ඔබ දන්නවද? ගස් එකිනෙකා සමඟ කතා කරන බව.

World Environment Day
By Wayomi Jul 07, 2022 06:06 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සන්නිවේදනය කියන්නේ සෑම සත්වයෙකුටම නැතුවම බැරි අංගයක්. සන්නිවේදනය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි...අපේ අවශ්‍යතා සපුරා ගන්න නම් එකිනෙකාගේ උදව් අත්‍යවශ්‍යයි. අපි මේ විදිහට සන්නිවේදනය කරනවා වගේම ගසුත් තම අවශ්‍යතා වෙනුවෙන් තම පැවැත්ම වෙනුවෙන් සන්නිවේදනය කරනවා කිවුවොත් ඔබ විශ්වාස කරනවද?  

කතා කරන්න දඟලන්න බැරි වුණාට, මිනිසා ඇතුළු අනෙක් සතුන් වගේම තමයි ගස් කියන්නෙත් ජීවයක් තමයි. අහලා තියෙනවද ඉස්සර ගස් කතා කළා කියලා. දැනුනත් ඔවුන් අපිට කතා නොකලට මේ පරිසරයට සහ සතුන්ට සංවේදී වන විදිහ ටිකක් බලන්න. නිසොල්මනේ පරිසරයට කන් දෙන්න ඔවුන්ගේ සංවේදිතාව ඔබටත් දැනේවි.

ඇත්තටම ගස් සන්නිවේදනය කරන්නේ කොහොමද?

🌳 ගස් එහෙමත් නැත්නම් ශක සන්නිවේදනය කරන්නේ මූල පද්ධතිය හරහා වැඩුණු ශාක පද්ධතියක මූල පද්ධතින්.

🌳 මේ මූල පද්ධතින් හරියට අපේ ස්නායු පද්ධතිය වගෙයි.

🌳 නමුත් ඔවුන්ට අපිට වගේ ප්‍රතිග්‍රාහක නැහැ.

🌳 මුල්වල ජීවත්වෙන දිලීර එකතුවෙලා ජාලයක් විදියට මෙම මූල පද්ධති එකතු කරනු ලබනවා.

🌳 ඉන් එම දිලීරයට ශාකයෙන් පෝෂක ලැබෙන අතර ජීවත් වෙන්න වාසස්ථානයක් ද ලැබෙනවා.

🌳 ඒ වගේම ශාකයට පසෙහි ඇති නයිට්‍රිජන් අවශෝෂණය කරගන්න දිලීරය උදව් වෙනවා.

🌳 ඊට අමතරව අසල්වාසී ගස් සමග පෝෂ්‍ය ද්‍රව්‍ය හුවමාරු කරගන්නවා.

🌳 හොඳම කරුණ නම්, නියගය, පලිබෝධකයන් වැනි අනතුරක් දැනුණොත් අන් අයට දනුම් දෙන්නත් උදව් වෙනවා. 


වර්ධනය වන හැටි

🌳 විශාල මව් ශාක යට වර්ධනය වන පැළ සඳහා ප්‍රභාසංස්ලේෂණය සිදු කිරීමට හිරු එළිය අත්‍යවශ්‍ය සාධකයක්.

🌳 ඉතින් මේ ලපටි කුඩා ශාක පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නේ තම මව් ශාක වලින් ශ්‍රාවය කරන සීනි (පෝෂක) දිලීර ජාලය හරහා ලබා ගැනීම හරහායි. එය හරියට මවගෙන් කිරි උරා බොන දරුවන් වගෙයි.

🌳 ගස් ජාල හරහා ජලය හා පෝෂ්‍ය පදාර්ථ බෙදා ගන්නා අතර ඒවා සන්නිවේදනය කිරීමට ද භාවිතා කරනවා. 


අනතරු හඳුනාගැනීම සහ පෝෂණය

🌳 නියඟය, පළිබෝධනාශක, කෘමීන්ගේ ප්‍රහාර සහ රෝග ගැන ඔවුන් පීඩන සංඥා යවන අතර වෙනත් ගස් වලට මෙම පණිවිඩ ලැබුණු විට ඔවුන්ගේ හැසිරීම පවා වෙනස් වෙනවා.

🌳 විද්‍යාඥයින් නම් මේවා හඳුන්වන්නේ මයිකෝරයිසල් ජාලය ලෙසයි.

🌳 ගස් වල සියුම්, හිසකෙස් වැනි මුල් ඉඟි අන්වීක්ෂීය දිලීර සූතිකා සමඟ එකතු වී ජාලයේ මූලික සම්බන්ධක සාදනවා.

🌳 ඊට පස්සේ ඒවා ගස් හා දිලීර අතර සහජීවන සබඳතාවක් ලෙස හෝ ආර්ථික හුවමාරුවක් ලෙස ක්‍රියා කරනවා.

🌳 ඉතින් එම සේවා සඳහා ගාස්තුවක් වශයෙන් දිලීර හිරු එළියෙන් ප්‍රභාසංශ්ලේෂණය කරන සීනි වලින් සියයට 30 ක් පමණ පරිභෝජනය කරනවා.

🌳 දිලීර වලට ඉන්ධන සපයන්නේ, පස විසින් උරා බොන සීනි නිසා නයිට්‍රජන්, පොස්පරස් සහ අනෙකුත් ඛනිජ පෝෂ්‍ය පදාර්ථයි/ - ඒවා ගස් වලට අවශෝෂණය කර පරිභෝජනය කරනවා.   


සන්නිවේදනය

🌳 මෙම ජාලය හරහා සන්නිවේදනය කිරීම සඳහා, ගස් රසායනික, හෝමෝන සහ මන්දගාමී ස්පන්දන විද්‍යුත් සංඥා යවන අතර ඒවා විද්‍යාඥයින් තේරුම් ගැනීමට පටන් ගෙන තිබෙනවා.

🌳 ඒ අනුව ෆෙරමෝන් සහ වෙනත් සුවඳ සංඥා භාවිතයෙන් ගස් වාතය හරහා සන්නිවේදනය කරනවා.

* ඔබ දන්නවද?

🌲 උප සහරා අප්‍රිකාවේ උණුසුම් දුහුවිලි සහිත සැවානා වල වන ජිරාෆ් සත්වයෙක් ෂිටිම් කොළ හපන්න, එනම් කන්න පටන් ගත් විට ගස තුවාල වීම දැක එතිලීන් වායුවේ ස්වරූපයෙන් පීඩන සංඥා නිකුත් කරනවා.

🌲 ඉතින් අසල්වැසි ෂිටිම් ශාක පත්‍ර මෙම වායුව හඳුනා ගැනීමෙන් පසු ශාක පත්‍ර වල ටැනින් පොම්ප කිරීමට පටන් ගන්නවා.

🌲 එමඟින් විශාල ශාක භක්‍ෂකයන් ලෙඩ කරන්නත්, මරලා දාන්නත් පුළුවන්.

🌲 නමුත් මේ වන විට පරිණාමය වී ඇති ජිරාෆ් සතුන් මේ ගැන හොඳින්ම දන්නවා.

🌲 ඒ නිසා ඔවුන් සුළඟට අනුව සැරිසරන අතර අනතුරු ඇඟවීමේ වායුව තමන්ට ඉදිරියෙන් ඇති ගස් වෙත පැමිණෙන්නේ නැහැ.

🌲 සුළඟක් නොමැති නම්, මීළඟ ෂිටිම් පත්‍ර කන්න කලින්, ජිරාෆ් සාමාන්‍යයෙන් යාර 100 ක් පමණ දුරස් වෙනවා .  


ගස්, කොළ තුළින් සුවඳ හඳුනාගැනීම 

🌳 ඇතැම් ගස් කොළ තුළින් සුවඳ හඳුනාගැනීමේ හැකියාව පවතිනවා.

🌳 ඔවුන්ට රසය පිළිබඳ හැඟීමක් ද ඇත.

🌳 නිදසුනක් වශයෙන් කියනවා නම්, එල්ම්ස් සහ පයින් කොළ ආහාරයට ගන්නා දළඹුවන්ගේ ප්‍රහාරයට ලක් වූ විට, ඔවුන් දළඹුවන්ගේ කෙල හඳුනාගෙන පරපෝෂිත බඹරුන් ආකර්ෂණය කරන ෆෙරමෝන් නිදහස් කරනවා.

🌳 දළඹුවන් තුළ බඹරුන් බිත්තර දමති, බඹර කීටයන් ඇතුළත සිට දළඹුවන් ආහාරයට ගනී.

🌳 එමෙන්ම මොවුන්ගේ කෙල වල රසය ගස් දන්නා බවයි ලෙයිප්සිග් විශ්ව විද්‍යාලය සහ ජර්මානු ඒකාබද්ධ ( සමෝධානික) ජෛව විවිධත්ව පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ. 

🌳 ඔවුන් වැඩි දුරටත් පවසන්නේ, "මුවෙක් අත්තක් ආහාරයට ගන්නවා විට, කොළ වල රස දැනීම සඳහා ගස ආරක්‍ෂක රසායනික ද්‍රව්‍ය ගෙන එයි," . "මිනිසෙකු තම අත්වලින් අත්ත කැඩූ විට ගස වෙනස දැනගෙන තුවාලය සුව කිරීමට ද්‍රව්‍ය ගෙන එයි." 

{A recent study from Leipzig University and the German Centre for Integrative Biodiversity Research shows that trees know the taste of deer saliva. “When a deer is biting a branch, the tree brings defending chemicals to make the leaves taste bad,” he says. “When a human breaks the branch with his hands, the tree knows the difference, and brings in substances to heal the wound.”}



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW