අහලා තිබ්බට කාලා නෑනේ? මේ තියෙන්නේ දීකිරි පොල්.
“දීකිරි දීකිරි ගෙනාව දීකිරි - මිහිපිට කාටත් ගුණදෙන දීකිරි” මේක කවුරු කුරුත් දන්නා සිංදුවක්. ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු වන ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරී වේදිකා නාට්‍යයේ අනුලා බුලත්සිංහල තමයි මේ ගීතය ගායනා කරන්නේ.
? හැබැයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මෙතැනදී දී කිරි කියන්නේ එළදෙනගෙන් දොවා හදා ගන්නා කිරි කියලා. ඒ වගේම තවත් සමහරු හිතන් ඉන්නවා පොල් ගාලා මිරිකලා අපි ව්‍යංජන වලට එකතු කරන දිය කිරි කියලා. ඇත්තටම මේ ඒවාමද?
? මේ ඒ කිසිම දෙයක් නෙවෙයි. ඉතා දුර්ලභව පොල් ගස් වල ස්වභාවිකව හටගන්නා දීකිරි පොල් ගැනයි මේ කියන්නේ.
? දීකිරි පොල් හටගන්නේද, සෙසු පොල් හටගන්නා පොල්ගස්වලය. එම පොල්වලුවලමයි. එම නිසා දීකිරි පොල්ගස් යැයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුයි.
? නමුත් මෑත කාලයේ දීකිරි පොල් ගෙඩිවලින් රෝපණය කරන ලද පොල් පැළ නැතුවාම නෙවෙයි.
? දීකිරි පොල්වලද, ගෙඩියේ ස්වරූපය සාමාන්‍ය පොල්ගෙඩියක් වගේමයි.හැබැයි ඒක ඇතුලේ පොල් වතුර නැහැ. පැල පොල් මදයක් මෙන් එහි ඇත්තේ පොල් මදයකි.
? ඒවා හිරමනයෙන් නොගා පිහියකින් උලුප්පා ගන්නවා. දීකිරි ඉතා මෘදුයි. කිරි සුදු පැහැයෙන් යුක්තයි.
? දීකිරි පොල් මදවල අධික ලෙස මේදය තිබුණත් එය ඉතා රසවත්ය. මී පැණි, සීනි හෝ හකුරු ආදිය සමඟ දීකිරි කෑමට ඉස්සර මිනිස්සු පුරුදුවෙලා හිටියා.
? දීකිරි පොල් ගෙඩි පැල කිරීම පහසු නැහැ. එය අහඹු ලෙස සිදු වන්නකි.
? එසේ ගෙඩි කෘතිමව පැළ කළද, දීකිරි පොල් ගසක් ම රෝපණය වීම දුර්ලභව තමයි සිදු වන්නේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |
