුණ්ඩන් විදිහට ඉඳලා කෝෂයක් හදාගන්නවා. අනතුරුව රූපාන්තරණයක් වෙලා බත්කූරෙක් වැනි sandlion lacewing බවට පත්වෙනවා.

🐜 මෙන්න මේ ජීවන චක්‍රයේ කීට අවස්ථාව කියන්නේ අපි පොඩිකාලේ බිංකුණ්ඩෝ අල්ලේ නටවනකොට වැරදිලාවත් නොහිතපු දෙයක් තමයි බිංකුණ්ඩ කියන්නේ ඝාතකයෙක්ගේ ස්වභාවයක් කියන එක.

🐜 ඒ කථාව මෙහෙමයි. බිංකුණ්ඩන්ට Doodle bug එහෙම නැත්තං antlion කියන්න හේතු තියනවා.

🐜 මේකේ පළවෙනියට කියන doodle bug කියන නම කියන්නේ මෙයා ඉන්න වැලි තියන පරිසරය පුරා එහේ මෙහේ ගමන් කරමින් doodle art වගේ විවිධ කලාත්මක රටා වැල්ල පුරා ඇති කරන පුංචි කලාකාරයෙක් නිසයි.

🐜 හැබැයි මෙයා නිකන්ම නිකන් කලාකාරයෙක් නෙමෙයි තමන්ගේ තරම එක්ක සසඳනකොට බොහොම බිහිසුණු කලාකාරයෙක්.

🐜 අන්න ඒක නිසයි මෙයාට කියන දෙවනි නම වෙච්ච antlion කියන්නේ.

🐜 මෙන්න මෙතනදී තමයි මෙයාගේ අවුරුදු දහස් ගණනක් පුරා පරිණාමය විසින් සුසර කරපු ජානවල තියන භෞතික විද්‍යාව පාවිච්චි කරන්නේ.

🐜 ඒක විස්තර කරනවා නම්, බිංකුණ්ඩා කියන කීට අවස්ථාව කියන්නේ ප්‍රභල විලෝපික අවස්ථාවක්. මේකෙදී මෙයා ප්‍රධාන වශයෙන් යැපෙන්නේ කූහුඹුවන් ගොදුරු කරගෙන.

🐜 ලෝකයේ උත්තර සහ දක්ශිණ ද්‍රැව දෙක ඇරුනම හැම තැනක්ම බොහොම සාර්ථකව ජයගත්ත කෘමී කාණ්ඩයක් තමයි කුහුඹුවන් කියන්නේ. එයාලා එහෙම ලේසියෙන්, මේ වගේ ජීවිතේ තාම හරියට සම්පූර්ණ කරලත් නැති අතරමැදි අවස්ථාවක ඉන්න සතෙක්ට ලේසියෙන් ගොදුරු වෙන අය නෙමෙයි.

🐜 නමුත් බිංකුණ්ඩෝ කුහුඹුවන් ගොදුරු කරගන්න භෞතික විද්‍යාවේ මූලධර්ම දශමයට ගලපලා උගුලක් හදනවා. අන්න ඒ උගුල් තමයි ඔය අපි වැලිගොඩවල්වල දකින පුංචි පුනීලාකාර වලවල්.

🐜 කෙනෙක් හොඳට නිරීක්ෂණය කරලා තියනවා නම් බිංකුණ්ඩෝ මේ විදිහට ගුල් හදන්නේ ටිකක් සිනිදු වැලි තියන තැන්වල.

🐜 මෙතනදී බිංකුණ්ඩා කරන්නේ උගුල හදන්න ඕන තැන කේන්ද්‍රයේ ඉඳන් ක්‍රමයෙන් වැලි පිටිපස්සට වීසිකරන එක.

🐜 මේක ක්‍රම ක්‍රමයෙන් පුංචි පුනීලාකාර වලක් බවට පත්වෙනවා. හැබැයි මෙතනදී මේ වල නිකන්ම නිකන් හදන වලක් නෙමෙයි, මේකේ බිත්තියේ ආනතියට නිශ්චිත කෝණයක් තියෙනවා. මේ කෝණය බිංකුණ්ඩන් විශේෂයෙන් විශේෂයට වෙනස් වෙන්න පුළුවන්.

🐜 මොකද මේකෙන් අල්ල ගන්න පුළුවන් නිශ්චිත පරාසයක විශාලත්වයක් තියන කුහුඹුවන් විතරයි. ඕනවට වඩා ලොකු හෝ කුඩා කුහුඹුවන් මේකට අහුවෙන්නේ නෑ.

🐜 මේක පිටිපස්සෙ තියන භෞතික විද්‍යාත්මක මූලධර්ම ගත්තොත්, මේ උගුලේ ආනතියට තියන කෝණයට භෞතික විදාවෙදී avalanche angle කියලා කියනවා.

🐜 මේකෙදී මේ බිත්තියේ තියන වැලිකැට පහලට පෙරලිලා එන්න ඔන්න මෙන්න තියන අවස්ථාවක පවත්වගන්න ඕන කෝණය තමයි ඔය avalanche angle කියන්නේ. ඒ කියන්නේ පොඩි අමතර බලයක් වැටුනත් වැලි කැට බිත්තිය කඩාගෙන වැටෙනවා.

🐜 ඉතින් වැල්ල මැද මෙහෙම වලක් තිබුනම එතනින් යන කූඹියෙක් මේ වලක් වගේ තියන උගුලකට වැටුනොත් එයාට බිත්තිය දිගේ නැගලා උඩට එන්න බෑ.

🐜 මොකද උඩට එන්න උත්සහ කරන්න කරන්න වැලි බිත්තිය කඩාගෙන වැටිලා කූඹියව වල පතුලට වැටෙනවා.

🐜 එතකොට වල පතුලේ මැද ඉන්න බිංකුණ්ඩා කූඹියව අල්ලගන්නවා. අල්ගෙන කූඹියා අඩපණකරන විෂ ශරීරයට ඇතුල් කරනවා.

🐜 පස්සේ ශරීරය ඇතුලට ජීර්ණ එන්සයිම ඇතුලත් කරලා සම්පූර්ණ යුෂ උරා⁣⁣බීලා පිට සැකිල්ල විතරක් උගුලෙන් එලියට විසිකරනවා.

🐜 හැබැයි ගොඩක් බර ලොකු කූඹියෙක් වුනොත් මේ විදිහට උගුලට අහුවෙලා උඩට එනකොට මේ බිත්තියේ තරමක් ලොකු වලවල් හැදිලා පහලට ලිස්සලා යන බලයට වඩා විශාල ප්‍රථිරෝධයක් ඇති කරගෙන එයාට උඩට එන්න පුළුවන් වෙනවා.

🐜 ඕනවට වඩා පොඩි කුඹියෙක් වැටුනොත් උඩට එනකොට මේ බිත්ති කඩන් වැටෙන්නේ නැති තරමේ බලයක් ⁣යෙදෙන නිසා ඒත් උඩට එන්නපුළුවන්.

🐜 ඒක නිසා එක එක විශේෂයේ බිංකුණ්ඩෝ හදන ගුලේ ආනතිය අනුව ඒ විශේෂයට ගැලපෙන තරමේ කූඹි විතරක් ගොදුරු වෙනවා.

🐜 හදිස්සියෙවත් මේ විදි⁣හට හදන ගුලට එන කූඹියෙක් මොන විදිහකින් හරි ගුලෙන් එලියට යන්න හැදුවොත් ඒක නවත්තන්නත් බිංකුණ්ඩෝ දන්නවා.

🐜 ඒ වගේ වෙලාවකදී ඒගොල්ලෝ කරන්නේ වල මැද ඉඳන් තව තව වැලි බිත්තිය දිහාවට වීසි කරන එකයි.

🐜 මේකෙන් වෙන්නේ උගුලේ වැලි බිත්තිය තව තව අස්ථාවර වෙලා පහලට කඩන් වැටෙන එකයි. ඒක නිසා අතිශය වාසනාවන්ත අවස්ථාවක ඇරෙන්න කූඹියෙක්ට ගැලවෙන එක ලේසි නෑ.

🐜 කොහොම හරි මේ විදිහට ගොදුරු අල්ලන් ජීවත් වෙන බිංකුණ්ඩෝ පස්සේ ⁣ජීවිතේ ඊළඟ පියවරට යන්න කෝෂයක් හදාගෙන රෑපාන්තරනයකට ලෑස්තිවෙනවා. . (උපුටා ගෙන..සංස්කරණය කරන ලදී 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


GalleryGalleryGalleryGallery