වාහනයේ Dashboard එකෙන් අඟවන අනතුරු සහ සංඥා.
වාහනයක් අතට ගන්න කලින් ඔබ දැනසිටිය යුතුම දෙයක් වාහනයක ඩෑෂ්බෝර්ඩ් එක ගැන. නොදැන driving කරන අයටත්, අලුතින් driving පුරුදු වන අයටත් ඒක ගොඩක් වටිනවා.ඉතින් මේ කියන්න යන්නේ විවිධ ඩෑෂ්බෝර්ඩ් වර්ණ වලින් අඟවන අනතුරු සහ සංඥා මොනවද කියලා.
සාමාන්‍යයෙන් ඩෑෂ්බෝර්ඩ් එක හරියට ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක් වගේ. කොළ, කහ සහ රතු ලයිට්ස් භාවිතයෙන් තමයි ඔබේ වහනයේ හරි වැරදි හඳුනාගන්නේ.
🟢 කොළ වර්ණයෙන් - වාහනයේ පද්ධතිය හොඳින් ක්‍රියාකරයි.
🟡 කහ වර්ණයෙන් - නිවැරදිව ක්‍රියා කරන්නේ නැත. හැකි ඉක්මනින් එය පරීක්ෂා කරන්න.
🔴 රතු වර්ණයෙන් - ඉක්මණින් හා ආරක්ෂිතව වහාම රිය පැදවීම නවත්වන්න. බරපතල ගැටළු ඇත.
Brake Warning Light
🚨 පාර්කින් බ්රේක් වෝර්නින් ලයිට් හෝ බ්රේක් ෆ්ලුයිඩ් වෝර්නින් ලයිට් ලෙසද හඳුන්වනවා.
🚨 පාර්කින් බ්රේක් සම්පූර්ණයෙන් මුදා හැරීමෙන් පසුව හෝ ඔබ රිය පදවන විට මෙම රතු ලයිට් එක දිගටම පත්තුවෙනවා නම්, ඉන් කියැවෙන්නේ බ්රේක් ෆ්ලුයිඩ් මට්ටම අඩු බවයි.
🚨 ඔබේ බ්රේක් ෆ්ලුයිඩ් මට්ටම පරීක්ෂා කරන විදිහ දන්නේ නැත්නම් මෝටර් රථ කාර්මිකයෙකුගේ උදව් ගන්න.
🚨 ABS අනතුරු ඇඟවීමේ ලයිට් එකද දල්වුනොත් බ්රේක් සිස්ටම් එක අක්‍රිය වී ඇති බව සහ වාහනයේ බ්රේක් නිසි ලෙස ක්‍රියා නොකරන බව සංඥා කරනවා. (මෙම අවස්ථාවේ දී Electronic Brake Force Distribution (EBD) වෝර්නින් ලයිට් එකත් දැල්වෙන්න පුළුවන්.
🚨 මේ වෙලාවක වාහනය තව දුරටත් ධාවනය කිරීම සුදුසු නැහැ. වහාම ආරක්ෂිතව වාහනය නවත්වන්න.
🚨 කාගේ හෝ සහය ඇතිව වාහනය ගරාජයකට රැගෙන යන්න.
Engine Temperature Warning Light
🚨 මෙය කූලන්ට් ටෙම්ප්රේචර් වෝර්නින් ලයිට් ලෙසත් හඳුන්වනවා.
🚨 එන්ජිම අධික ලෙස රත් වන විට මෙම ආලෝකය දැල්වෙනවා.
🚨 සමහර වෙලාවට පද්ධතියේ කාන්දුවීමක් නිසාත් මෙය දැල්වෙන්න පුළුවන්.
🚨 එහෙමත් නැත්නම් හෙඩ් ගෑස්කට් failure වීමක් වැනි විශාල ගැටලුවක් වෙන්නත් පුළුවන්.
🚨 මෙම ආලෝකය රතු පාට නම් ඔබ එම මොහොතේම ආරක්ෂිතව වාහනය නැවැත්විය යුතුමයි.
🚨 වාහනයක එන්ජිම රත්වීම පාලනය කරනු ලබන්නේ බොනට් එක යට, ඉදිරිපස බෆර් එකට පිටුපසින් ඇති රේඩියේටරය මගින්.
🚨 වාහනයක් ධාවනය කර නැවැත්වූ වහාම මෙම රේඩියේටරයේ මූඩිය විවෘත කිරීම කරන්න එපා.
🚨 රේඩියේට ටැංකියේ පැත්තේ ඇති මූඩිය විවෘත කර පරීක්ෂා කිරීමට පෙර එන්ජිම සිසිල් වන තෙක් වාහනය නවත්වාගෙන් ඉන්න. එන්ජිම සිසිල් වූ පසු කූලන්ට් මට්ටම අවශ්‍ය පරිදි පුරවන්න.
🚨 කූලන්ට් මට්ටම පරීක්ෂා කරන අතරතුර පැහැදිලි කාන්දුවීම් තිබේදැයි බලන්න.
🚨 එවැනි ලකුණක් නොමැති නම් සහ බල්බය නිවී යන්නේ නම් එය ඔබට ගමන දිගටම යන්න පුළුවන්.
🚨 බැරිවෙලාවත් ආලෝකය නැවත ක්‍රියාත්මක වුවහොත් ගැටලුව හඳුනා ගැනීමට ඔබට එය පරික්ෂා කරවන්නම වෙනවා.
🚨 අධික ලෙස උණුසුම් වූ එන්ජිමක් නිසා වාහනයට සහ ඔබට අනතුරක් සිදු විය හැකියි. ඒ නිසා හැකි හැකි ඉක්මණින් කාර්මික ශිල්පියෙකුගේ සහය ලබාගෙන එය යථා තත්වයට පත් කරගන්න. \
Oil Warning Light
🚨 Low engine oil සහ low oil pressure ආලෝකය ලෙසද හැඳින්වෙනවා.
🚨 oil උෂ්ණත්වය අධික වූ විට හෝ oil මට්ටම හෝ පීඩනය අඩු වූ විට Oil Warning Light දැල්වෙනවා.
🚨 oil මඟින් එන්ජිම ඵලදායී ලෙස ලිහිසි නොකරන විට එය මිල අධික රෙපෙයාර් කිරීමක් හෝ ආපසු සැකසිය නොහැකි එන්ජින් හානියකට හේතු විය හැකියි.
🚨- ඒ නිසා වහාම වාහනය නවත්වා එන්ජිම ක්‍රියා විරහිත කර මෝටර් රථය යටින් oil ලීක් වෙනවද බලන්න.
🚨 ඊට පස්සේ oil මට්ටම chek කරලා අවශ්‍ය නම් oil පුරවන්න.
🚨 වාහනයේ oil level වල ගැටළුවක් නැත්නම් oil පොම්පය දෝෂයක් වෙන්න පුළුවනි. - බල්බය නිවී යන්නේ නම් ගමන දිගටම යන්න පුළුවන්.
🚨 නමුත් ඉන් පසුවත් බල්බය නැවත දැල්වෙනවා නම් අනතුර හඳුනා ගැනීමට වාහනය ගරාජ් එකකට අරන් යන්න. Battery Warning Light - Battery charge light සහ battery charge system light ලෙසද හැඳින්වෙනවා.
🚨 ඔබ රිය පැදවීමේදී මෙම බල්බය දැල්වේ නම් එයින් පෙන්නුම් කරන්නේ බැටරිය චාර්ජ් නොවන බවයි.
🚨 ඊට හේතු ලෙස මෝටර් රථයේ විදුලි පද්ධතියේ ඇති ගැටළුවක් විය හැකියි.
🚨 ඒ වගේම එයට දෝෂ සහිත ඕල්ටර්නේටර් එකක්, දෝෂ සහිත බැටරියක්, ගැටලු සහිත විදුලි සම්බන්ධතාවයක් හෝ හානියට පත් කේබල් වැනි හේතු තියෙන්නත් පුළුවන්.
🚨 බැටරිය අක්‍රීය වන තෙක් ඔබේ මෝටර් රථය සාමාන්‍ය පරිදි ධාවනය කරන්න පුළුවන්.
🚨 නමුත් බැටරිය සම්පූර්ණයෙන් අවසන් වූ පසු ඔබේ මෝටර් රථයේ කිසිවක් ක්‍රියා කරන්නේ නැහැ.
Engine Management Light
🚨‘චෙක් එන්ජින්’ හෝ ECU අනතුරු ඇඟවීමේ ආලෝකය ලෙසද හැඳින්වෙනවා.
🚨 එන්ජින් මැනේජ්මන්ට් ලයිට් පත්තු වීම, බොහෝ විට එන්ජිම නිසියාකාරව ක්‍රියා නොකරන බව කියැවීමේ සංඥාවක්.
🚨 ඇක්සලරේටරය පෑගූ විට බලය නොමැතිකමක් හෝ බලය මදිවීමක් මෙයින් ඇඟවෙනවා.
🚨 මෙම අනතුරු ඇඟවීමේ සංඥාවෙන් ඔබේ emission control system එකේ හෝ catalytic converter එකේ දෝෂයක් වැනි දරුණු ගැටළුවක් වෙන්නත් පුළුවන්.
🚨 ඒ වගේම අඩපණ වූ ඉලෙක්ට්‍රිකල් සෙන්සර් එකක් වැනි කුඩා යාන්ත්‍රික ගැටළුවක් වීමේ සම්භාවිතාවකුත් තියෙනවා.
🚨 චෙක් එන්ජින් ලයිට් එක පත්තු වූ විට ඔබට හැකි ඉක්මනින් එය පරීක්ෂා කර බැලිය යුතු වෙනවා.
🚨 එය මඟ හැරියොත් එන්ජිමට තවදුරටත් හානිවිය හැකියි. Brake Pad Warning Light
🚨 මෙම සංඥාවෙන් පෙන්වන්නේ ඔබේ බ්රේක් පෑඩ් ගෙවී ඇති බවයි.
🚨 සාමාන්‍යයෙන් නම් බ්රේක් පෑඩ් භයානක ලෙස තුනී වීමට පෙර මෙම අනතුරු ඇඟවීමේ ආලෝකය ඔබට පෙන්වනවා.
🚨 ඒ නිසා ඒවා වෙනස් කිරීමට ඔබට යම් කාලයක් ලැබෙනවා.
🚨 නමුත් බ්රේක් පෑඩ්ස් ඔබට හැකි ඉක්මණින් ප්‍රතිස්ථාපනය කළ යුතුයි, මොකද කියනවා නම් බ්රේක් පෑඩ් දරුණු ලෙස ගෙවීයාම අතිශය භයානකයි Electronic Stability Problem
🚨 මෙම අනතුරු ඇඟවීමේ ආලෝකය මගින් ට්‍රැක්ශන් කන්ට්‍රෝලින් පිළිබඳ ගැටළුවක් පෙන්නුම් කරනවා.
🚨 එය දැල්වෙනවා නම් ESP පද්ධතිය නිවැරදිව ක්‍රියා නොකරන බවයි සංඥා කරනවා.
🚨 සිස්ටම් එක අක්‍රිය කර ඇත්නම් ESP ආලෝකය ‘off’ යන වචනයෙන් ආලෝකමත් වෙනවා, එයින් කියවෙන්නේ ඔබ නොදැනුවත්වම එය ක්‍රියා විරහිත කර ඇති බවයි.
🚨 මෙය පරීක්ෂා කිරීම සඳහා එන්ජිම නැවැත්වීමට සහ නැවත ආරම්භ කිරීමට උත්සාහ කරන්න.
🚨 නැවත ආරම්භ කිරීමෙන් පසුවත් ලයිට් එක දිගටම දැල්වේ නම් එය ගරාජයක් වෙත ගොස් පරීක්ෂා කර බලන්න.
Anti Lock Brake System
🚨 ABS කියන්නේ වාහනයක ඉතාමත් වැදගත් ආරක්ෂිත අංගයක්.
🚨 එමඟින් ඔබට හදිසියේ නැවැත්වීමට අවශ්‍ය වූ විට හෝ ලිස්සන සුළු මාර්ග වැනි දුෂ්කර රිය පැදවීමේ තත්වයන්වලදී උපකාරී වෙනවා.
🚨 ABS වෝර්නින් ලයිට් ක්‍රියාත්මක වන්නේ නම් තවමත් සාමාන්‍ය බ්රේක් වාහනයේ තිබිය යුතුයි.
🚨 ඒ නිසා ඔබේ ගමන දිගටම කරගෙන යාම ආරක්ෂිතයි.
🚨 නමුත් ඔබ අනිත් වාහන සමඟ ආරක්ෂිත දුරක් පවත්වා ගන්න, අමතර සැලකිල්ලක් දක්වන්න.
🚨 හැකි ඉක්මනින් එය පරීක්ෂා කරගන්න.
🚨 එය බ්රේක් වෝර්නින් ලයිට් සමඟ පැමිණෙනවා නම්, බ්රේක් සිස්ටම් එක ෆේල් වී ඇත් බව සංඥා කරනවා. Low Tire Pressure Warning Light - අලුත් මාදිලිවල (බොහෝ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථවල වගේ) ටයර් පීඩන මොනිටරින් සිස්ටම් සවි කර තිබෙනවා.
🚨 එමඟින් ටයර් පීඩන අඩුවන විට ඔබට දන්වනු ලබනවා.
🚨 මෙය කාලයත් සමඟ සිදුවිය හැකියි, නැත්නම් ටයර් පන්චර් වීමක් නිසා සිදුවිය හැකියි.
🚨 මෙවැනි අවස්ථාවක පරිස්සමින් රිය පැදවිය යුතු අතර ලැබෙන පළමු අවස්ථාවේදීම ටයර් ප්‍රෙශර් එක ඉහළ නංවා ගැනීමට උත්සහ කරන්න.
🚨 අඩු ටයර් පීඩනය අනාරක්ෂිත රිය පැදවීමේ තත්වයන්ට හේතු විය හැකියි. Power Steering Warning Light - EPS හෝ EPAS වෝර්නින් ලයිට් ලෙසද හැඳින්වෙනවා.
🚨 මෙම අනතුරු ඇඟවීමේ ආලෝකය පෙන්නුම් කරන්නේ පවර් ස්ටියරින් හා සම්බන්ධ ගැටළුවක් ඇති බවයි.
🚨 මෙම ගැටළුව විසඳීම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සිස්ටම් සඳහා නම්, පරිගණකයක් රිබූට් කිරීම තරම් සරල වෙන්න පුළුවන්.
🚨 නැවැත්වීමට ආරක්ෂිත ස්ථානයක් සොයාගෙන මෝටර් රථය ක්‍රියා විරහිත කර තත්පර 30 කට පසු නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්න.
🚨 බල්බය තවදුරටත් දැල්වී තිබේ නම් පරීක්ෂා කර බැලීමට වාහනය රැගෙන යන්න වෙනවා.
Air Bag Warning Light
🚨 Supplemental Restraint System (SRS) ලෙසද හඳුන්වනවා.
🚨 මෙම බල්බය රතු පැහැයට හැරෙන විට එයින් අදහස් වෙන්නේ එයාර් බෑග් ආරක්ෂණ පද්ධතියේ අඩුම තරමින් එක් එයාර් බෑග් එකක් හෝ නිවැරදිව ක්‍රියා නොකරන බවයි.
🚨 සමහරවිට එයාර් බෑග් පද්ධතියම නිවැරදිව ක්‍රියා නොකරන බව සංඥා කරන්න පුළුවන්.
🚨 ෆ්රන්ට් පැසෙන්ජර් ඔක්යුපේෂන් ක්ලැසිෆිකේෂන් සිස්ටම් (එයාර් බෑග් එක ආරක්ෂිතව ක්‍රියාත්මක වීම සඳහා ඉදිරිපස මගියාගේ බර සහ පිහිටීම හඳුනා ගන්නේ මෙමඟිනි) හෝ සීට් බෙල්ට් ප්රෙටෙන්සර් සිස්ටම් (එය අනතුරකදී සීට් බෙල්ට් එක තද කරයි) යන සිස්ටම් එකක ගැටලුවක් මෙමඟින් දක්වනවා.
🚨 මේ එයා බෑග් සිස්ටම් එක අත්‍යවශ්‍ය දෙයක් නිසා අදාල ලයිට් එක ක්‍රියාත්මක වෙද්දී ඔබ එය පරික්ෂා කර බලන්න.
Doors Open
🚨 ඔබේ වාහනයේ දොරවල් නිවැරදිව වැසි නොමැති බව සංඥා කරයි.
🚨 දොරවල් වැසි තිබියදීත් ආලෝකය පෙන්වනවා නම් සංවේදක වල ගැටලුවක් තිබෙන අතර හැකි ඉක්මණින් කාර්මිකයෙකු ලවා සාදවා ගන්න.
Low Fuel
🚨 වාහනයේ ඉන්ධන අවම තත්වයක තිබෙන බව කියන්නේ මේ සංඤාවෙනි.
🚨 මෙම සලකුණෙන් කියවෙන්නේ දැනට වාහනේ ඇති ඉන්ධන ඉතා සිමිත ගමනකට පමණක් ඉතිරිව ඇති බවත් ඉක්මනින් ඉන්ධන පිරුවුම් හලකට ගොස් නැවත ඉන්ධන ලබාගන්නා ලෙසත්ය.
🚨 එහිදී වාහන වර්ගය අනුව මෙම ඉතිරිව තිබෙන ඉන්ධන පරිමාව වෙනස් වෙයි.
🚨 මෙම සංඥාව වාහනය පණගන්වන විට ආලෝකමත් වී පසුව නිවි යනවා නම් හෝ කඩින් කඩ ආලොකමත් වේ නම් මේ බල්බ් එක සම්බන්ධ ගැටලුවක් තිබිය හැකියි.එය සුදුසු කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරගන්න.
Diesel Particulate Filter Warning Light
🚨 ඔබට තිබෙන්නේ ඩීසල් වාහනයක් නම්, පිටවන වායු අංශු පෙරණයේ ගැටළුවක් ඇත්නම් මෙම ලයිට් වලින් එකක් දැල්වෙනවා.
🚨 මෙමඟින් සිදුවන්නේ විමෝචනය අඩු කිරීම සඳහා පිටාර වායූන්ගෙන් හානිකර දෑ ඉවත් කිරීමයි.
🚨 ෆිල්ටරය අපද්‍රව්‍ය නිසා අවහිර වී ඇති බව මේ ලයිට් එකෙන් ඇඟවෙන්න පුළුවනි.
🚨 එම අවස්ථාවේදී ඇක්සලරේටරය පාගන සෑම අවස්ථාවකම විෂ සහිත කළු දුමාරයක් මුදා හැරීම මෙන්ම අවහිර වූ ෆිල්ටරයක් සමඟ ධාවනය කිරීමෙන් ඔබේ වාහනය වඩාත් බරපතල හානියක් සිදුවෙන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |