ශ්‍රී ලංකාව එළඹුණු බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයේ එකඟතා නිසා රටේ ආර්ථිකයේ වෙන්න යන සුවිශේෂිම දේ.

Ranil Wickremesinghe Shehan Semasinghe Ministry of Finance Sri Lanka Economy of Sri Lanka
By Sithumini Jul 04, 2024 02:27 PM GMT
Report

ජාත්‍යන්තර බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව සහ ණයහිමියන් ඊයේ එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිත බව අද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා

මේ යටතේ ශ්‍රී ලංකාවේ මුළු ණය අමෙරිකානු ඩොලර් බිලියන 100 ක් වන අතර ඊට ඩොලර් බිලියන 57 ක දේශීය ණය , ඩොලර් බිලියන 37 ක විදෙස් ණය සහ ඩොලර් බිලියන 6 ක ඇපකර ඇතුළත්.

විදෙස් ණය ඩොලර් බිලියන 37 තුළ ද්වීපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක් , බහුපාර්ශ්වීය ණය ඩොලර් බිලියන 11.7ක් සහ ජාත්‍යන්තර බැඳුම්කර අමෙරිකානු ඩොලර් බිලියන 14.7ක් අන්තර්ගතබවත් වාර්තා වනවා.

එමෙන්ම බහුපාර්ශ්විකය ණය ප්‍රතිව්‍යුහගත නොකෙරන අතර ද්විපාර්ශ්වික ණයවලින් ඩොලර් බිලියන 10ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමට පසුගිය සතියේ අත්සන් තැබුණා. අනතුරුව ජාත්‍යන්තර බැඳුම්කර අමෙරිකානු ඩොලර් බිලියන 14.7 න් අමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව සහ ණයහිමියන් ඊයේ එකඟතාවකට පැමිණියේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අදියරද සාර්ථක කරගනිමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගණනය කිරීමට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි වසරවලදී වර්ධනය වනු ඇති බවයි මෙම සාකච්ඡාවලදී බැඳුම්කර හිමියන්ගේ ස්ථාවරය වී ඇත්තේ.

යම් එහෙකින් එලෙස වැඩි වේගයකින් මෙරට ආර්ථිකය වර්ධනය වන අවස්ථාවක ණය ගෙවීමේ වාසිය බැඳුම්කර හිමියන්ට ලැබෙන ආකාරයටත් , ආර්ථිකය සංකෝචනය වුවහොත් එහි වාසිය ශ්‍රී ලංකාවට ලැබෙන ආකාරයටත් අවසන් එකඟතාවට එළැඹිය යුතු බවයි ඔවුන්ගේ යෝජනාව වී තිබෙනවා.

ඒ අනුව පැවති සාකච්චා වට තුනකින් පසුව ජුනි මස අගදී දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති අතර ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පුරෝකථනය කරන අන්දමට 2027 වසර වන විට මෙරට දළ දේශීය නිස්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 88.6 ක මට්ටමේ පැවතුණහොත් ශ්‍රී ලංකාවට බැඳුම්කර ණයවලින් 28% ක මූලික ණය කපාහැරීමේ සහනයක් පිරිනැමීමටයි.

යම්එහෙකින් දළ දේශීය නිෂ්පාදිතය IMF පුරෝකථනයට වඩා ඉහළ ගියහොත් ලබා දෙන ණය කපාහැරීම 15% ක උපරිම සීමාවක් දක්වා අඩුවන අතර මෙරට ආර්ථිකය අදාල කාලය තුළ සංකෝචනය වුවහොත් ලබා දෙන ණය කපාහැරීමේ සීමාව 40% දක්වා ඉහළ නැංවෙනවා.