ගැහැණු මොළය හා පිරිමි මොළය අතර තියෙන මේ වෙනස්කම් ගැන දන්නවද?
නිතරම ගැහැණු පිරිමි මරාගන්නේ එකිනෙකාගේ නුවණක්කාරකමේ තරම මනින්න ගිහින්. ඔබ අහලා ඇති ගැහැණුගේ මොළයට වඩා පිරිමින්ගේ මොළය 10%කින් වැඩි කියලා. කොහොම නමුත් මොළේ විශාලත්වයෙන් බුද්ධිමත් බව මනින්න නම් බැහැ.
ඉතින් මේ කියන්න යන්නේ ප්‍රමාණයේ වෙනසක් තිබියදීත්, පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ මොළය එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා.
හැබැයි මතක තියාගන්නමොළේ වෙනසක්නේ කියලා ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැතිව හිතක් පපුවක් ඇති සහ බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලාගන්න. මොළයට ඕන විදිහට නෙවෙයි. මොළය ඔබේ විදිහට හැඩගස්වා ගන්න උත්සහ කරන්න.
බහු කාර්ය හැකියාව
👧 එකවර කාර්යයන් කිහිපයකට අවධානය යොමු කරන්න පුළුවන් විදිහටයි කාන්තාවන්ගේ මොළය නිර්මාණය වී ඇත්තේ, ඒ අනුව උයන ගමන් තව වැඩ දෙකතුනක්ම කිරීමේ හැකියාව තියෙනවා.
👦 නමුත් පිරිමින්ට වරකට අවධානය යොමු කළ හැක්කේ එක් කාර්යයකට පමණයි. වැඩ දෙකක් එකවර කරන්න ගියොත් එක වැඩක් මඟ හැරෙනවා.
භාෂා හැසිරවීම
👧 භාෂා කිහිපයක්ම භාවිත කිරීමට කාන්තාවන්ට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්.
👦 නමුත් පිරිමි භාෂාවන් ඉගෙන ගැනීමේදී වඩාත් දුර්වලය. සාමන්‍යයෙන් වයස අවුරුදු 3ක පිරිමි දරුවෙකුට වඩා, අවුරුදු 3ක ගැහැණු දරුවෙකුගේ ශබ්ද මාලාව දියුණුයි.
ගැටළු නිරාකරණය
👧 කාන්තාවන් ගැටළුවකට විසඳුම් සෙවීමදී වඩාත් දුර්වලයි.ඔවුන් කලබල වෙයි.
👦 පිරිමින්ට ගැටළුවකට විසදුම් සෙවීමේදී කාන්තාවන්ට සාපේක්වෂ ඉහළ තර්කන හැකියාවක් ඇත.
විශ්ලේෂණ හැකියාව
👧 කාන්තාවන් බොහෝ දුරට පිටට පෙනෙන දෙයින් පමණක් දෙයක් විශ්ලේෂණය කරන අතර ඇතැම් අවස්ථා වලදී CID වැඩ වලදී ඉතාමත් සූක්ෂම සහ බුද්ධිමත්ව කටයුතු කරනවා.
👦 පිරිමින්ගේ විශ්ලේෂණ කටයුතු සඳහා මොළයේ වැඩි ඉඩ ප්‍රමාණයක් පවතිනවා. නිදසුනක් ලෙස කියනවා නම් සිතියමක් හෝ සැලැස්මක් පහසුවෙන් අවබෝධ කරගැනීමේ හැකියාව පිරිමියාට හැකියාව ඇති අතර ගැහැණිය එය දකින්නේ සංකීර්ණ චිත්‍රයක් ලෙස පමණි.
බොරු කීම හා වංචා කිරීම
👧 බොරු කීමේදී කාන්තාවන්ගේ මොළයේ එම ක්‍රියාකාරකමට වෙන් වන ධාරිතාවයෙන් 70%ක් මුහුණේ ස්වභාවය හසුරුවා ගැනීමටද, 20%ක් ශරීර භාෂාව (Body langauge) හැසිරවීමටද, 10%ක් මුවින් ගලා එන වචන හැසිරවීමටද ස්වභාවිකවම හැකියාව ලැබී තිබෙනවා. මුහුණට මුහුණ බලාගෙන වුවද හසු නොවන පරිදි බොරු කීමේ සහජ හැකියාවක් ගැහැණුන්ට පවතී.
👦 නමුත් පිරිමි බොරු කීම සම්බ්න්ධ ක්‍රියාවලියේදී මොළයෙන් කිසිදු අතිරේක සහයෝගයක් ලැබෙන්නේ නැහැ. පිරිමි බොරු කීමේදී පහසුවෙන් හසු වීමේ සම්භාවිතාව වැඩි බැවින් බොහෝම ප්‍රවේසමෙන් කළ යුතුයි.
ගැටළු වලට මුහුණ දීම
👧 ගැටළු රාශියක් පවතින විට, කාන්තාවගේ මොළයට ගැටලු වර්ග කර හඳුනාගත හැකියාව නැහැ. මොළය වියවුල් ස්වභායක් ඇති කරනවා. ගැහැණියට අවශ්‍ය වන්නේ ඒවා තව කෙනෙකුට පැවසීමටයි. එසේ පැවසීමෙන් පසු ඇය සතුටින් නින්දට යන අතර, ගැටළුව විසඳී ඇති හෝ නැති බව ගැන ඇයට තැකීමක් නැත.
👦 නමුත් පිරිමි ගැටළු රාශියක් පවතින විට, ඔහුගේ මොළය විසින් එම ගැටළු පහසුවෙන් වර්ගීකරණය කරගෙන, මොළයේ ඇති පන්ති වලට වෙන් කරගෙන එකින් එක සඳහා පිළිවෙලින් විසඳුම් සෙවීමට යොමු වෙනවා.පිරිමියා ගැටළු ඇතිවන සෑම විටම බලාගත් අත බලාගෙන හිඳිමින් ගැටළු වලට විසඳුම් සොයනු දකින්න ලැබෙනවා.
අවශ්‍යතා
👧 ගැහැණු සම්බන්ධතා, යහළුවෝ, පවුල, සුවපහසුව ආදිය සොයන අතර
👦 පිරිමි, තත්වය, සාර්ථකත්වය, විසඳුම්, සැලසුම් ආදිය සොයයි.
* නමුත් ලිංගිකත්වය දෙපාර්ශවයේම පොදු අවශ්‍යතාවයක්
තෘප්තිමත් වන සහ නොවන අවස්ථාව
👧 කාන්තාවන් මොළයෙන් මුල් තැනක් යොමු කරන්නේ සබඳතා සඳහායි. සබඳතා අසතුටුදායක වන විට කඩා වැටෙන අතර සබඳතා අසතුටුදායක තත්වයක පවතින විට, වැඩ කටයුතු සඳහා අවධානය යොමු කරන්න බැහැ.
👦 පිරිමි මොළයෙන් මුල් තැන දෙන්නේ වැඩ කටයුතු වලට වන අතර වැඩ කටයුතු අසතුටුදායක වන විට කඩා වැටෙනවා. ඒ වගේම වැඩ කටයුතු අසතුටුදායක තත්වයක පවතින විට, සබඳතා සඳහා අවධානය යොමු කළ නොහැකියි.
කථන ශෛලය
👧 කාන්තාවන් කෙලින් කතා කරන්නේ නැහැ. බොහෝ විට තමා අදහස් කරන දේ අහගෙන සිටින කෙනා විසින්ම තේරුම් ගැනීමට අවශ්‍ය දෑ ප්‍රකාශ කරන අතර මක් පවසන්නේ, පැවසිය යුතු තවත් කොටසක් හිතේ තබාගෙනයි.
👦 නමුත් පිරිමි කෙලින් කතා කරන අතර බොහෝ විට තමා අදහස් කරන දේ සරලව ප්‍රකාශ කරයි.
චිත්තවේග පාලනය
👧 ගැහැණු ආවේගශීලී වූ විට, පාලනයකින් තොරව වචන ප්‍රකාශ කරන අතර ඇය ප්‍රකාශ කරන දේවල් ඇයටවත් හිතාගන්න බැහැ.
👦 පිරිමි ආවේගශීලී වූ විට, පාලනයකින් තොරව හැසිරෙන අතර ඔහු පවා බලාපොරොත්තු නොවන ක්‍රියා මාර්ග වලට අවතීර්ණ වෙනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |